කාර් සහ වාහන

ලංකාවට ගෙන්වීමට අවසර දෙන Electric Vehicles (EVs)

ලංකාවේ බහුතරයක් කතා කරන වාහනයක් ගැන තමයි අපි ඔබට කියන්නේ.ඉලෙක්ට්‍රික් කාර්(electric car) ගැන නොදන්නා කෙනෙක් නැති තරම්. ඛනිජ තෙල්(fuel) වෙනුවට එන්ජිම(engine) ලෙස විදුලි මෝටර් මගින් ක්‍රියා කරන කාර් ඉලෙක්ට්‍රික් කාර් (electric car)විදිහට සරලව අපිට හඳුන්වන්න පුලුවන්. ඉලෙක්ට්‍රික් කාර් , විදුලියෙන් දුවන වාහන (EV -“electric vehicle”) ඛාණ්ඩයට තමයි අයිති වෙන්නේ.ඛනිජ තෙල්(fuel) අද වන විට සීග්‍රයෙන් අහිමිවී යන සම්පතක්.ඒ වගෙම ඛනිජ තෙල් රට තුළ සීමිත වෙන වේලාකට එම අවස්ථාවන්ට මුහුණ දෙන එකත් දැඩි දුෂ්කරයි කියලා අපි දැන් අත්දැකීමෙන් දන්නවා. ඉලෙක්ට්‍රික් කාර් (electric Car) පරිසර හිතකාමී(eco-friendly වාහනයක් කියලත් හඳුන්වනවා. අනවශ්‍ය ශබ්ද, රත්වීම් නොමැති නිසා ද, විවිධ පරිසර වාර්ථා (vehicle emission test) අනවශ්‍ය නිසාද බොහෝදෙනෙක් දැන් ඉලෙක්ට්‍රික් කාර් (electric Car) කෙරෙහි යොමුවෙලා තියෙනවා.

ඉලෙක්ට්‍රික් වාහන(electric vehicle) සඳහා ලෝක වෙළඳපොලහි ස්වභාවය

Elon Musk අයත් Tesla සමාගම මේ වන විට ලොව දියුණුම ලෙක්ට්‍රික් කාර්(electric car) නිෂ්පාදනය කරන සමාගම බවට පත් ව සිටිනවා. කෙසේ නමුත් වාහන වැඩිවශයෙන් ලෝකයට අපනයන(export) කරමින් සිටි රට ලෙස හැදින්වුනේ ජපානයයි. නමුත් චීනය(china), ජපානය(japan) අභිබවමින් සිය ඉලෙක්ට්‍රික් වාහන ලෝකයටම වැඩියෙන් අපනයනය(export) කරන ප්‍රමුඛම රට බවට පසුගියදා පත් වුණා.ඒ තම නිෂ්පාදන වැඩිවශයෙන් රුසියාව ඇතුළු රටවලට අපනයනය (export)කරමින්. චීනය ගෙවුණු මාස තුනෙහි පමණක් ලක්ෂ දහය ඉක්මවු වාහන ප්‍රමාණයක් අපනයනය (export) කර තිබෙනවා.ජපානය අපනයනය (export) කර තිබෙන්නේ ලක්ෂ අටකට ආසන්න වාහන ප්‍රමාණයක් පමණි.

ශ්‍රි ලංකාවේ ඉලෙක්ට්‍රික් කාර්(electric car) වෙළඳපල

ලංකාව තුළ ඉලෙක්ට්‍රික් වාහන භාවිතයට මේ වෙද්දී පවතින ඉල්ලුමෙහි වර්ධනයක් දකින්න පුලුවන්.ඒකට හේතුව තමයි මෙරටට වාහන ආනයනය සීමා කලත් පසුගිය වසරේ සිට ඉලෙක්ට්‍රික් කාර් ගෙන්වීම සඳහා පහසුකම් සපයන්න ශ්‍රී ලංකා රජය කටයුතු කළා.විදෙස් රටක් ජිවත්වන,රැකියා කරන හෝ ද්විත්ව පුරවැසිභාවය දරන ඕනෑම ලාංකීකයෙකු මේ සඳහා මුලික සුදුසුකම් සපුරනවා.ඒ අනුව මෙරටට නීත්‍යානුකූල ක්‍රම ඔස්සේ විදේශ විනිමය(foreign remittance) එවන ලාංකීයන් හට ඉලෙක්ට්‍රික් වාහනයක්(electric vehicle) මෙරටට ගෙන්වීම සඳහා අවශ්‍ය වන බලපත්‍රයක්(vehicle permit) නිකුත් කරනවා.මසකට ඇමරිකානු ඩොලර් 3,000ක් හෝ ඊට වැඩි මුදලක් ඔබ ඒවා ඇත්නම් විද්‍යුත් යතුරුපැදියක්ද (electric motorcycle)ඇමරිකානු ඩොලර් 20,000ක් හෝ ඊට වැඩි මුදලක් ඒවා ඇත්නම් සහ එවන ලද මුදලින් 50%ක් රුපියල් බවට පරිවර්තනය කර ඇත්නම් ඉලෙක්ට්‍රික් කාර්(electric car) එකක් ආනයනය (import)කිරීම සඳහා බලපත්‍රයක්(vehicle permit) හිමි වෙනවා.

විදෙස්ගතව සිට ඔබ නිවැරදි ක්‍රම ඔස්සේ මෙරරට විදේශ විනිමය(foreign remittance) එවන අයෙකු නම් ඉලෙක්ට්‍රික් වාහනයක්(electric vehicle) ආනයනය සඳහා බලපත්‍රයක් ලබා ගැනීමට අපේක්ෂා කරනවා නම් වැඩිදුර තොරතුරු මෙතැනින් ලබා ගත හැකිය.

ඉලෙක්ට්‍රික් වාහන භාවිතය රටතුළ වැඩි කරන්න නම්…

Petrol shed වෙනුවට EV charging station

වාහන import කරන්න අවසර දෙනවා වගෙම ඊට ආදාළ පරිසරයක් රට තුළ නිර්මාණය විය යුතුමයි.නැතිනම් බලාපොරොත්තු වෙන ඉලක්ක අපිට කිසිම දිනක ජයගන්න බෑ. ලංකාවේ සෑම ප්‍රදේශයකම පාහේ petrol shed හා සමානව electric vehicles charging hub ඇති කරන්න කටයුතු කළ යුතුයි.ඔබ දන්වාද මේ වෙද්දී ජපානයේ petrol shed වලට වඩා වැඩිපුර තියෙන්නේ charging stations.ඒවායින් බොහෝමයක් ප්‍රධාන විදුලයෙන් ක්‍රියාත්මක වන අතර ඔවුන් සමහර ස්ථාන වලට සුර්ය පැනල(solar panel) භාවිත කරනවා. මේ තාක්ෂණය පිළිබඳ හරිහැටි අවබෝධයක් අරගෙන අපේ රටේත් මෙය ප්‍රවර්ධනය කිරීම කළ යුතුයි.ඉලෙක්ට්‍රික් කාර් භාවිත කරන අයට අවශ්‍ය පහසුකම් රට තුළම නිර්මාණය කර දිය යුතුය.

EVSE ports

එක වරකට එක් වාහනයක් පමණක් නොව වාහන කිහිපයක් ගැටලුවකින් තොරව charge කර ගැනීමේ අවස්ථාව මහජනතාවට උදාකළ යුතුය.අදටත් ලංකාවේ ඉලෙක්ට්‍රික් වාහන භාවිත කරන පිරිස් මේ ගැටලුවට මුහුණ දෙමින් සිටී.ඒ සඳහා charging station EVSE port යෙදිම කළ යුතුයි.

Electric Vehicle (EV) Market in Sri Lanka

Electric Vehicle (EV) මිළ ගණන්

මුල් කාලයේදී ඉලෙක්ට්‍රික් කාර්(electric car) මිල අධික වුනත් ලොව පුරා අලෙවි වීමත් සමග මේ වෙද්දී ලංකාවේ වෙළඳපලේ පවා සාමාන්‍ය මෝටර් රථ වල මිලටම හෝ ඊට වඩා අඩුමිලට මිලට ගැනීමේ හැකියාව තිබෙනවා. ඔබ විදේස් ගත වී නම් ඉන්නේ රජය ලබා දුන්න ඒ අවස්ථාව මගහැරගන්නත් එපා.සාමාන්‍ය ඛනිජ තෙල් සඳහා අධික පිරිවැයක් දරන්න සිදු වෙන නිසා ඉලෙක්ට්‍රික් කාර්(electric car) වලට යන වියදම අවම බැවින් මෙම සහන දී ජනතාව එය කරා යොමු කිරීමට ගන්න උත්සහයට අපේ සහයෝගත් ලබා දිය යුතුයි.පරිසරයට සිදුවන හානියත් අවමයි.

ඉලෙක්ට්‍රික් කාර්(electric car) වල තාක්ෂණයත් තවත් ඉස්සරහට දියුණු වෙන නිසා ඉලෙක්ට්‍රික් කාර්(electric car) එකක් ගන්න අපි වැඩි වශයෙන් උනන්දු විය යුතුය.

Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Back to top button
Close
Close