උපදෙස් සහ මාර්ගෝපදේශරැකියා සහ සේවා

ලංකාවේ  හොඳම  ජොබ් වේකන්සි හොයාගන්නේ කොහොමද?

ඔබත් හොඳ ජොබ් එකක් හොයා ගන්න උත්සහ කරන කෙනෙක්ද? තමන්ට හරියන ගැලපෙන ජොබ් එකක් නැතුව පසු තැවෙනවද? ඔබ  සොයන්නේ Part time ජොබ් එකක් උනත් Full time ජොබ් එකක් උනත්, මේ Article එකේ අපි මේ කතා කරන tips භාවිතා කලොත් ඔයාලටත් අනෙකුත් අයදුම් කරුවන් අභිබවා හොඳ ජොබ් එකක් ඉක්මනින් ලබා ගන්න ඇති අවස්ථාව වැඩි කර ගන්න පුළුවන්.

හොඳ ජොබ් වේකන්සි  

අද වෙද්දී පහසුවෙන්ම, ඕනෑම කෙනෙකුට, තමන්ගේ ගෙදර ඉඳන්ම ජොබ් වේකන්සි හොයාගන්න පුළුවන්. පත්තර වල දැන්වීම් පල වෙනකන් නොඉඳ, අද ඕනෑම කෙනෙක්ට ඉන්ටෙර්නෙට් හරහා, නොයෙකුත් ආකාරයේ රැකියා පුරප්පාඩු සඳහා වූ දැන්වීම් හොයාගන්න අවස්ථාව තිබෙනවා. 

මේ සඳහා අද වන විට ජෝබ්  වෙකන්සි සඳහාම වෙන් වූ Websites බොහෝ ප්‍රමාණයක් තිබෙනවා. IkmanJOBS වැනි Websites සමග ඕනෑම ක්ෂේත්‍රයක රැකියා අවස්ථා පහසුවෙන් සොයා ගැනීමට ඔබට හැකියාව තිබෙනවා. Ikman සමග ඔබට පහසුවෙන්ම, Part time හා Full time රැකියා අවස්ථා වෙන් කොට ඒ ඒ ක්ෂේත්‍රයට අදාලව දක්වා ගැනීමේ හැකියාව තිබෙනවා.

ඔබට සුදුසු වෘත්තීය මාවත තෝරා ගන්න 

ඔබට සරිලන රැකියාව කුමක්ද කියා ඔබට අදහසත් නොමැති නම්, පළමුවෙන්ම, ඔබගේ කුසලතා, දක්ෂතා සහ සුදුසුකම් සලකා බලා ඒ අනුව රැකියා අවස්ථා සලකා බැලීම සුදුසු වෙනවා. ඔබට රැකියාවක් සොයා ගැනීමේදී ඔබ මුලින්ම සොයා බැලිය යුත්තේ ඔබේ රුචිකත්වයන්, කුසලතා සහ අත්දැකීම්. ඒවා පදනම් කරගෙන  නිශ්චිත වෘත්තීය මාවතක් පිලිබඳව ඔබට  තීරණය කළ හැකී.

Job Seeker Profile එකක් හදන්න

පල කොට ඇති රැකියා සදහා අයදුම් කිරීමට අමතරව, ඔබට. ikmanJOBS වැනි  ස්ථාන වල රැකියා අපේක්‍ෂකයින් සඳහා වූ අංශය තුල, ඔබගේ Profile එක පළකිරීමෙන් පුරප්පාඩු සහිත සමාගම් වල අවධානය දිනා ගැනීමේ හැකියවක් තිබෙනවා. මෙහි දී ඉතාම වැදගත්, හොඳ Profile එකක් නිර්මාණය කිරීම.

හොඳ CV එකක් හදාගන්න 

ඕනෑම  සේවා යෝජකයෙක් සම්මුඛ පරීක්ෂණයකට සුදුසු අයදුම් කරුවන්  තීරණය  කරන්නේ ඔබේ CV එක බැලීමෙන් පමණි. ඔබ සතුව හොඳ CV  එකක්  නැතිනම්, ඔබ දක්ෂයෙක් උවත්, ඔබට රැකියාව අවස්ථාව පවා අහිමි විය හැකිය! මෙම නිසා, හොඳ වෘත්තීයමය CV එකක් නිර්මාණය කිරීමෙන් අනතුරුව රැකියා වලට අයදුම් කිරීම අරඹන්න.

ජොබ් වේකන්සි 2021 

ඔබ සොයන්නේ උසස් පෙළ සමතුන්ට සඳහා වූ හෝ පෞද්ගලික රැකියාවක් හෝ  වේවා හොඳ ජොබ් වේකන්සි සොයා ගන්නවා වගේම, ඒවාට ඔබ අයදුම් කරන  ආකාරයත් වැදගත් වෙනවා. එම නිසා සෑම විටම නිවැරදි දත්ත සැපයීමට මෙන්ව ඒවා නිවැරදි ආකාරයෙන් ඉදිරිපත් කොට, සම්මුඛ පරීක්ෂණයකට සුදුසු කම් ලබා ගැනීම ඔබේ පළමු අරමුණ විය යුතුයි. ඉන් පසුව, නිවැරදි ආකාරයෙන්, ආකර්ශනීය ලෙස, සම්මුඛ  පරික්ෂණයේදී තමන්ව ඉදිරිපත් කිරීමත්, බඳවා ගන්නන්ගේ සාධනය දිනා ගැනීමට අවශ්‍ය වෙනවා.


FAQs:

හොඳ  Part Time ජොබ්ස් හොයා ගන්නේ කොහොමද?

Part time ජොබ්ස් හොයා ගන්න විදිය දැන ගන්න මෙම ලිපිය(How to Find Good Part-Time Jobs in Sri Lanka?) කියවන්න.

හොඳ CV එකක් හදා ගන්නේ කොහොමද?

CV එකක් හරියට හදාගන්න ආකාරය කියවන්න මේ ලිපිය (How to write a good CV to land an interview?)බලන්න.

2021 ලංකාවේ හොඳම ජොබ්ස් මොනවද?

2021 වර්ෂයේ ලංකාවේ හොඳම ජොබ් පිළිබඳව දැන  ගන්න මෙම ලිපිය(2021’s 10 Top Jobs in Demand in Sri Lanka) කියවන්න.

Virtual Interview එකක් කරන්නේ කොහොමද?

Virtual Interview එකක් හරියට කරන විදිය දැන ගන්න, මේ ලිපිය(How to prepare for a virtual interview?) කියවන්න.

හොඳ රැකියා අවස්ථා සොයාගන්න හොඳම Websites මොනවද?

ලංකාවේ බොහෝදෙනෙක් ජොබ්ස් හොයා ගන්න පාවිච්චි කරන Ikman.lk.

ලංකාවේ හොඳම ජොබ්ස්(Jobs in Sri Lanka 2021) පහසුවෙන්ම සොයා ගන්න ඔබත් අදම Ikman.lk වෙත පිවිසෙන්න.

Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Back to top button
Close
Close