සුරතල් සතුන් සහ සතුන්

ලැබ්ඩ‍්‍රඩෝ – පක්ෂපාතීත්වයේ ඉතිහාසය

මිනිසුන් බල්ලෙකු මිලදී ගැනීමට සොයද්දී බොහොවිට සොයනුයේ Labrador retrievers වර්ගයේ බල්ලෙක්ය. මෙම වර්ගයේ ඉතිහාසය කිර්තිමත් අතිමහත් වන අතර අනුවර්තනීය සහ මිත‍්‍රශිලි සුරතල් බල්ලෙකි.

මුලාරම්භය
ඇමරිකානු කෙනල් ක්ලබ් එක අනුව Labrador වර්ගය පැවත එන්නේ නිව්ෆවුන්ලන්ඞ් හි සිටි St. John’s Water Dog වර්ගයෙන් වන අතර දඩයමට සහ මාළු බෑම සඳහා ඔවුන් දක්ෂයන් ලෙස යොදා ගෙන ඇත. කෙසේ වෙත් නව්ෆවුන්ලන්ඩි හි පැවති නිරෝධායක නිතියත් බල්ලාන් සඳහා යොදන ලද අතිමහත් බඳු නිසාත් මෙම වර්ගය අයිතිකර තබා ගැනිම පිරිහෙමින් ගොස් තිබේ.

Labrador ගේ තත්වය ඔවුන්ගේ ප‍්‍රමුඛස්ථානය පෙන්නුම් කරයි. පසුව මෙම වර්ගය නිව්ෆවුන්ලන්ඞ් වල සිට බි‍්‍රාන්‍යට ගෙන ගොස් Labrador වර්ගය වර්ධනය කරන ලදී. අද දවසේදී වර්ගය 1978 දක්වා ඈතට විහිද යන අතර ඔවුන්ගේම වර්ගයක් ලෙස ස්ථාපිත වී ඇත්තේ එංගලන්ත කෙනල් ක්ලබ් අනුව 1903දී වන අතර ඇමරිකානු කෙනල් ක්ලබ් එක අනුව 1917දිය.

මොවුන්ගේ මුලාරම්භක වර්ගය දඩයම සඳහා වර්ධනය වුවද මිනිසාගේ ලගම මිත‍්‍රයා ලෙස විවිද චරිත ගණනාවක් Labrador විසින් ගෙන හැරපායි. එනම් සේවාවන් වශයෙන් සොයා බැලීම් සහ ගලවා ගැනීම්, බෝම්බ සහ මත්ද්‍රව්‍ය අනාවරණය කර ගැනීම්, අන්ධ සහ කායිකව දුර්වල පුද්ගලයන් හට සහාය වීම සහ ළමා රෝහල් වල තෙරපි සුනඛයෙකු වශයෙන්ද ක‍්‍රියාකරයි.

භෞතික ලක්ෂණයන්
Labrador සතුව කෙටි ද්විගුණ වැස්මක් පවතියි. මුදුණතම වැස්ම ඝණ වන අතර ගොරෝසු සහ ජලය ඉවත් කර තබන පහත වන මවිල් මගින් සීත උෂ්ණත්වයකදී සහ සුවපහසු නොවන මතුපිටකදී සත්වයාට ආරක්ෂාව සළසා දෙයි. දෙවන ස්ථරය විවිධ උෂ්ණත්ව තලයන්හි පිහිනිමේදී සත්වයාව උණුසුම් කිරිමට තිබේ.
කළූ Labrador ආරම්භය 1880 වරෂයේදී පමණ වේ. කහ පැහැති Labrador , වර්ණ පරාසයන් වන සිදු සිට බටර්ස්කොට්ච් පැහැය දක්වා විහිද ඇති වර්ගය 1899 දක්වා විශේෂත්වය නොගෙන ඇත. චොකලට් පැහැති Labrador වර්ගයන් 1930 දක්වා වැඩි අවධානයක් දිනා නොගෙන ඇත.

සුනඛ වර්ගය තරමක් විශාල වර්ගයක් ලෙස හªනාගෙන ඇති අතර ඔවුන්ගෙන් පිරිමි සත්වය බර රාත්තල් 65 සිට 80 දක්වා වන අතර ගැහැණු සත්වයා බර රාත්තල් 55 සිට 70 දක්වා වේ. උස හිස දක්වා අ`ගල් 21 සිට 24 දක්වා වන අතර එයද උත්පත්තිය සහ ස්ත‍්‍රි පුරෂ භාවය මත පදන්ව පවතියි.
හැසීරීම සහ චිත්ත ස්භාවය

Labrador වර්ගයන්ගෙ අති සුවිශේෂි තත්වය නම් ඔවුන් සතුව ඇති චිත්ත ස්භාවයයි. නිදහස්කාමි බව, බුද්ධිමත්බව, එළිපහළියේ හැසිරිමේ දක්ෂතාව වැනි අංශයන් විසින් ක‍්‍රියාශිලී සුරතලෙකුගේ අවශ්‍යතාවයේ පසුවෙන්නෙකුට කදිමට ගැලපෙයි. මෙම වර්ගය නිතරම යම් කාර්යයක නිතරව සිටිය යුතු සහ සමාජය සම`ග සම්බන්ධ කර තැබිය යුතු වන අතර නැතහොත් මොවුන් කම්මැලි සහ කලබලකාරි තත්යන් පෙන්නුම් කරයි. මොවුන්ගේ ක‍්‍රියාශිලි ශක්තිමත් භාවය විසින් කුතුහලය, ආරක්ෂාව සහ උද්යෝගිමත් ස්භාවය ගෙන එයි. තනිව මානසික සහ කායික ව්‍යායාමයන් නොමැති තැන් හිදි මොවුන් අස්වාභාවික හැසීරිම් පෙන්නුම් කරනුයේ ඔවුන් සතු ශක්තිය වැය කර ගැනිම උදේසාය. නිතරම වර්ගයේ සුනඛයින් යම් කාර්යයක නිරතව තැබිය යුතු අතර එමගින් ඔබට සමබර සුරතලෙකු ලබා ගැනිමට පිළිවන.
සෞඛය සහ ආයු අපේක්ෂාව

සාමන්‍යය ලෙස Labrador වර්ගයන්ගෙ අති සුවිශේෂි තත්වය නම් ඔවුන් සතුව ඇති චිත්ත ස්භාවයයි. නිදහස්කාමි බව, වර්ගයේ සුනඛයෙකු හට අවුරුදු 10ත් 12ත් අතර ආයුකාළයක් සතුවේ. Labrador බලූ පැටවුන් ඉතා සෞඛ්‍ය සම්පන්ව පිහි වෙන අතර එමගින් හොඳ ආයුකාළයක් ඔහුට උරුම වේ. ශාරීරික ක‍්‍රියාකාරකම්, හොඳ ආහාර වේල් සහ ඔබින බරකින් යුක්ත වීම හොඳ තත්වයේ ජිවිතයකට බලපායි. Labrador ශකිත්මත් වර්ගයක් වන නමුදු පශු වෛද්‍යවරයා විසින් ඔවුන්ගේ සෞඛ්‍ය තත්වය නිතර සොයා බැලිය යුතු වෙනවා. පොදු සෞඛ්‍ය ගැටළුන් වන උකුලූ දුර්ව්කාර්්‍ය, සන්ධිප‍්‍රදාහය සහ අනෙකුත් ආබාධයන් Labrador හට වැළදීමට පිළිවන. කෙසේ වෙතත් හොඳ උත්පාදනයක් සහ හොඳ රැුකබලා ගැනීමක් තුලින් මෙම ත්වයන් අවම කර සෞඛ්‍ය සම්පන්න සුරතලෙකු ඔබට හදා වඩා ගැනීම හැකිය.

සුනඛයින් විකිණිමට
බලූ පැටවුන් විකිණිමට ඇති අවස්ථාවන් හිදී තත්වයක් ඇති බලූ පැටවුන් වඩා වැදගත් වේ. ලූහුඩු දැන්වීම් මගින් බලූ පැටවුන් සොයා ගැනිමට හැකි අතර හෝ බලූ පැටවුන් සිටියි නම් ඔබට දැන්විමක් යොදා අත්‍යවෙශ්‍ය අය වෙත දැණුම් දීමක් සිදු කළ හැකිය. ශ‍්‍රි ලංකාවේ ඇති www.dogslanka.com වෙබ් අඩවිය මගින්ද සුනඛ අයිතිකරුවන් හට වැදගත් වන තොරතුරු රාශියක ගෙන එයි.

වර්ගය වර්ථාවක් මගින් කර ඉදිරිපත් කළ යුතු වන අතර හෝ අවම වශයෙන් ඔවුන්ගේ දෙමාපියන් ඉදිරිපත් කළ යුතු වේ. බලූ පැටවුන්ගේ සෞඛ තත්වය හා පෙනුම වරක් ඔවුන්ගේ දෙමාපියන් දුටු පමනින් අනුමාන කළ හැකි තත්වයක් වේ. විකිණිමට ඇති සුනඛයින්ගේ පැහැදිලි ඇස්, පිරිසිදු කන් සහ පිරිසිදු සමක් තිබිය යුතුය. ද්‍රව ගලන ඇස්, ගඳ ගසන කන් සහ ලොම් නැති හෝ පැල්ලම් සහිත සමක් මගින් සත්වයා සතුව යම් සෞඛය ගැටළුන් ඇති බව විදහාපායි.

සුනඛයෙකු රැුකබලා ගැනීම
සුනඛයකු රැුකබලා ගැනීම පුර්ණ කාළින ක‍්‍රියාවක් වන අතර විශේෂයෙන්ම මෙම වර්ගය සඳහා එය ස්ථිර වේ. වර්ය පිරිස් සම`ග ගැවසීමට වඩා කැමති අතර එමනිසාම යම් වේලාවකදී ඔවුනට තනිව සිටිමට පුරුදු කළ යුතු වනවා. බලූ පැටවුන් සඳහා කෙටි පුහුණු කිරිම් වඩා යෝග්‍ය වේ. නිතර ක‍්‍රිඩා කිරිම් මගින් අයිති කරු සහ සුරතලා අතර හොඳ අවබෝධයක් සහ විශ්වාසවන්තකමක් ගොඩ නැගීමට උපකාරී වේ. ලොකු බල්ලන් සඳහා දිනපතා ව්‍යායාම් අවශ්‍ය වේ. Labradors වර්ගය ක‍්‍රම චර්යාවට මනා ලෙස ප‍්‍රතිචාර දක්වන අතර සහ ආහාර ගැනීම හෝ ඇවිදීමට යෑම වැනි සමාන්‍ය සිද්ධින් සඳහා ඉක්මණින් ඉදිරිපත් වේ. ඒ අතරම ඔවුන් සතු හැකියාවන් පමා ලෙස හඳුනාගෙන ඇති මෙම වර්ගය ඕනෑම අවස්ථාවකට ඒ අනුව හැඩ ගැසිමේ හැකියාව මොවුනට තිබේ. හොඳ සෞඛය තත්වයක් තබා ගැනිම සත්වයාට සතුටක් ගෙන එන අතර ඔවුන් නිසි පරිදි පිරිමැදිම මෙයින් ප‍්‍රමුඛ වේ. බොහෝ විට වර්ගයන් හට කනේ ආබාධයන් ඇතිවිමේ ප‍්‍රවණතාවයක් ඇත්තේ කන් තුල වන තෙත් සහ උණුසුම් වාතාරණය නිසාවෙනි. ඔවුන්ගේ ආරක්ෂවා සඳහා ඇසීම අත්‍යාවශය සාධකයන් වන නිසාවෙන් එවැනි අබාධයන් ඇති වු විගස ඒ පිළිබඳව අවධානය යොමු කරන්න.

නිතර පිසදැමි සහ පීරිම අත්‍යවශයෙන් සිදු කළ යුතු වන්නේ ඔවුනගේ සම හොඳ තත්වයෙන් තබා ගැනිමට හා ලොම් නිසි පරිදි සැකසි තිබිමටය. හොඳ මුඛ සෞඛක් මගින් ඔවුන්ගේ දත් මනා කොට තබා ගැනිමට උපකාරි වේ. සමහර අස්ථින් සහ සෙල්ලම් බඩු එලෙස ඔවුන්ගේ දත් ශක්තිමත්ව හා නිරෝගිව තබා ගැනිමට උපකාරි වේ. නියපොතුද නිතර කොට කළ යුතු වන අතර ඒවා ඉරිතැලීම් හෝ කැඩි යාම වැළක්විය යුතු වේ.

සුරතලෙකු වශයෙන් බල්ලෙක් තබා ගැනිම හෙිතෂිභාවය සහ පක්ෂපාතීත්වය Labradors මගින් අයිතිකරුවන් මට පිරි නමයි. ඔවුන් නිතර මිනිසුන් සම`ග එක්ව සිටිම පුරුදුව සිටින දැඩි සම්බන්ධතාවයක් අවශ්‍ය අයෙකුට මනාව ගැලපෙයි. ඔවුන්ගේ හැකියාවන් මගින් අවශ්‍ය ඕනෑම ජිවිත චර්යාවකට හුරුවිමට දක්ෂතාවයක් පෙන්නුම් කරන අතරම දඩයම් කිරිම, ක‍්‍රියාශිලිත්වය, පිහිනිම වැනි කාර්යයන්ට මැනවින් දක්ෂ වේ. ඔවුන්ගේ සුහදභාවය පවුලේ සැමගේ ආදරය දිනා ගැනිමට රුකුල් වේ.

Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Back to top button
Close
Close