ikman

විද්‍යුත් වාණිජ (e-commerce) කටයුතු නියාමනය කිරීමට විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරයි

අන්තර්ජාල විකුණුම්කරුවන්ගේ (online sellers) ක්‍රියාකාරකම් නියාමනය කිරීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය (Consumer Affairs Authority) විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඕනෑම භාණ්ඩයක් අලෙවිකරණයේ සහ විකිණීමේ යෙදී සිටින ඊ-වාණිජ්‍ය ආයතන හෝ විකුණුම්කරුවන්, ගනුදෙනුවක පූර්ව මිලදී ගැනීම (pre-purchase), මිලදී ගැනීම (purchase) සහ පසු මිලදී ගැනීම (post-purchase) යන අදියර තුන යටතේ නිශ්චිතව දක්වා ඇති ඕනෑම ක්‍රියාකාරකමක් සිදු කිරීමේදී ගැසට් නිවේදනයේ දක්වා ඇති කොන්දේසිවලට අනුකූල විය යුතු බව එහි සඳහන්.

පෙර-මිලදී ගැනීමේ (pre-purchase) අදියරේදී, ඊ-වාණිජ්‍ය ආයතන හෝ විකුණුම්කරුවන් සාධාරණ ව්‍යාපාර, ප්‍රචාරණ සහ අලෙවිකරණ භාවිතයන් (advertising and marketing practices) පිළිපැදීම අවශ්‍ය වේ. ඔවුන් කිසියම් භාණ්ඩයක් ප්‍රචාරණය කිරීමේදී තොරතුරු වසන් කිරීමක් හෝ කිසියම් රැවටිලිකාර, නොමඟ යවන හෝ තරඟකාරී විරෝධී ක්‍රියාවක නිරත වීමෙන් වැළකිය යුතුය.

සියලුම ඊ-වාණිජ්‍ය ආයතන සහ විකුණුම්කරුවන් පාරිභෝගිකයන්ගේ පුද්ගලික දත්ත රැස් කිරීමේදී, ඒවායේජවිනිවිදභාවය සහ දත්ත ආරක්ෂාව සහතික කරන ලද පුද්ගලිකත්ව ප්‍රකාශයක් (privacy statement) පාරිභෝගිකයන්ට යැවිය යුතුය.

මිලදී ගැනීමේ අදියරේදී (purchase stage), පාරිභෝගිකයින්ට ඔවුන්ගේ ඇණවුම තහවුරු කිරීමට පෙර (order details before confirmation) එහි සාරාංශයක් සමාලෝචනය කිරීමට අවස්ථාවක් ලබා දිය යුතුය.

පාරිභෝගිකයන් (buyers) මිලදී ගනු ලබන භාණ්ඩ සඳහා ඔවුන් ගනුදෙනු කිරීමට (transaction) තෝරාගත් උපාංගය (device) හෝ වේදිකාව (platform) සමඟ ගැළපෙන ගනුදෙනු පිළිබඳ සවිස්තරාත්මක සහ නිවැරදි වාර්තාවක් තබා ගත යුතුය.

විනිවිදභාවය සහතික කිරීම සඳහා, මිල (සියලු ගාස්තු ඇතුළුව), ඕනෑම අනිවාර්ය හෝ විකල්ප ගාස්තු, ගෙවීම් ක්‍රම, බෙදා හැරීමේ නියමයන් (delivery terms), මුදල් ආපසු ගැනීමේ (refund) සහ අවලංගු කිරීමේ ප්‍රතිපත්ති (cancellation policies), වගකීම් (warranties), ඇපකර (guarantees), පෞද්ගලිකත්ව ප්‍රතිපත්ති (privacy policies) සහ ආරවුල් විසඳීමේ විකල්ප (dispute resolution option) විස්තර කරමින් ලදුපතක් (receipt) නිකුත් කළ යුතුය.

පාරිභෝගිකයින්ට ඇණවුම් අවලංගු (order cancellation) කිරීමේ අයිතිය ලබාදිය යුතු බවත්, මිලදී ගත් භාණ්ඩ හා සම්බන්ධ ආරක්‍ෂිත ගැටළු විසඳීමට පාරිභෝගිකයින්ට සහය විය යුතුය යන්නත් ගැසට් නිවේදනය මගින් අවධාරණය කර නියෙනවා.

සම්පුර්ණ ගැසට්ටුව කියවන්න.

Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Back to top button
Close
Close