විනෝදාංශ සහ ක්‍රිඩා

වෙනස් වර්ගයේ පෞරාණික ගෘහ භාණ්ඩ සහ වර්ථමාන නැඹුරුතාව

වෙනස් වර්ගයේ පෞරාණික ගෘහ භාණ්ඩ සහ වර්ථමාන නැඹුරුතාව
ඉපැරණි, සම්භාවනීය කොටස් සදාකාලික ලෙස පෙන්නුම් කළ හැකි නමුදු පෞරාණික භාණ්ඩ මිලදි ගැනීමට සහ විකිණිමට ආසාවෙන් සිටින ඕනෑම කෙනෙකු යථාර්තය තුලදී අළුත්ම විලාසිතාවන් වලින් ඉහළින්ම සිටිය යුතු වේ. 1965 දි තිබුණු රත්තරන් කවිච්චිය ලැබුණනද එය පෞරාණික භාණ්ඩ මිලදී ගැනීමේදී මෙන්ම විකිණිමේදී වැදගත් වන කරුණු කිහිපයක් පහත දැක්වෙන අතර එමගින් ඔබ අළුත්ම විලාසිතාවන් 2014 දක්වාම අවබෝධයක් ලබා දිම පිළිබඳව සැළකිලිමත් වේ.

විලාසිතාවේ ඇත්තේ කුමක්ද හා නැත්තේ කුමක්ද යන්න නිශ්චය කරන්න
මුලිකවම ඔබ විසින් තිරණය කළ යුත්තේ ඔබේ නිවසට ඇතුලත් විය යුතු විලාසිතාව කුමක්දැයි යන්න තීරණය කිරිමය. ශ‍්‍රි ලංකාව තුල මිනිසුන් ලෝකය පුරා පවතින සංස්කෘතීන්ගේ විව්ධාංගයේ වෙනස්කම් සහිත විලාසිතාවන් භාවිතා කරයි. තවත් විකල්පයකනම් ඔබේ දේශිය පළාතට සම්බන්ධිත අතිප‍්‍රමුඛ විලාසිතාවන් භාවිතා කළ හැකිය. ස`ගරා මගින්, රූපවාහිනි දැන්වීම් ම`ගින් සහ විවිධ අන්තර්ජාලීය වෙබ් අඩවි මගින් නවීන විලාසිතාවන් පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට උත්සුක වන්න. ඔබ මාධ්‍ය තුලින් නැවත නැවත යම් දෙයක් ප‍්‍රචාරය වන බව ඔබ දුටුවහොත් එය අතිප‍්‍රබල ජනප‍්‍රියතාවයකින් යුක්ත විය හැකිය.

නවීන, වැඩි ජනප‍්‍රියතාවක් ඇති නිවාස සහ නිර්මාණ පිළිබඳව ඔවුන්ගෙන විමසා දැනගන්න. ඔබ කැමති ප‍්‍රංශ විලාසිතාවන්ට හෝ නිව් යොර්ක් නගරයේ ඉහළ නැගනහිර පැත්තේ විලාසිතාවන්ටද? මෙම සුවිශේෂි දැක්ම සහ විලාසිතාව කිසිකලෙක මැලවී හෝ ඉවත්ව යන්නේ නැත. House Beautiful, Houzz වැනි අන්තර් ජාලය මගින් ඉහළ අන්තයේ ඇති වෙබ් අඩවි සහ බොලොග් අඩවි සොයා බැලීම මගින් තප්පරයෙන් තප්පරය වෙනස් වන අළුත්ම විලාසතාවන් ඔබට සොයා ගැනීමට පිළිවන. යුරෝපියානු වෙබ් අඩවි මගින් අතිවිශිෂ්ට ගෘහ නිර්මාණ ශිල්පය හෝ අංශක 360 නිවාස චාරිකාව යෙදිම සොයා බලන්න. සමස්ථයකත් වශයෙන් ඔබ විදේශිය හෝ දේශිය රසස්වාදයකට කැමැති නම්, ඔබට හා ඔබේ කොන්දේසීන් වලට වඩා යෝග්‍ය වන්නේ කුමක්දැයි හඳුනා ගැනිමට කාළය ගැනිම මගින් නවීනතම විලාසිතාවන් ක‍්‍රියාවට නැංවිය හැකිවේ.

පෞරාණික කොටස්
ඔබ කොහේ ජිවත් වුවද 2014දී සරල කලබල නොවු කුඩා විලාසිතාවන්බවට පත්ව තිබේ. ඔබ පෞරාණිකත්වයට කැමතිද? මෙමගින් අදහස් කරනුයේ ඔබ මිලදී ගැනීම් සඳහා වෙළඳපල සොයා බලන විටදී භෞතිකව කුඩා කොටස් සොයා බැලීම මගනි විලාසිතාවට අනුකූලවිය හැකි බවය. සාම්ප‍්‍රදායික පෞරාණික භාණ්ඩ සාමාන්‍යයෙන් විශාල සහ බරැුති විය හැකි අතර සාමන්‍යයෙන් මේසයක් එය සොෆා කට්ටලයට අනෙක් පසින් තබනු වෙනුවට කුඩා ප‍්‍රමාණයේ මේසයක් සොයා බැලීමෙන් එය සොෆා කට්ටලයට ඉදිරි පසින් කෝප හෝ තේ මේසයක් ලෙස තැබිය හැකි වේ. සාමාන්‍යයෙන් කුඩා ප‍්‍රමාණයේ මේසය හෝ කැබිනෙට්ටුවක් සතුව ලාච්චු හෝ තට්ටු ඇති අතර එහි ඔබේ නිවසේ භාණ්ඩ හෝ මෝස්තර තැම්පත් කර තැබිමට සුදුසු වේ.

කුඩා පෞරාණික කොටස් තබා ගැනිමේ තවත් එක් වාසියක් වනුයේ එමගින් හොඳ ඉඩකඩක් පෙන්නුම් කරන නිසාය සහ එමගින් ඔබේ කාමරයේ සත්‍ය යථාර්තයට වඩා ව්ශාලත්වයක් පෙන්නුම් කරයි. ඔබ කැමතිම පෞරාණික කොටස් තැබිමට ඉඩකඩක් නොමැතිනම් ඔබ විසින් කාළාතුරකිනි භාවිතා කරන භාණ්ඩ විකුණා දැමිමට හෝ පරිත්‍යාග කිරිමට කාළය පැමිණ ඇත. ශ‍්‍රි ලංකාව තුල ගෘහ භාණ්ඩ සඳහා විශාල වෙළඳ පලක් තිබේන අතර සැබවින්ම පෞරාණික භාණ්ඩ ඕනෑ තැනකින් සොයා ගැනීමේ පහසුව තිබේ.

භාවිතා කරන ලද ප‍්‍රකාශිත කොටස්
නවීන විලාසිතානුකූලව ඔබ විසින් කුඩා පෞරාණික කොටස් භාවිතා කිරිමේදී ඒ සම`ග සම්මිශ‍්‍රව යම් ප‍්‍රකාශිත භාණ්ඩ ප‍්‍රමාණයක් යෙදීම වැදගත් වේ. මෙම කොටස තරමක සවිස්තරාත්මක සංකිර්ණව, විශාල සහ මිල අධික විය හැකිය. එයින් එක් අංගයක් නම් කෑම මේයයි. කුඩා මේසයක් විශාල පවුල් එකතුවීමට සෑහෙන්නේ නැති විය හැකිය. විශාල ඝණ ලීයෙන් තනන ලද සවිස්තරාත්මක කැටයම් සහිත විලාසිතාව අද දවසේ නවතමයයි. එවැනි කොටසක් එක් කර ගැනිමෙන් ඔබේ මොස්තරයන්ට හා වර්ණ සංකිර්ණයටද වෙනසක් එක් කරයි.

තවද ඔබ සතුව ගෘහ භාණ්ඩ විකිණිමට ඇති නම් ඔබට අනෙක් අයගේ විකිණිමට ඇති ගෘහ භාණ්ඩ සම`ග හුවමාරුවකටද පැමිණිය හැකිය. පෞරාණික භාණ්ඩ විකිණිමේදී නවීනතම විලාසිතාවන් දැන සිටිම මගින් එබට විශාල මුදල් ප‍්‍රමාණයක් ඉපැයීමේ හැකියාව තිබේ. යම් කැමැත්තක්, තත්වයක් හෝ චරිතයක් නැති පෞරාණික භාණ්ඩයක් මිලදී ගැනිමට කැමති වන්නේ කවුරුන්ද?
ඔබ විසින් මතක තබා ගත යුතු අවසාන කරුණ නම් කාමරයේ එක් ප‍්‍රමුඛ විශාල කොටසක් තැබිම යනු අනෙක් කොටස් කුඩා හා අඩු විස්තර සහිත විය යුතු අතර එසේ නැතිවුවහොත් කාමරය පිරුණු හා හැඩි වු ස්භාවයකින් දිස්වේ.

පෞරාණික භාණ්ඩ මිලදී ගන්න
සුන්දර ශ‍්‍රී ලංකාවේ ජිවත් විමේදි ඇති සුවිශේෂිතාවය නම් එහි පිහිටිමය. ඉතා පහසුවෙන් විවිධ සංස්කෘතීන් සහ රටවල් වලට පහසුවෙන් ගමන් කිරිමට එහි පිහිටිම නිසා හැකිය. එමනිසා ඔබට වෙනස් වු විදේශිය රටකින් පෞරාණික භාණ්ඩ මිලදී ගැනීමට හැකියාව පවතින නිසාවෙන් විවිධ වු වෙනස් සංස්කෘතින්ගේ විලාසිතාවන් ඔබේ නිවසට ඇතුලත් කර ගැනීම ඉතා පහසු ක‍්‍රියාවකි.

චීන මල් බඳුනක් හෝ සැබෑ අප‍්‍රිකානු චිත‍්‍රයක් මිලදී ගැනීම පිළිබඳ අවධානය යොමු කරන්න. පෞරාණික වටිනාකමකින් යුත් යම් භාණ්ඩ ඔබට අමතර මුදලක් වැය කළද එමිගන් ඔබේ නිවසට අද්විතිය ස්භාවයක් ගෙන එයි. එමෙන්ම ඔබ විසින් කුඩා ගෘහ භාණ්ඩ සහ බිත්ති සැරසිලි මුලීක ගෘහ උපකරණ අසල එල්ලා තැබිම මගින් කාමරයේ ස්ථායිතාවය වඩා ඔප්නැංවී පෙනෙයි. මෙැවනි ආයිතම් විසින් අත්ශොක්තියකින් තොරව ආලෝකයක් ගෙන දීමට සමත් වේ.
ඔබගේ මුලික ගෘහ භාණ්ඩ ලා පැහැයෙන්, දුඹරු පැහයෙන් හෝ සුදු පැහැයෙන් යුතු ලී වලින් තිබේ නම් වර්ණ ඔබගේ අවකාශයේ එහේ මෙහේ විසිරිවීමට බිය නොවන්න. මුලික්වම අවකාශය පිරවීමේදී එකට යන වර්ණ තුනකින් භාවිතා කිරිම මගින් සංවිධානත්මකබවින් සහ පුරණයකින් යුක්ත බවකින් දැක්වේ. නිදසුනක් ලෙෂ තදපැහැති උණුසුම් වර්ණ වන රතු, තැඹිලි සහ කහ පැහැය එලෙස එකට යන වර්ණයන් වන අතර සහ සෑම විටම විලාසිතානුකුලව ඇත. ඔබේ පෞරාණික භාණ්ඩ එම පැහැයන් හා යන වර්ණයන්ගෙන් තැබීම මගින් මනෝහර, ඔපයෙන් සහ විලාසිතානුකුලව තැබීමට ඔබ සමත් වනු ඇත.

ඔබ විසින් ඔබට අවශ්‍ය විලාසිතාව තිරණය කළ පසු ඔබටම අනන්‍ය වු විලාසිතාවක් සෑදිම ක‍්‍රියාවට නංවන්න. ඔබ වෙබ් අඩවිය හරහා පෞරාණික භාණ්ඩ මිලදි ගැනීමට සුදානම් වේ නම් සෑම විට පැහැදිලි ඡුායාරූපයන් හා නැවත ගෙවිමේ ක‍්‍රමවේදයන් පිළිබඳව විකිණුම්කරුගෙන් විමසා සිටින්න. ඔබ අන්තර්ජාලයෙන් හෝ වෙළඳපලින් පෞරාණික භාණ්ඩ මිලදී ගැනීමට පෙර ඔබ විසින් ඒ සඳහා වන නියම අවකාශම මැනුම් කර ඇති බවට සැළකිලිමත් වීම මගින් එය නියමාකාරයෙන් සෑහෙන බව ඔබ කල් තියා දනියි. පෞරාණික භාණ්ඩ මිලදී ගැනිම විනෝදය, දැණුම මෙන්ම ඔබේ නිවස විලාසිතානුකුලව තැබිමට සමත් වනු ඇත.

Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close
Close