කාර් සහ වාහන

ශ්‍රී ලංකාවේ මිල අධිකම මෝටර් රථ 05ක්

වාහනයක් කියන්නේ අපි හැමෝගෙම හීනයක්. වාහනයකින් වෙන්නේ අපේ ගමන් බිමන් පහසු වෙන එක. හැබැයි පුද්ගලයන්ගේ විවිධ අවශ්‍යතා සඳහා වෙනස්ම විදියේ Cars මේ වෙනකොට නිර්මාණය වෙලා තියෙනවා. ඒ Cars අතරින් සමහර ඒවා නම් අපිට ගන්න තියා හිතන්නවත් අමාරුයි. ඉතින් අද අපි ඔයාලට කියන්න හදන්නේ ශ්‍රී ලංකාවේ තියෙන මිලෙන්ම අධිකම මෝටර් රථ 5 ගැනයි.

Lamborghini Aventador SVJ ROADSTER

ශ්‍රී ලංකාවේ ඇති මිල අධිකම මෝටර් රථය වන්නේ Lamborghini Aventador SVJ ROADSTER මෝටර් රථයයි. මේ මෝටර් රථය 2017 අවුරුද්දේදී limited edition එකක් විදියට ඉතාලියේදී තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. සිලින්ඩර් 12ක V 12 engine එකක් සහ brake horsepower 759කින් බලගැන්වුණු Lamborghini Aventador SVJ ROADSTER රථයේ උපරිම වේගය පැයට කිලෝ මීටර් 350ක් වෙනවා. ඉතින් ශ්‍රී ලංකාවේ මිල අධිකම මෝටර් රථයේ තීරු බදු රහිත වටිනාකම රුපියල් කෝටි 13.3ක්.

දැනට ලංකාවටම Lamborghini Aventador SVJ ROADSTER මෝටර් රථ එකක් විතරයි තියෙන්නේ.

Bentley Mulsanne Hallmark

ශ්‍රී ලංකාවේ මිල අධිකම මෝටර් රථ වලින් දෙවැනි ස්ථානය හිමි කරගන්නේ Bentley Mulsanne Hallmark මෝටර් රථයයි. ඉතින් ලෝකයටම Bentley Mulsanne Hallmark මෝටර් රථ තියෙන්නේ 50ක් විතරයි. ඉතින් මේ මෝටර් රථ 50න් දකුණු ආසියාවට තියෙන්නේ එක මෝටර් රථයක් විතරයි. විශේෂම දේ තමයි එම මෝටර් රථය තියෙන්නේ ශ්‍රී ලංකාවේ කෝටිපති ව්‍යාපාරිකයෙක් වෙන ධම්මික පෙරේරා සතුවයි.

2017 වර්ෂයේ නිෂ්පාදිත Bentley Mulsanne Hallmark මෝටර් රථය ශ්‍රී ලංකා මුදලින් තීරු බදු රහිත වටිනාකම රුපියල් කෝටි 13ක් වෙනවා. සිලින්ඩර් 8ක V8 engine එකක් සහ brake horsepower 530කින් බලගැන්වුණු මේ මෝටර් රථයේ උපරිම වේගය පැයට කිලෝමීටර් 300යි.

Lamborghini Aventador

2014 වර්ෂයේ ඉතාලියේ නිෂ්පාදිත Lamborghini Aventador මෝටර් රථය තමයි ශ්‍රී ලංකාවේ මිල අධිකම මෝටර් අතරින් තුන්වෙනි ස්ථානය හිමි කරගන්නේ. සිලින්ඩර් 12ක V 12 engine එකක් සහ brake horsepower 700කින් බලගැන්වුණු මෙම මෝටර් රථයේ උපරිම වේගය පැයට කිලෝමීටර් 350ක් වෙනවා. ලංකාවටම එකක් තියෙන Lamborghini Aventador රථය ශ්‍රී ලංකා මුදලින් තීරු බදු රහිත වටිනාකම රුපියල් කෝටි 12.5ක්.

Rolls Royce Ghost ​

ශ්‍රී ලංකාවේ මිල අධිකම මෝටර් රථ අතරින් හතරවන තැන හිමි කරගන්නේ 2016 වර්ෂයේ එංගලන්තයේ නිෂ්පාදිත Rolls Royce Ghost ​කියන මෝටර් රථය. සිලින්ඩර් 12ක V 12 engine එකක් සහ brake horsepower 563කින් බලගැන්වුණු මෙම රථයට පුලුවන් පැයට කිලෝමීටර් 300ක වේගයෙන් ගමන් කරන්න. ශ්‍රී ලංකා මුදලින් තීරු බදු රහිත වටිනාකම රුපියල් කෝටි 9.6ක් වෙන Rolls Royce Ghost ​මෝටර් රථ කීපයක්ම ලංකාව තුළ දැනට තියෙනවා.

McLaren 720S

2018 වර්ෂයේ නිෂ්පාදිත McLaren 720S මෝටර් රථය තමයි ශ්‍රී ලංකාවේ මිල අධිකම මෝටර් රථ වලින් 5වන තැන හිමි කරගන්නේ. සිලින්ඩර් 8ක V8 engine එකක් සහ brake horsepower 710කින් බල ගැන්වුණු මේ මෝටර් රථයේ උපරිම වේගය පැයට 340kmක්.

ශ්‍රී ලංකා මුදලින් තීරු බදු රහිත වටිනාකම රුපියල් කෝටි 8.7ක් පමණ වෙන McLaren 720S මෝටර් රථයෙන් ශ්‍රී ලංකාවටම තියෙන්නේ එකක් විතරයි. මේ තමයි දැනට ලංකාවේ තියෙන මිල අධිකම මෝටර් රථ 5. ශ්‍රී ලංකාවට මේ මෝටර් රථ ගෙන්වීමේදී බදු මුදල් වල වටිනාකමත් එකතු වුණාම තවත් මිල වැඩි වෙනවා. කොහොම හරි ඉදිරියට ලංකාවේ මේ වගේ වටිනා මෝටර් රථ බලාගන්නත් පුලුවන් වෙයි.

Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Back to top button
Close
Close