ගෙදරදොර උපකරණ

ශ්‍රී ලංකා Furniture market 2023

සෑම කෙනෙක්ටම ඇත්තේ ඔවුනොවුන්ටම අනන්‍යවූ ජීවන රටාවන් වන අතර අද ලෝකයේ තමන්ගෙම වූ ජීවන විලාසිතාවක් ගොඩනංවාගන්න තිබෙන තේරීම්ද සීමා රහිතයි. ඒ නිසාම, විවිධ ගෘහභාණ්ඩ විලාසිතා නිර්මාණය වීමේදී ඒ ඒ සමාජ කණ්ඩායම්වල ආභාසය බෙහෙවින් බලාපා ඇත. නිදහස් සුවය දැනෙන නිවසක් නිර්මාණය කරගැනීමේදී ඔබේ අවශ්‍යතාවයන්, විලාසිතාවන්  සහ ඉඩකඩ ප්‍රමාණය අනුව නිවැරදි ගෘහභාණ්ඩ තෝරාගැනීම වැදගත් වන්නෙ ඒ නිසයි.

ශ්‍රී ලංකාවේ විශාලතම වෙළඳපොළ වන ikman වෙනුවෙන්, අපි රටේ ගෘහ භාණ්ඩ අංශය පිළිබඳ වැදගත් කරුණු කිහිපයක් එකතු කර ඇත්තෙමු.  ඒ අනුව ශ්‍රී ලංකාවේ ගෘහ භාණ්ඩ වෙළඳපොලේ වර්තමාන තත්ත්වය මෙන්ම වර්තමාන ගෘහ භාණ්ඩ පිරිවැය පිළිබඳ තොරතුරු පහත පරිදි වේ.

Furniture Market – දළ විශ්ලේෂණය

ශ්‍රී ලංකාවේ ගෘහ භාණ්ඩ වෙළඳපොල සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ දේශීය වෙළඳපොලෙන් ලබා ගන්නා අමුද්‍රව්‍ය මත ය. ප්‍රසිද්ධ තේක්ක, මහෝගනී, කළුවර, කොස්, කළු මැදිරිය, බුරුත වැනි දැව වර්ග දේශීය වෙළඳපොල විසින් සපයනු ලැබේ.

ශ්‍රී ලංකාවේ ගෘහභාණ්ඩ වෙළඳපොලෙන් 95%ක් පුද්ගලික අංශයේ සමාගම් සතුය. රාජ්‍ය දැව සංස්ථාවේ ගෘහ භාණ්ඩ සඳහා වෙළඳපල කොටස 1% ක් පමණි.

වෙළඳපල සමීක්ෂණයකට අනුව, ශ්‍රී ලංකාවේ ගෘහ භාණ්ඩ කර්මාන්තයේ ප්‍රධාන චලනය වන්නේ ගෘහාශ්‍රිත ගෘහ භාණ්ඩයි. ගෘහ භාණ්ඩවලින් 43%ක් නිදන කාමර ගෘහ භාණ්ඩවලට අයත් වේ. ගෘහ භාණ්ඩවලින් 27%ක් මේස සහ පුටුවලින් සමන්විත වන අතර 15% විසිත්ත කාමර ගෘහභාණ්ඩවලට අයත් වේ. නිෂ්පාදකයන් 15 කට හිමිකම් කියන ශ්‍රී ලංකාව පුරා විහිදී ඇති ප්‍රදර්ශනාගාරවල තිබෙන ගෘහභාණ්ඩවලින් 65% කට වඩා වැඩි ප්‍රමාණයක් තේක්කවලින් සාදන ලද ඒවාය. 15%ක් මහෝගනී වලින්ද, 11%ක් බුරුතෙන්ද, 7.5%ක් පමණ අනෙකුත් දැව වර්ග වලින්ද සාදා ඇත.

ගෘහ භාණ්ඩවල තත්ත්වය අනුව ikman හි පළවන furniture ads

Furniture by Condition
Furniture by Condition

Online ගෘහභාණ්ඩ වෙළඳාමට සහ කුඩා හා මධ්‍යම ප‍රිමාණයේ ව්‍යාපාර ikman හා සම්බන්ධ වීමට ස්තුති වන්ත වන්න ගෘහ භාණ්ඩ වෙළඳපොලේ සංඛ්‍යාලේඛන දැන් වඩාත් විශ්වාසදායක වී ඇත.

ikmanහි පළකර ඇති දැන්වීම්වලින් 17% ක් පමණ භාවිත කරන ලද ගෘහ භාණ්ඩ වන අතර නව ගෘහ භාණ්ඩ වෙළඳ දැන්වීම් 83% ක් පමණ වේ.

ikman හි ගෘහභාණ්ඩ දැන්වීම්: සාමාජිකයින් සහ සාමාජිකයන් නොවන

 

Mobiles by Membership Status
Mobiles by Membership Status

ikman කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යාපාර ඇතුළුව සියලුම ආකාරයේ ව්‍යාපාරවලට අන්තර්ජාලය හරහා දියුණු වීමට උපකාර කිරීම පිණිස සාමාජික පැකේජයක් පිරිනමයි. ikman හි සාමාජිකයෙකු ලෙස ලියාපදිංචි වීම ඔවුන්ගේ ව්‍යාපාරික අපේක්ෂාවන් ඉහළ නංවනු ඇත.

ikman හි සාමාජිකයින් ශ්‍රී ලංකාවේ නවතම ගෘහ භාණ්ඩ අලෙවි කරන ව්‍යාපාර වේ. එබැවින් ඔබ උසස් තත්ත්වයේ ගෘහභාණ්ඩ මිලදී ගැනීමට බලාපොරොත්තු වන්නේ නම්, ikman යනු ඒ සඳහා ඔබ තෝරාගත යුතු නිවැරදිම තැනයි.

ගෘහ භාණ්ඩ අවශ්‍ය හෝ අලෙවි කරන කෙනෙකුට, ikman භාවිතා කිරීමෙන් ඔවුන්ගේ විකුණුම් ඉහළ නැංවිය හැකිය. තවද, ශ්‍රී ලංකාවේ බොහෝ ඊ-වාණිජ්‍ය වේදිකා මෙන් ikman කොමිස් මුදලක් අය නොකරන බැවින්, ඔබේ විකුණුම් පිරිවැය සැලකිය යුතු ලෙස අඩු වේ. මෙමගින් ගෘහ භාණ්ඩ විකුණුම්කරුවන්ට ගෘහ භාණ්ඩ වෙළඳපොලේ තරඟකාරී වාසියක් ලබා ගැනීමට ඉඩ සැලසේ.

ikman හි පළකර ඇති සියලුම ගෘහභාණ්ඩ වෙළඳ දැන්වීම් වලින් 77% කට වඩා සාමාජිකයින් විසින් පළ කර ඇති අතර ඉතිරි 23% සාමාජිකයින් නොවන අය විසින් පළකර ඇති බව ඉහත රූපයෙන් පෙන්වා දෙයි.

ප්‍රදේශය මත Furniture ads

Furniture by Location
Furniture by Location

රටේ අගනුවර සහ ප්‍රමුඛතම වාණිජ මධ්‍යස්ථානය ලෙස, ikman ගෘහ භාණ්ඩ ප්‍රචාරණ අවකාශයෙන් 80% කට වඩා වැඩි ප්‍රමාණයක දැන්වීම් පළකර ඇත්තේ කොළඹ දිස්ත්‍රිකය ආශ්‍රිතව ය. දෙවනුවට, ගම්පහ දිස්ත්‍රිකය මුළු ගෘහභාණ්ඩ දැන්වීම්වලින් 12%ක් හිමිකරගෙන සිටී. මහනුවර, කළුතර සහ ගාල්ල පිළිවෙලින් තුන්වැනි සිට පස්වන ස්ථානය තෙක් සිටී. 

ඔබට පෙනෙන පරිදි පිට පළාත්වල ව්‍යාපාර හැකියාව වැඩි අතර ප්‍රමාණවත් විකුණුම්කරුවන් නොමැති ගැනුම්කරුවන් සිටියි. ඔබ කළ යුත්තේ විකුණුම් වැඩි කරගැනීම සඳහා ඔබේ දැන්වීම ikman හි පළකිරීමයි.

ගෘහ භාණ්ඩ වර්ගය මත පදනම් වූ Furniture ads

Furniture by Type
Furniture by Type

වසංගතය සහ ආර්ථික පසුබෑම ගෘහ භාණ්ඩ ව්‍යාපාරයට නොයෙකුත් බාධක ගෙනවිත් ඇතත්, ikman වැනි අන්තර්ජාල වෙළඳපලවල් furniture market එක යථා තත්ත්වයට පත් කිරීමේ මාවතට ගෙන යාමට උපකාරී වී ඇත.

නිදන කාමර ගෘහභාණ්ඩ, මේස සහ පුටු, විසිත්ත කාමර ගෘහභාණ්ඩ, සහ රාක්ක සහ පැන්ට්‍රි කැබිනට්, පිළිවෙලින් අපගේ සමස්ත දැන්වීම්වලින් විශාලතම ප්‍රතිශත ලබා ගෙන ඇත.

ශ්‍රී ලංකාවේ ඉහළම ගෘහභාණ්ඩ සන්නාම

ශ්‍රී ලංකාවේ ගෘහභාණ්ඩ වෙළඳපොළ පිළිබඳ නිරීක්ෂණ කිහිපයක් විසින් furniture ව්‍යාපාර සාර්ථකව කරගෙන යන සුප්‍රසිද්ධ සන්නාම කිහිපයක් හඳුනාගෙන ඇත. 2022 සිට අපගේ දත්ත භාවිතා කරමින්, ikman විසින් පහත සඳහන් පරිදි ඉහළම ගෘහභාණ්ඩ සන්නාම හඳුනාගෙන ඇත:

අනෙකුත් සන්නාම මෙසේ ය:

  • දොන් කැරෝලිස්
  • සින්ගර්
  • සොෆ්ට්ලොජික්
  • ඊ එච් කුරේ
Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Back to top button
Close
Close