ගෙදරදොර උපකරණ

ශ‍්‍රි ලංකාවේ දී ගෘහ උපකරණ අඩු මිලට මිලදි ගැනිමේ ක‍්‍රමය

අළුත්ම උපකරණ සිත් ඇඳගන්නා සුළු අතරම තරමක් මිලෙන් අධිකය. කෙසේවෙතත් සමහර අවස්ථාවන් වලදී පෙනුම සහ අවශ්‍යතාවය මත වියදම යන කාරණය යටපත් වේ. ඔබේ අතේ ඇති මුදලට සරිලන පරිදි ගෘහ උපකරණ මිලදී ගැනීම සඳහා ඔබ විසින් සිදු කළ යුත්තේ කුමක්ද. එය සිදු කරන්නේ කෙසේද? සහතික ලෙසම එය මුදුන් පත් කර ගැනීමට තරමක් අපහසු පියවරක් වුවද සැළසුම්සහගතව සහ උපායමාර්ගීකව ඔබට අඩු මිලට ගෘහ උපකරණ මිලදී ගැනීමට හැකිවේ. ඔබේ අතේ ඇති මුදලට සහ ඔබ කැමති ගෘහ උපකරණයන් එම මිලට මිලදී ගන්නා ආකාරයන් පිළිබඳ හොඩුවාවන් කිහිපයක් ඔබේ උපකාරය පිණිස පහත වේ.

ප‍්‍රදර්ශණ මාදිලීන් මිලදී ගන්න – වෙළඳපලේ ප‍්‍රදර්ශණාගාර මාදිල් තිබේන අතර ඒවා වට්ටම් පිලකට ලබා ගැනිමට පිළීවන. මෙම ප‍්‍රදර්ශණ මාදිලින් හසුරවනු ලබන්නේ පාරිභෝගිකයින් විසින් වන අතර සහ එය අළුත් ලෙස සැළකිල්ලක් නොදක්වයි. කෙසේවෙතත් මෙම ප‍්‍රදර්ශණ මාදිලීන් අලූලා පමණක් ඇති අතර භාවිතා කර නොමැති බව පැහැදිලිය. එමනිසා පරිභෝගිකයන් හට එය වට්ටම් මිලකට ලබා ගැනීමේ හැකියාව ඇති අතර එය අළුත් උපකරණයකට වඩා ලාභ වේ. ප‍්‍රදර්ශණ මාදිලියන් මිලදී ගැනිමේදි මේ දක්වා ඇති මාදිලයක් හෝ උපකරණයක් ලබා ගැනිම අපහසු වේ.

බාහිරව අඩුපාඩුකම් ඇති මාදිලින් – අඩු දෝෂ සහිත මාදිලින් පිළිබව විමසිලිමත්වන්න. ශීතකරණයන් වැනි ප‍්‍රබල උපකරණයන්ගේ ඇති සමහර දෝෂ මගින් උපකරණයේ මිල අඩු කළ හැකිය. එම එම බාහිරව පවතිනි දෝෂය හඳුනා ගත් විට ඔබට එහි කළමනාකරුට කතා කර එය පෙන්වු විට ඔබ මිල අඩු කර ගත හැකි මට්ටමක සිටියි. පළමුව ඔබේ ගණනට සරිලන මිල තීරණය කරන්න. උපකරණයේ දෝෂ සහිත තත්වය පැහැදිලි කරමිල අඩු කිරිම සාධාරණ මන්දැයි පැහැදිලි කරන්න. උත්සහ කර බලන්න, උපකරණයේ හෝ මාදිලියේ බාහිර දෝෂ නිවැරදි ලෙස පෙන්නුම් කර දැක්වීම මගින් ඔබගේ කැමැත්තට සරලන පරිදි සිදුවිමට ඔබ පුදුමයට පත්වේව්.

නිදසුනක් ලෙස ඔබ විසින් උසස් මාදිලියේ ශීතකරණයක් මිලදී ගැනීමට තිරණය කරයි. සාමාන්‍යයෙන් සිදුවන්නේ ඔවුන් ෆැක්ටරියේ සිට ප‍්‍රදර්ශණගාරයට ගෙන එන විට එකක් හෝ දෙකක් භෞතිකව බාහිර දෝෂ ඇතිවෙයි. එම දෝෂය උපකරණයේ ක‍්‍රියාකාරිත්වයට බලපෑමක් සිදු නොකරන නමුදු එහි පෙනුමට බලපෑමක් සිදුවේ. එහි දොරේ හෝ පැත්තේ බිත්තියෙහි නින්නාද නගන ශබ්දයක් නැගෙයි නම් එය පෙන්නුම් කර කළමණාකාරීත්වයට මිල පහත හෙලීම පිළිබඳව කතා කිරිමට පෙර වට්ටම් මිල ගණනය කර ගන්න.

මිශ‍්‍ර-තුලනය – ඔබ නිවසට අවශ්‍ය ගෘහ උපකරණ මිලදී ගැනීම සඳහා පැමිණ ඇති විටක ඔබට එකම නිෂ්පාදිතයේ භාණ්ඩ මිලදී ගැනිමට උවමනාවක් නැත. ඔබ කැමැති වර්ගගකින් වෙළඳපලේදී තොරා ගැනිමට පිළිවන. මෙහිදි වැදගත් වනුයේ ඔබේ අතේ ඇති මුදලට උපකරණ මිපදී ගැනිමත් ඔබේ සාක්කුවට එයි හානියක් නොවිමට වගබලා ගැනීමත්ය. උදාහරණයක් ලෙස ඔබට විවිධ නිෂ්පාදිතයන්ගෙන් ශිතකරණ සහ මික්‍රෝවේව් උඳුන් මිලදී ගත හැකිය. නිවසේ විද්‍යුත් ගෘහ උපකරණ ඔබ විසින් එකම වෙළඳනාමයෙන් තෝරා ගත යුතු නොවේ. මිශ‍්‍ර තුලනයේ දුටු දේ තෝරා ගැනිමේ විකල්පය ඔබ විසින් මුළුතැන්ගේ උපකරණ මිලදී ගැනිමේදී විශේෂයෙන් ක‍්‍රියාකරයි. සිල්ලර වෙළෙන්දන් විසින් විශේෂ පැකේජ ක‍්‍රමය කටතේ අඩු මිලට උ උපකරණ ලබා දෙයි. කෙසේවෙතත් මෙම පැකේජ ක‍්‍රමයේ ඔබට අවශ්‍ය නොවන හෝ ඔබේ අතේ ඇති මුදලට නොගැලපෙන උපකරණ තිබිය හැකිය. නමුදු ඔබේ මිලට ගැලපෙන උපකරණ මිලදී ගන්න. අවසානයේදී මේ සෑම දෙයකටම මිල ගෙවිය යුත්තේ ඔබ විසිනි.

ගණුදෙණුව සඳහා සෝදිසියෙන් සිටින්න – ඔබ ඕනෑම දෙයක් මිලදී ගැනීම විශේෂයෙන් ගෘහ උපකරන පිළිබඳව සැළකිලිමත් වේ නම් ඒ සඳහා සුදුසු කාළය එනතුරු සිටින්න. උත්සව කාළ හා නිවාඩු කාළ වලදී පවතින තදබදය ම`ගහරින්න. මෙම කාළයේදී වෙළෙන්දන් විසින් අධිමිලට භාණ්ඩ විකුණුම් කරනුයේ මේ කාළය තුළදී ඔවුන්ගේ භාණ්ඩ විකිණෙන බව ඔවුන් දන්න නිසාය.

අළුත් මාදිලීන් පැමිණෙන තෙක් සිටින්න – මතක තබා ගත යුතු තවත් කරුණක් වන්නේ අළුත් වර්ගයන් ප‍්‍රදර්ශණය සඳහා ගබන අවුරුද්දේ කාළයක් එන බවය. ඔබ අතේ ඇති මුදලකට වැඩ කරන විටදී මෙවැනි අළුත් මාදිලීන් පැමිණෙන කාළය පිළිබඳ සොයා බලන්න. එම කාළයට මාස කිහිපයකට පෙර වෙළඳසැලි හිමියන් විසින් පැරණි මාදිලීන් සඳහා විශාල වට්ටම් පිරිනමනු ඇත. නිදසුනක් ලෙස ඔබ විසින් ලිප් පහක් ඇති කුක්ටොප් පිළිබඳ බලා සිටියද එය මිලදී ගැනිම සඳහා ඔබේ අතේ සෑහෙන තරම් මුදල් නොමැති විටක, එහි අළුත් මාදිලිය එනතෙක් බලා සිටින්න. එිට ඔබට මෙම කුක්ටොප් එක වට්ටම් මිලට ගත හැකි වේ. ඔබට අවශ්‍ය දේ වැඩි මුදලක් ගෙවිමෙන් තොරව ලබා ගැනීමට මෙම ක‍්‍රමය උපකාරි වේ.
සේල් කාළය – සෑම අවුරුද්දකම යම් කාළයක මෙම උපකරණ සේල් මිලට නැතහොත් විකුණන මිලට වඩා අඩු මිලට විකිණිමට තබන කාළයක් පැමිණෙයි. එම කාළය එනතුරු බලා සිටින්න. සේල් එකක පටන් ගත් වහාම ඔබ බලා සිටි හෝ ඔබට අවශ්‍යව තිබු උපකරණ වට්ටම් මිලකට ලබා ගැනීමට අවස්ථාව උදා වේ. නිදසුනක් ලෙස ඔබට ශිතකණය මිලදී ගැනීමට අවශ්‍ය වු විටක කාළගුණය තරමක් සිසිල් වන තෙක් සිටින්න. මෙකී කාළයේදී ඔබට ශිතකරණ සේල් මිලට සොයා ගැනීමට හැකිවේ. මෙම වාසිය ගෙන හොඳ මාදිලියක් අරගන්න.

තවද වෙළසැල් හිමියන් විසින් විශ්ව විද්‍යාල සිසුන් ඇවිස්සීම සඳහා ශීතකරණ සේල් මිලට ඉදිරිපත් කරයි. එවැනි සේල් අවස්ථාවන් පිළිබඳව සොයා බලන්න. එහිදි ලැබේන වට්ටම් පිළිබඳව ඔබ පුදුමයට පත් වේවි. විශ්ව විද්‍යාල සිසුන්ගේ ආකර්ශණය ඔවුන් විසින් ලබා ගනිද්දී ඔබට එහි වාසිය අත්කර ගැනීමට පුළුවන.
ලූහුඩු දැන්වීම් නරඹන්න – අළුත්ම උපකරණ මිලදී ගැනීම අත්‍යාවශයම නොවේ. ඔබට පාවිච්චි කරන ලද හොඳ තත්වයේ ඇති ශීතකරණයක් වුවද මිලදී ගැනිමේ හැකියාව තිබේ. ඔබ ලූහුඩු දැන්විම් කියවා බැලූවහොත්, රූපවාහිනි යන්ත‍්‍ර, පාවිච්චි කරන ලද ශීතකරණ සහ රෙදි සෝදන යන්ත‍්‍ර සහ තවත් දෑ වැනි ගෘහ උපකරණ බොහෝ මිනිසුන් විසින් දැන්වීම් ලෙස පළ කර ඇති බව ඔබට සොයා ගැනිමට පුළුවන. ඒ ඔවුන් වෙනත් රටකට හෝ කුඩා නිවසක පදිංචියට යෑම සඳහා එසේ විකිණිමට ඉදිරිපත් කර ඇත. එවැනි අවස්ථාවන් වලදී ඔබට ඉතාම අඩු මුදලකට මිලදී ගැනිමට හැකියාව තිබේ. උසස් මාදිලියේ භාණ්ඩයන් ඔබේ අතේ ඇති මුදලට මිලදි ගැනිමේ හැකි අවස්ථාවක ඔබ සිටියි.

කියපු කරපු සියලූ දේ, ඔබ උපකරණ මිලදී ගැනිම පිණිස වෙළඳපල සැරි සරද්දි ඔබ විසින් තිරණය කළ යුතු පළමු කාරණය වනුයේ ඔබට මිලදී ගත යුත්තේ කුමන උපකරණයද සහ ඒ සඳහා ඔබට කොපමණ ගෙවිය හැකිද යන්නය. ඊල`ග කොටස වනුයේ ඔබට කෙතරම් ඉක්මනට මෙම උපකරණය අව්‍යශද සහ කොපමණ කාළයක් ඔබට ඒ සඳහා රැුඳී සිටිය හැකිද යන්නය. ඒ සඳහා ඔබ විසින් වෙළඳපලේ රවුමක් දමා හෝ වෙබ් අඩවිය ම`ගින් මිල ගණන් සහ මාදිලීන් සොයා බැලිය යුතු වෙනවා. ඉන්පසුව ඔබ සොයා බලන උපකරණයේ විශේෂාංග හා ලක්ෂණයන් මත තීරණය කරන්න. ඔබට ලූහුඩු දැන්වීම් වෙබ් අඩවිය හරහාද සොයා බැලිය හැකිය. ලූහුඩු දැන්වීම් වල ඇති වාසිය නම් ඔබ මිලදී ගැනීමට යන උපකරණයේ තත්වය පිළිබඳ කෙළින්ම අයිතිකරුගෙන් විමසා දැක බලා ගැනීමට හැකි විමය. නිසි පරිදි කාළය යෙදවු විට ඔබට හොඳ වට්ටම් මිලක් ලබා ගැනිමට හැකි වන අතර සහ ඔබ විසින් ප‍්‍රමාණික ඉතිරියක්ද සිදු කර ගනියි.

Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Back to top button
Close
Close