දේපළ

ශ‍්‍රි ලංකාව තුල දේපල විකිණීම සඳහා නවකයකුට අත්වැලක්

ශ‍්‍රි ලංකාව තුල ඔබේ දේපළ විකිණිමට ඔබ සිතයි නම්, එසේ නම් ඔබේ වඩාත් යෝග්‍ය ගැණුම්කරුවන් ඇඳබැඳ ගැනීම පිණිස ඔබ විසින් දේපළ වඩා ආකාර්ශණිය ලෙස දැක්වීමට සිදු කළ යුතු අත්‍යාවශය සියලූ දේ කළ යුතු වෙනවා. ඉතා ආකර්ශණිය ලෙස ඔබට දැක්වීමට ඇති හැකියාව මත වෙළඳපළේදී ඔබට වඩා වැඩි මුදලක් ලැබේනු ඇත. ඔබේ නිවස විකිණිමේදී එහි නිකම්ම ස්ටිකරයක් ඇලවීම මගින් හෝ දැන්වීමක් පළ කර පමණින ආකර්ශණය දිනා ගැනිමට හැකි වන්නේ නැත, ඔබේ නිවස ඉක්මණින් විකුණා ගැනීම සඳහා ඔබ විසින්් සිදු කළ යුතු ක‍්‍රමවේදයන් කිහිපයක් ඇත. නවකයන් සඳහා අත්වැළක් සපයනු ලබන මෙම ලිපිය මගින් ඔබේ නිවස ඉක්මණින් පහසුවෙන් සහ ඔබේ මිලටම විකුණා ගැනිම සඳහා ඔබට උපදෙස් ලබා දෙයි.

විකිණිමට නියම කාළය තිරණය කරන්න
සමහර අවස්ථා වලදී වෙනත් ස්ථානයකට මාරුවීම පිණීස ඔබට ඉතා ඉක්මණන් විකිණිමට අවශ්‍යතාවය පැන නගිනු ඇත. කෙසෙවෙතත් සාමාන්‍යයෙන් ඔබේ නිවස විකිණිමට පෙර ලැහැස්ති කිරිමක් සිදු කළ යුතු අතර වෙළඳපල සතුටුදායක තත්වය තිබේදැයි සොයා බැලිය යුතු වෙනවා මෙන්ම එමගින් ඔබට අව්‍යශ තරමේ ආකර්ශණය ලබා ගත හැකිය. වෙළඳපලක් නොමැති කාළයක නිවසක් විකිණිම ඉතා අමාරු කාර්යයක් වන අතර ඔබ කැමති ආකාරයේ ආකර්ශණයක් නොලැබේනු ඇත. නමුදු වෙළඳපළ ඉතා හොඳින් සක‍්‍රියව පවතිව විටක දේපළ විකිණිම ඉතා ආකාර්ශණිය ක‍්‍රියාවලියක් වේ.

උදව් ලබා ගන්න
ඔබ විදේශිය ආයෝජකයෙක් හෝ දේශිය වැසියෙක් නම්, ශ‍්‍රි ලංකාව තුල ඇති ඔබේ දේපළ විකිණිමේදී වෙළඳපළ පිළිබඳ දැණුමක් ඇති අයෙකුගෙන් උදව් බලාපොරොත්තු වන්න. එමනිසා, ඒ සඳහා දේපළ වෙළඳාම් එජන්තවරයෙකුගේ සහාය ලබා ගැනිම මගින් ඔබේ දේපළ වඩා ඉක්මණින් විකුණා ගත හැකිය. ඔබගේ ජිවිතයේ අනෙකුත් ක‍්‍රියාකාරකම් සියලූල සම`ගින් මේසඳහාද කාළයක් වෙන් කිරිම අමතර ක‍්‍රියාවලියක් වන අතර එමනිසා අව්‍යශ නියමාකර අවධානය ඒ සඳහා නොලැබේනු ඇත. එමනිසා ඒ සඳහා දේපළ වෙළඳාම් නියෝජිතයකුගේ සහාය ලබා ගැනීම මගින් ඔහු විසින් ඔබේ දේපළ විකිණිම තෙක් ඔහුගේ සේවය උපරිම ලෙස ඔබට ලබා දෙනු ඇත.

ඔබගේ මිල තිරණය කරන්න
ඔබගේ නිවස හෝ මහල් නිවාසය විකිණිමේදි විකුණුම්කරු වශයෙන් ඔබ විසින් යම් පක්ෂක්ග‍්‍රහි තත්වයක් පෙන්නුම් කරන බව මතකයේ තබා ගන්න. එය ඉතා විශාල වටිනාකමකින් යුක්ත බව ඔබ විසින් සිතයි, එසේවනුයේ ඔබ විසින් එතුල අතීත මතක බොහෝ ප‍්‍රමාණයක් ඉදිකර ඇති නිසාවෙනි. නමුදු ඔබ විසින් වෙළඳපළෙහි ඇති අනෙකුත් දේපළ සම`ග සසදා බලද්දි එය කිසිසේත් අදාල නොවේ. එමනිසා ඔබේ දේපළ විකිණිමේදී විමර්ෂණයක් සිදු කොට හෝ ඔබගේ වෙළඳ නියෝජිතයාගේ අසා දැනගැනිමෙන් හෝ මිල තිරණය කරන්න. ඔබ විසින් විමර්ෂණයක් සිදු නොකළහොත් ඔබට සිදුවනුයේ ඉතා ඉහළ මිලක් ඇති දේපළක් ලෙස ලැයිස්තුගතවී තිබිම හා වෙළඳපල තුල ඔබට අව්‍යශ නොවන දිගු කාළයක් පැවතීමය. අනෙක් අතට අඩු මිලට විකිණිමෙන් ඔබේ අතට එන මුදල් ප‍්‍රමාණය අඩු වන අතර එමගින් ඔබේ නිවසට යෙදිය යුතු මුදල් ප‍්‍රමාණය සීමාසහිත වෙනවා.

ඔබේ දේපළ සඳහා ප‍්‍රචාරණය ලබා දෙන්න
වෙළඳ පල හොඳින් සක‍්‍රිය තිබේන අවස්ථාවන් වලදී තවත් බොහෝ නිවාස සහ මහල් නිවාස විකිණිම සිදු වේ. එමනිසා ඔබට හැකි උපරිමයෙන් ඔබේ දේපළ සඳහා උපරිම ආකාර්ෂණයක් ලබා ගැනිමට වෙහෙසිය යුතුය. මෙය සිදු කිරිම සඳහා වෙනස් වු විවිධ ස්ථානයන් යොදා ගැනිමට සැළකිලිමත් වීම මගින් ආකාර්ශණය වැඩි කරවීමේන් ගැණුම්කරුවන්ගේ ආකාර්ශණය ලබා ගත හැකිය. එක් විකල්පයක් නම් ඔබට ඇති ඔබේ දේපළ වෙබ් අඩවියේ පළ කරන්න, එමගින් ලොව පුරා සිටින ගැණුම්කරුවන්ගේ අවධානයට පාත‍්‍රවීමට ඇති ඉඩකඩ ඉතා වැඩිය. තවත් විකල්පයක් නම් ඔබට ඔබේ දේපළ දේශියව ප‍්‍රචාරණය ලබා දීමට හැකි අතර එමගින් අව්‍යශතාවය ඇති ගැණුම්කරුවන්ගේ අවධානය ලබා ගැනිමට පහසු වේ. ශ‍්‍රි ලංකාව තුල දේපළ විකිණිමේ හොඳම ක‍්‍රමය වනුයේ වෙබ් අඩවි සහ ඉන් බාහිරව ප‍්‍රචාරය ලබා දීම යන දෙවර්ගයේම සංකලනයක් වන අතර ඔබේ අවස්ථාවට වැඩිමනත් ගැලපෙන්නේ කුමක්දැයි ඔබේ සිතැ`ගි අනුව එය තීරණය වේ.

ඔබේ දේපළ පෙන්නුම් කරවන්න
නිශ්චිත මිල ඔබ තිරණය කළ පසු ඔබේ දේපළ ගැණුම්කරුවන්ට පෙන්නීමේ අවස්ථාව උදා වෙයි. මෙය සිදු කිරිමට ඔබට විකල්පයන් කිහිපයක් තිබේ. පළමු තේරීමනම්, එක් දිනක ඔබේ නිවස සියලූ ගැණුම්කරුවන් හට විවෘත කර පෙන්නුම් කිරිමය. මෙය ඉතා හොඳ ක‍්‍රමවේදයක් වන අතර එමගින් ඔබේ නිවස හොඳින් අනාවරණය වන අතරම සුළු උත්සහායකින් ඔබේ නිවස විකුණා ගැනිමටද හැකි වේ. කෙසේ වෙතත් සියලූම මිනිසුන් එක විට ඔබේ නිවස තුල සිටිමේ අදහසට ඔබ අකමැති නම්, ඔට තනි තනි වශයෙන් නිවස පෙන්නුම් කිරිමේ අදහසට එක්විය හැකිය. ඔබ මෙම ක‍්‍රියාපටිපාටියේ යන්නේ නම් ගැණුම්කරුවන් පැමිණිමට පෙර ඔබේ දේපළ සුද්ද පවිත‍්‍ර කර තැබිම පිළිබඳව සැළකිලිමත් වන්න, සහ ඔවුන් නිවස නරඹන අවස්ථාවේදී ඈත් වී සිටින්න. නිවසක් මිලදී ගැනිමේදී ඉක්මන් කරවීම හෝ වේගවත් කරවීමට මිනිසුන් කැමැත්තක් නොදක්වන අතර ඔබගේ පෙනී සිටිම එවැනි තත්වයක් පෙන්නුම් කරයි. ඒ නිසා ඔබට එම කාළයෙදී අහල පහළ ගැවසීමට පිළිවන. එමගින් ගැණුම්කරුවන්ට අව්‍යශ නියම කාළය ගත හැකි අතර එමගින් ඔවුන්ට අළුත් දේපලෙහි ස්භාවය හඳුනා ගැනිමට අවස්ථාව උදා වේ.

ලිපිලේඛණ අවසන් කරන්න
ඔබට ගැණුම්කරුවෙකු හමුවු විට එනම් අවසන් ක‍්‍රියාවලිය හෙවත් ලිපිලේඛණ අවසන් කිරිමට එළඹිය හැකිය. මෙහිදි ගැණුම්කරුගේ හා විකිණුම්කරුගේ ගිවිසුම, දෙපර්ශවයේම වගකීම් ඇතුලත් වේ. අමතර වශයෙන් දේපළ ගණුදෙනුවේදී දෙපාර්ශවය විසින් නිතිමය ලියවිල්ලකට අත්සන් තැබිය යුතු වනවා. ඔබ විසින් වෙළඳාම් නියෝජිතයෙකුගේ සහාය ලබාගෙන ඇත්නම් ඔහු විසින් සියලූ ලිපි ලේඛණ නිසියාකාර ඇත්දැයි සහතික කර ඔබට උපකාර කළ හැකිය.

පිටව යෑමට ලැහැස්ති වන්න
සියල්ල අවසන් කළ පසු ඔබට පිටව යෑමට කාළය එළඹ තිබේ. මෙහිදි ඔබට අළුත් දේපළක් තිබිය යුතු අතර එමනිසා ඔබට ඉතා ඉක්මණින් අළුත් ස්ථානයට මාරු විය හැකිය. අනෙක් අතට ශ‍්‍රි ලංකාවේ ඇති ඔබේ දේපළ ආයෝජන අභිප‍්‍රාය මත ඇතිනම්, ඔබගේ අනෙක් මුදල් සෙවිමේ ස්ථානය සෙවිමට ඉක්මන් විය යුතු නොවේ. කුමක් වුවද ඔබේ පැරණි නිවසින් පුළුවන් ඉක්මණින් ඔබ ඉවත් විය යුතු අතර එමගින් අළුත් අයිතිකරුට පැමිණ ඔවුන්ගේ අළුත් ජිවිතය ආරම්භ කළ හැකිය.

Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Back to top button
Close
Close