විනෝදාංශ සහ ක්‍රිඩා

සංගීත භාණ්ඩයක් පළමුවර ඉගෙනීම.

සංගීත භාණ්ඩයක් පළමුවර ඉගෙනීම.

ඔබ ළමයෙකු හෝ වැඩිහිටියෙකු වුවද පළමු වරට සංගීත භාණ්ඩයක් ඉගෙනීම යනු අමිහිරි සරදමට ලක් වන ක‍්‍රියාවක් විය හැකි. කෙසේ වෙතත්, ප‍්‍රිතිය හා සංගීතයට වඩා වැඩි යමක් සංගීත භාණ්ඩ වලින් සලසනවා. ඇත්ත වශයෙන්ම සංගීත පසුබිමක් නැතිව අනෙක් විෂයන් ඉගෙනීමට වඩා සංගීත වාදනය කිරිමේන් ඔබට අනෙක් විෂයන් ඉගෙනීමට පහසු කරවයි. අලූත් භාෂාවක් ඉගෙනීමේ සිට ගණිතය සඳහා අතිදක්ෂයක් වීමට උපකාරිවේ. ආරම්භයේදී ඔබේ දෙසවනට ප‍්‍රිය උපදනව සංගීත භාණ්ඩයක් තෝරා ගත යුතු අතර හැකිතාක් එය අධ්‍යනය කරන්න. පාඩම් වල සිට සංගීතය දක්වා, සෑම සංගීතය පිළිබඳ වු නැඹුරුතාව සංගීත භාණ්ඩය උදෙසා ඔවුන් දක්වන කැපවීම මත කෙනෙකු අතිදක්ෂයකු බවටපත්කරනවා. 

ශ‍්‍රී ලංකාවේ බලපෑම.

ලූහුඩුදැන්වීම් හරහා ඔබ කැමති සංගීත භාණ්ඩය තොරා ගැනීමට බලද්දී, මේ රට සහ කලාපය තුල සාමුහික සාරසංග‍්‍රහක බලපෑමක් ඇති බව ඔබට දක්නට පිළිවන. ඈත ඉතිහාසයේදී යුරෝපීයන් පළාත්ව වැසියන් පදිංචි කිරිමේදී ඔවුන්ගේ සංගීත සංස්කෘතියන්ද ගිටාර් ද ඇතුලත්ව ඒ සමඟම ගෙන ආහ. අප‍්‍රිකාව සමඟ වෙළඳ කටයුතු කිරිමේදී සහ ඉන්දියාව අසලදීත් ඔවුන්ගේ එම බලපෑම ජන සංගීතය හා වෙනත් සම්ප‍්‍රදායික සංගීතයන් වලදි දැකීමටපු`ඵවන. එපමණක් නොව රොක් සංගීතය පැතිරීයාමේ දි එය තාරුණ්‍යයේ සංකෘතිය මත එහි සළකුණ තබා ඇති අන්දම දැකීමට හැකිය. එපමණක් නොව කලාපය තුල නවීන සංගීතය විහිදි තිබුණද  තම මුල් මගින් උරුම වු සාම්ප‍්‍ර\ායික බෙර හා ගායනා ක‍්‍රම තවමත් ශ‍්‍රී ලංකාව පවත්වා ගෙන යනු ලබනවා. 

බෙර.

අති සරළ සංගීත භාණ්ඩ අතුරින් ඇරඹුම සඳහා බෙර හොඳ භාණ්ඩයකි. කුඩා අතේ තබා ගෙන වාදනය කළ හැකි බෙර වල සිට රොක් සංගීතයේදී භාවිතා වන ඩ‍්‍රම්ස් දක්වා සත්‍ය වශයෙන්ම ඔබට අවශ්‍ය වන්නේ රිද්මයයි. පටන් ගැන්මේදී ස්ථායි තාලය බෙර වෙල ආකර්ෂණයයි. ඔබට මාත‍්‍රා ගණකයක් ඇත්නම් සමස්ථාන කාළය හුරුවීමට එය මධ්‍ය රිද්මයට පෙරළන්න. රිද්මයානුකූල නර්තනයක් සමඟ බැඳුණු බෙර වාදනය සඳහා ලංකාව තුල ගැඹුරු මුල් බැස ගැනිමක් ඇත.

ඔබේ නිවසේ කාණ්ඩය එක රාශීවිමක් ඇතිනම්, බෙරය ගෙන විනෝදය සඳහා රිද්මයානුකූල නර්තනය සමඟින් වයන්න. සංගීත භාණ්ඩයන්ගෙන් පිරිස අතර ටිකෙන් ටික උද්යෝගය ඇති කරවීම උදේසා වැයීමෙන් ඔබට පුහුණුවක්ද ලැබේ. වෙනස් ශබ්ද සඳහා බෙර වැයීම සඳහා භාවිතා කරන කෝටුව මගින් ශබ්දය ත්ව්ර කරන්න. සම්පුර්ණ ගීතය හෝ නැටුම සඳහා වැයිමේදී ඔබේ අතට ගෙනන විඩාව එමගින් දුරුවනු ඇත. 

පියානෝව.

පියානෝ පටන් ගැන්මට ඇති හොඳම සංගිත භාණ්ඩයයි. එසේ වුවද එය තරමක් සංකිර්ණතාවයක් පෙන්නුම් කරයි. සෑම යතුරක්ම යම් සංගීත ධ්ව්නියක් පෙන්නුම් කරයි. ඊ කේඑ සිට ක්‍ ිය්රච දක්වා සියලූ ධ්ව්නියන්ගේ එකතුව දැකිය හැකි අතර එය ඔබ ඉදිරියේ වැතිරි තිබේ. 

කොළයක සටහන්ව ඇති සංගීතය තේරුම් ගනිමින් අත හුරුකරමින් පියානෝව ඉගෙන ගැනිමට සිදුවේ. සංගීත ධ්ව්නි ඔබට කතාන්දරයක් කියයි හරියට වෙනත් භාෂාවක් ඉගෙන ගන්නා සේ. ධ්ව්නිය ගලපා ඔබ විසින් ඔබේ ඇගිලි සෑම යතුරක් මතම තබයි. ඔබේ පුහුණුවේදී ඔබ විසින් කොළයක ඇති සංගීතය ඔස්සේ මේ සියලූ ධ්ව්නි ඇති ස්ථාන හඳුනා ගනු ලබයි. මේ දැණුම ඔබේ හිතේ ධාරණය කරගෙන, තිබේන කොළයක ඇති සංගීතය ධ්ව්නි සහිත  ඕනෑම ගීතයක් ඔබට වැයීමට හැකියාව ලැබේනවා. 

ගිටාර් .

ගිටාරය යනු ද්වාරයක් වැනි සංගීත භාණ්ඩයකි, ඒ හා සමාන වු අනෙක් සංගීත භාණ්ඩ වාදනය කිරිමට ඔබට ආදර්ශය සපයයි. උදාහරණයක් වශයෙන් ඔබ ඔකෝස්ටික් ගිටාරය වාදනය කිරිමට උගනියි, එහි අති දක්ෂයකු වු විට ඔබට එම දැණුම ම උපයෝගී කරගෙන බේස් ගිටාරය, ඉලෙක්ටි‍්‍රක් ගිටාරය හෝ යුටකෝලෙක්කි වාදනය කිරිමට හැකිය. ගිටාර් හිසෙහි ප‍්‍රධාන තත් මත ඔබේ ඇ`ගිලි හැසීරවීම අනුව සෑම තතක්ම ධ්වනියක් දක්විය. 

ඔබේ ගිටාර් දැණුම ස`ග ඔබට සංගීත කණ්ඩායමක් වුවත් ඇරඹිය හැක. ඔබ සිතෙහි ඇති සංක්ෂිප්ත තොරතුරු සම`ග ඔබේ මිතුරන්ට උගන්වන්න, ඒ සම`ග වෙනස් සංගීත භාණ්ඩ සම`ගින් නානප‍්‍රකාර සංගීත කණ්ඩායක් බිහි කරන්න. ඔබේ වටපිටාවේ පවත්වන සාදයන් නැවත එක වගේ නොවේවි. 

කුළියට හෝ තාවකාලික භාවිතයට ගන්න.

ඔබේ සංගීත භාණ්ඩ පිළිබඳ තිරණය කල විට, ඔබට දක්ෂ සේ සෑම දිනයකම සිටිමට අවශ්‍ය වේ. අ`ඵත්ම සංගීත භාණ්ඩක් පිළිබඳ ඔබ සිහින මවමින් සිටිමට පු`ඵවන, නමුදු කුළියට හෝ තාවකාලික පාවිච්චිය සඳහා සංගීත භාණ්ඩයක් ගැනීම හොඳ කල්පනාවකි. ඔබ වාදනය කිරිමේදී ඔබට දැනෙන්න ගන්නවා සංගීත භාණ්ඩය ඔබ සඳහා නොවන බව. කුළියට හෝ තාවකාලික භාවිතයට ගැනීමේදී ඔබට සංගීත භාණ්ඩය වෙන ආකාරයක් බවට පත් කර ගත හැක. 

බොහෝ සංගීත භාණ්ඩ විකිණිමට ඇති ස්ථාන වල එම සංගීත භාණ්ඩ කුළියටද දෙනු ලැබේ. හොඳ තත්වයේ සංගීත භාණ්ඩයක් වගකීමක් සහිත මාසික ගාස්තුවකට ලබා ගැනීමට සඳහා වෙළදසැලේ අයිතිකරු සම`ග කතාබහා කරිම හොඳම පිළිවෙළයි. එසේ නැතහොත්, තාවිකාලික භාවිතාව සඳහා මිතුරෙකුගෙන් හෝ පවුලේ කෙනෙකුගෙන් ලබා ගන්න. ඔබ කුළියට හෝ තාවකාලික භාවිතාවට ගත්තද සංගීත භාණ්ඩය පරිස්සමි කරන්න. ඔබට සංගීත භාණ්ඩය ප‍්‍රථිස්ථාපනය කිරිමට සිදු වුවහොත් එය තරමක් මිල අධික නිසා එය රැකගන්න. 

පාඩම් ඉගෙන ගන්න.

ඔබේ විශේෂ සංගීත භාණ්ඩය නුහුරට වාදනය කිරිමෙන් ඔබ විනෝදයක් ලබනවා නම්, සැලකිලිමත්වන්න පාඩම් මගින් එය හොඳින් වාදනය කිරිමට. සංගීත කායබල වර්ධනය කිරිමෙන් ගුරුවරයෙකු හෝ අත්දැකීම් ඇති මිතුරෙකු විසින් ඔබට සංගීත භාණ්ඩය හැසිරවීම හා වාදනය පිළිබඳ නියමිත ආකාරය උගන්වයි. ඔබේ ශරීරය විසින් ගිටාර් පික් එක නිසි කෝණයෙන් අල්ලා ගැනිමට සමත් වන අතර පියානෝවේ නියමිත ධ්ව්නිය ගැසීමට හුරුවීම අතරතුර උදාහරණ ලෙස ගත හැක. 

පාඩම් මිල අධික විය යුතු නැත. ඔබට එම සුවිශේෂි මිල ගෙවීමට නොහැකි නම්, හුවමාරුවක් ලෙස ගුරුවරයාගේ ගේ දොර වැඩ ඇති සු`ඵ වැඩ කර දෙන්න යෝජනා කරන්න. කෙසේ වෙතත්, ශාස්ත‍්‍රාලීයව පාඩම් ඉගෙන ගැනීම එක් වර මුදල් ගෙවීමට අවශ්‍ය වන්නේ නැත. එසේ නැතහොත්, ඔබේ වටපිටාවේ සංගීතය ඉගැන්වීමට හැකි අත්දැකීම් ඇති සංගීතඥයෙකු සිටිදැයි සොයා බලන්න. උද්යෝගීමත් සංගිතඥයන් ආදර්ශමය වශයෙන් ඔවුන්ගේ දැණුම විහිදා අඵත් දක්ෂයන් සම`ග සංගීත කර්මානත්ය ශක්තිමත් ලෙස තබා ගැනීමටය.  

දිනපතා පුහුණුවන්න.

සතියක් පුරා සංගීත භාණ්ඩය ම`ගහැර ඔබට නිකම්ම පාඩම් ඉගෙන ගෙන සිටිය නොහැක.  ඕනෑම සංගීත භාණ්ඩයක දක්ෂයකු වීමට පුහුණු වීම හැර අන් මගක් නැත. සංගීත භාණ්ඩයේ නියම දක්ෂයෙකු වීමට දිනකට පැයක් පමණ පුරුදු පුහුණු වන්න. ඔබට ගුරුවරයෙකු සිටි නම්, ඔවුන් පුරුදු වීමට නියමිත ප‍්‍රමාණය දෙනු ඇත. 

ඔවුන් කලබලයට පත් නොවෙමින් අනුබල දෙනවා කායබලය සහ උදව් සපයනවා ස්වර මතකයෙන් තබා ගැනීම වර්ධනය කර ගැනිමට. අතරතුර සමහර ගීත සඳහා ඔබට ලියා ඇති සංගීත කණ්ඩ බැලීමට අවශ්‍ය නොවේ, නිදර්ශකයක් වශයෙන් ඔබ ධ්ව්නියන් දන්නවා නම් එය සංගීත භාණ්ඩයෙන් නිකම්ව වයන්න. සති අවසානයේදී ඔබ ගුරුවරයා වෙත යාමේදී ඔබේ දියුණුව දැක ඔවුන් පුදුමයට පත් වේවි. 

උද්යෝගීමත්වන්න.

සංගීත භාණ්ඩ විකිණිමට ඇති ස්ථාන වලට ගොස් ඔබ විනොද්යට පත් වන සංගීතය ලියා ඇති සංගීත කණ්ඩ සහිත කොළයන් සොයා බලන්න. ඔබ වයන ගීතය සඳහා ඔබ කැමති නම් එය හොඳ තත්වයට පත් වන තුරුම දිගටම පුරුදු පුහුණු වන්න. සමහර සංගීත කණ්ඩ ලියා ඇති සහිත කොළ සම්පුර්ණ සංයුක්ත තැටි සම`ග සම්පාදිත පොත් වශයෙන් ඇත. මෙම සංයුක්ත තැටිය ඔබේ සංගිත භාණ්ඩය සම`ග එකට යන සංගීත භාණ්ඩ පවතියි. ඔබ සුදානම් බව හැ`ගුණහොත් මෙම සංයුක්ත තැටියත් සම`ග වයන්න. ශබ්දය එකට මුහුවෙමින් වෙනත් ගැඹුරු මානයකින් ගීතය යථාවාදී වන ආකාරය ඔබට දැකිය හැකිය.  සංයුක්ත තැටි ක‍්‍රියාත්මක කිරිමේදී ඔබ සංධවනි වාදක වෘයක් සමග වාදනය කරනා ලෙෂ හැෙග්නු ඇත. 

ප‍්‍රසංගයක් සුදානමි කරන්න.

කිසියම් ගීත සඳහා මෙමගින් ඔබව යොමු කරනු ලැබේ. ඔබේ දක්ෂතාවන් පෙන්නුම් කිරිමට වාදනය කිරිමට ලැබීම හොඳ අවස්ථාවකි.  වැඩි පුර පුරුදු පුහුණු වී ගීත හොඳ මට්ටමට ගෙන එමට එමගින් ඔබට ඉලක්කයක් ලබා දෙනු ලැබේ. ප‍්‍රසංගයේදී ඔබේ වාදනය අනෙක් අයට තමන්ගේ ම සංගීත භාණ්ඩයක් ඉගෙන ගැනීමට උත්තේජනයක් ද ලබා දිය හැක. මෙමගින් ඔබගේ වටපිටාව සාරවත් කළ හැකි අතර ඉගෙනීමද වඩා ශක්තිමත් කළ හැක. 

ශබ්ධ සමග පරික්ෂණ පවත්වන්න.

සංගීත භාණ්ඩයක නිපුනයෙක් වීමේ වාසිය යනු ඔබ විසින් ඔබේම ශබ්ධ සෑදීමට හැකි විමය. සංගීත භාණ්ඩය භාවිතා කිරිමට හොඳින් අවබෝධ කරගත් විට, වෙනස් ශබ්ධයන් අත්හදා බලන්න. ස්වරයන්ට අනුකූලව වෙනස් තත් එකට භාවිතා කරමින් හෝ ඔබේ මිතුරෙකුගේ ආධාරය බෙරයක් යොදා ගනිමින් සරළ ගිතයක් වයන්න. කිසිවෙකු කිසි දින සිතා නැති ශබ්ධයන් සම`ග ඔබ ඉදිරියට ඒවී. සෑම දිනකම නව ප‍්‍රභේදයන්ගේ සංගීතය ගවේශනයන් සහ සොයා ගනු ලැබෙනු ඇත. සංස්කෘතික විප්ලවයේ කොටස්කරුවකු විමේ හැකියාව ඔබටද හැකියාව ඇත.  

සංගීතය ඉගෙන ගැනීම යනු ජිවිතයටම උදා වන ප‍්‍රයෝජනයකි. ඔබ ප‍්‍රවීණ යෙකසේ සංගිත භාණ්ඩයක් වාදනය කරනවා නම්, ඔබේ දරුවන්ටද එම දක්ෂතාවයේ ඵල නෙලා ගත හැක.  ඕනෑම ගුරුවරයෙකුට කතාකර ඔබට ගැලපෙන සංගීත භාණ්ඩය සොයා ගන්න. තාල තරංග භාණ්ඩ, තත් භාණ්ඩ,  සහ ලෝහ සංගිත භාණ්ඩ (බ‍්‍රාස්* ඇතුලත්ව ඔබට තෝරා ගැනීමට හැකි  වර්ණවත් තානයන් ඉදිරිපත් කරන සම්භාව්‍ය සංගීත භාණ්ඩ බොහෝමයක් ඇත. ඔබේ ජිවිතය උසස් කර ගැනීමට අදම සංගිත භාණ්ඩයක් අත්හදා බලන්න. 

 

Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close
Close