ikman

සුපිරි වාසි ගෙනෙන ikman Deals

ikman Deals යනු භාණ්ඩ වර්ග රාශියක් සඳහා සීමිත කාලයක් පමණක් වලංගු සුපිරි වාසි රැසක් ඔබට ගෙනෙන තැනක් බව ඔබ දැනටමත් දන්නවා ඇති. මේ වාසි ලබාගන්නට ඔබ කොහේවත් යන්නට අවශ්‍ය නැහැ. ඔබේ නිවසේ සිටම, ඔබට කැමති වෙලාවක පිවිසී මේ වාසි වලට හිමිකම් කියන්නට ඔබට පුළුවන්. 

ඇත්තටම මොනවාද ඔබට ikman Deals වෙතින් ලැබෙන වාසි?

මෙන්න ඒ ගැන පුංචි විස්තරයක්. 

1. දිවයින පුරා ගෙනැවිත් භාරදීම නොමිලේ  

මීට පෙර අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ මිලදීගත් විට ඩිලිවරි සම්බන්ධයෙන් ඔබට මුහුණදීමට සිදුවූ දුෂ්කරතා ඔබට මතකද? ප්‍රමාද වීම්, පාර්සල් වැරදීම්, අධික ඩිලිවරි ගාස්තු වැනි ගැටලු වලට ඔබ මුහුණපෑවා නේද? ikman Deals නිසා දැන් ඔබට එවැනි ගැටලු වලට මුහුණ දීමට සිදුවන්නේ නැහැ. අපගේ ඩිලිවරි කණ්ඩායම ඔබේ නිවසටම අදාළ භාණ්ඩ ඉක්මනින් රැගෙන ඒවි. කොළඹ ප්‍රදේශයේ නම් වැඩකරන දින 3 ත් 5 ත් ඇතුළත භාණ්ඩ ලැබෙන අතර, දිවයිනේ සෙසු ප්‍රදේශ සඳහා රාජකාරි දින 5 ත් 7 ත් අතර කාලයක් ගතවෙනවා. මේ විශිෂ්ට සේවාව ikman Deals වෙතින් හිමිවන්නේ කිසිදු ගාස්තුවකින් තොරවයි!

2. පුදුම හිතෙන වාසි 

අප උත්සාහ කරන්නේ ඔබට අවශ්‍ය හැම දේම එකම තැනකින් ලබාගැනීමේ අවස්ථාව සලසා දීමටයි. ඒ නිසා, ඔබේ අවශ්‍යතාවන් හඳුනාගෙන, ඒ අනුව අපගේ සෑම කාණ්ඩයක්ම වඩවඩාත් පුළුල් කිරීමට අප නිරන්තරයෙන් කටයුතු කරනවා. ඉතින් ඔබත් අදම ikman Deals වෙත පිවිසී ඔබට අවශ්‍ය භාණ්ඩ සොයාගන්න. ඒ සඳහා සුවිශේෂී වාසි රැසකුත් හිමිකරගන්න. ඇතැම් භාණ්ඩ සඳහා 80% ක් දක්වාම වට්ටම් හිමිවීමට ඉඩ ඇති බව අමතක කරන්න එපා!

3. ගෙවීම් ක්‍රම රැසක් 

අපගේ ඉලෙක්ට්‍රොනික ගනුදෙනු ක්‍රමවේද නිසා ඔබට ඉතාම පහසුවෙන් අන්තර්ජාලය ඔස්සේ ඔබ මිලදීගන්නා භාණ්ඩ සඳහා ගෙවීම් කිරීමට පුළුවන්. එහෙත් ඔබ භාණ්ඩ ලැබුණු විට ගෙවීම් කිරීමට වඩාත් කැමති නම්, අතිරේක ගාස්තුවකින් තොරව එසේ සිදුකිරීමට අප ඔබට අවස්ථාව සලසා දී තිබෙනවා. ඔබ Buy Now ක්‍රමය තෝරාගත් විට ඔබට Tracking අංකයක් හිමිවන අතර, ඇණවුම තහවුරු කරගැනීම සඳහා අපගේ නියෝජිතයෙකු ඉක්මනින්ම ඔබ හා සම්බන්ධ වේවි. ඔබට ගැටලුවක් තිබෙනවා නම් ඒ මොහොතේදී අපගේ නියෝජිතයා වෙතින් විමසීමට පුළුවන්. කෘත්‍රිම පද්ධතියක් වෙනුවට සැබෑම නියෝජිතයෙකු සමග ගනුදෙනු කරන්නට ඔබ වඩාත් කැමති බව අපි දන්නවා. 

4. පහසුවෙන් පරීක්ෂා කිරීමේ හැකියාව 

ඉතාමත් පහසුවෙන් භාවිතා කළ හැකි ලෙස වෙබ් අඩවිය සැලසුම් කර තිබීම සහ එය නිතර යාවත්කාලීන වීම නිසා, ikman Deals හි පළවී ඇති දැන්වීම් දහස් ගණනක් අතරින් ඔබට අවශ්‍ය භාණ්ඩ ඉතාමත් පහසුවෙන් සොයාගැනීමට ඔබට හැකියාව ලැබේවි. පිටුවේ උඩ දක්වා ඇති search bar එක මගින් ඔබට අවශ්‍ය භාණ්ඩ සහ ඒවාට අදාළ කාණ්ඩ ඉතා පහසුවෙන් සොයාගැනීමට පුළුවන්. ඒ වගේම විකිණුම්කරුවන්ට වෙන්කර ඇති පිටු (Member pages සහ vendor shops) වලට පිවිසී පරීක්ෂා කිරීමටත් ඔබට හැකියාව තිබෙනවා. මෙමගින් ඔබට කිසියම් විශේෂ විකිණුම්කරුවෙකු අලෙවි කරන භාණ්ඩ ඉතාමත් පහසුවෙන් සොයාගත හැකියි. 

ikman Deals හි ඇති භාණ්ඩ බෙහෙවින් ප්‍රයෝජනවත් සහ වාසිදායක නිසා මේ වනවිට විශාල පාරිභෝගිකයන් පිරිසක් එයට ආකර්ෂණය වී සිටිනවා. ඔබත් අදම ikman Deals වෙත පිවිසෙන්න. මේ සුපිරි වාසි සිත් සේ අත්විඳින්න! 

Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Back to top button
Close
Close