ikman

හඳුන්වාදෙන ‘Spotlight’ සමගින් ඔබට අලුත්ම වාසි රැසක්

2019 ඔක්තෝබර් 12 

වර්තමාන පරම්පරාව සමාජ මාධ්‍ය වැනි දේවල් භාවිතා කරන කාලය එන්න එන්නම වැඩිවෙමින් තිබෙනවා. දවස පුරා ඔවුන්ගේ ඇසට දුරකථන තිරය ඔස්සේ හසුවන දේවල් අසීමිත බව අමුතුවෙන් කිවයුතු නැහැ. එහෙත් ඔවුන්ගේ අවධානය යමක් වෙත රැඳී තිබෙන කාලසීමාව අඩුවෙමින් පවතිනවා. ඒ නිසා යමක් අලෙවී කිරීමේදී පාරිභෝගිකයන්ගේ අවධානය දිනා ගැනීම දැන් තරමක් අපහසුයි. කෙසේ වුවත් ඒ සඳහා තවත් සුවිශේෂී විසඳුමක් හඳුන්වා දීමට අප කටයුතු කළා. 

ඒ තමයි Spotlight!

Spotlight යනු ඔබට පෙරටත් වඩා වැඩි ගැනුම්කරුවන් පිරිසක් ආකර්ෂණය කරගැනීමට උපකාරී වන ක්‍රමයක්. 

2019 ඔක්තෝබර් මාසයේ සිට කොයිකාටත් ඉතාම ආකර්ෂණීය ලෙස පළකර ඇති, වඩාත් විශාල ඡායාරූප සහිත දැන්වීම් පෙළක් දැකගැනීමට පුළුවන්. Spotlight ලෙස හඳුන්වන්නේ මෙයයි. මෙය ඕනෑම ikman.lk පාරිභෝගිකයෙකුට ලබාගත හැකි අතර, භාණ්ඩ වඩාත් ඉක්මනින් අලෙවි කරගැනීමට උපකාරී වෙනවා. 

Desktop view
Mobile view

Spotlight හඳුනාගන්න… 

  • වඩාත් කැපීපෙනෙයි

Spotlight දැන්වීමක් සාමාන්‍ය දැන්වීමක් මෙන් දෙගුණයක් තරමට විශාලයි. එය ගැනුම්කරුවන්ගේ ආකර්ෂණයට ඉක්මනින් ලක්වන නිසාම එයට Spotlight යන නම භාවිතා කර තිබෙනවා. මෙය ඉහළ ඉල්ලුමක් සහ වැඩි වටිනාකමක් සහිත භාණ්ඩ විකිණීමට ඉතාමත් සුදුසුයි. මෙමගින් සාමාන්‍යයෙන් ඉතා අඩු අවධානයකින් යුතු ගැනුම්කරුවෙකුගේ අවධානය පවා පහසුවෙන් දිනාගැනීමට පුළුවන්. 

  • ඡායාරූප වල වැදගත්කම  

ඔබේ දැන්වීමේ පළමු ඡායාරූපය ඉතාමත් වැදගත්. එය ගැනුම්කරුවන් ආකර්ෂණය කරගැනීමට බෙහෙවින් උපකාරී වෙනවා. ඒ නිසා දැන්වීම පළකිරීමේ දී ප්‍රථම ඡායාරූපය ලෙස හොඳම ඡායාරූපයක් යොදාගැනීමට මතක තබාගන්න. එහි පෙනුම ගැන ඔබ තෘප්තිමත් නැතිනම් දැන්වීම සංස්කරණය කිරීමට ඔබට හැකියාව තිබෙනවා. 

  • සමාන අවස්ථා 

Spotlight භාවිතා කරන සෑම දැන්වීමකටම, ඒවා දර්ශනය වීමේදී සමාන අවස්ථා ලැබෙනවා. අපගේ ස්වයංක්‍රීය තාක්ෂණික පද්ධතිය මගින් එක් ගැනුම්කරුවෙකුට එක්වරකට දැන්වීම් 5 ක් දර්ශනය වන අතර එම දැන්වීම් වලට සමාන අවස්ථා ලබාදීමට එම පද්ධතියට පුළුවන්. කෙනෙකුට අවශ්‍ය නම් වමට සහ දකුණට scroll කිරීමටත් හැකියාව තිබෙනවා. 

  • තවත් ප්‍රවර්ධන ක්‍රම

මේ ආකාරයට ප්‍රමුඛ ස්ථානයක දර්ශනය වීමට අමතරව, Spotlight ප්‍රවර්ධන ක්‍රමය භාවිතා කළ පසු සාමාන්‍ය දැන්වීමක්ද නිර්මාණය කිරීමට හැකියි. මේ නිසා විකිණුම්කරුට තම දැන්වීමට වැඩි පිරිසක් අතරට රැගෙන යාම සඳහා Top Ad, Bump Up හෝ Urgent වැනි අනෙකුත් ප්‍රවර්ධන ක්‍රමද භාවිතා කිරීමට පුළුවන් වෙනවා. 

මේ නව විශේෂාංගය දර්ශනය වන්නේ Spotlight Promotions සක්‍රීය කළ විට පමණයි. ඒ නිසා අනෙකුත් දැන්වීම් වලට මින් බාධාවක් ඇතිවන්නේ නැහැ. 

දැනටමත් මිලියන ගණනකගේ ප්‍රචාරණ අවශ්‍යතා සපුරාලමින් ඔවුන්ගේ නොසැලෙන විශ්වාසය දිනාගැනීමට ikman.lk සමත් වී තිබෙනවා. අපගේ පුළුල් අලෙවිකරණ දැනුම හා පළපුරුද්ද සමගින් අප උත්සාහ කරන්නේ ගැනුම්කරුවන්ටත් විකිණුම්කරුවන්ට උපරිම වාසි සැලසෙන ආකාරයේ විශේෂාංග නිරන්තරයෙන් හඳුන්වා දීමටයි. 

Spotlight සමග දැන් ඔබේ අලෙවිය තවත් වැඩි කරගන්න. 

වැවී විස්තර සඳහා 0112 350 350 අංකයෙන් අප අමතන්න.

Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Back to top button
Close
Close