ඉලෙක්ට්‍රොනික්ස්

2015 වර්ෂයේදි එළිදකින අළුත්ම ජංගම දුරකථන

ස්මාර්ට් ජංගම දුරකථන තාක්ෂණයේ වැඩි දුයණුවත් සම`ග 2015 වර්ෂයේ ජංගම දුරකථනයක් මිලදී ගැනිම බොහෙවින් විස්මයජනක ක‍්‍රියාවලියකි. මෙම අළුත් යාවත්කාළින කිරිම් අන්තර්ජාලයේ ලූහුඩු දැන්වීම් වල ඇති පැරණි ජංගම දුරකථනයන්ගේ මිල පහත හෙලීමට වඩා යමක් සිදු කරන අතර. මෙම වැඩිදියුණු කිරිම මගින් ස්මාර්ට් ජංගම දුරකථයන්ගේ තත්වය ලොව පුරාම ඉහළ දැමිමට සමත්ව තිබේ. 2015 වර්ෂයේදි ඉක්මණින්ම පැමිණිමට නියමිත ජංගම දුරකථන තුනක් පිළිබඳ පහත දැක්වේ.

2015 මාර්තු මාසයේදි පමණ සැම්සුන් ගැලැක්සි S6 ජංගම දුරකථනය වෙළඳපළට පැමිණිමට නියමිතය. සම්සුන් ආයතනය මගින් ලැබෙන් තොරතුරු අනුව මෙම ජංගම දුරකථනය ඇනරොයිඞ් 5.0 ක‍්‍රියාකාරි පද්ධතියෙන් සමන්විත වේ. තිරයේ ප‍්‍රමාණය අ`ගල් 5.1 සිට 5.5 දක්වා වැඩි කර ඇති අතර රූප තත්වය රෙසලූෂන් පිකසෙල් 1440×2560 තත්වය යටතේ වඩා හොඳ ආකාරයෙන් පෙන්නුම් කෙරේ. සැම්සුන් ගැලැක්සි නොට් එඞ්ජ් එකේ මෙන් වක‍්‍ර කොණවල් සහ අර්ධ ලෝහ පෙනුමක් තිබේ. උසස් තත්වයේ ඡුායාරූප ලබා දෙන කැමරාව මෙගා පික්සෙල් 16 සටි 20 දක්වා සමන්විත වේ. මෙහි ප්‍රොසසරයද වඩා වේගවත් ලෙස වැඩිදියුණු කර ඇති අතර එය ගෙගාබයිට් 3 රැම් ධාරිතාවක් වේ. තවද S6 ජංගම දුරකථනය සතුව එහි තරගකාරි iPhone වල මෙන් ඇ`ගිලි සළකුණු ස්කෑනරයද ඇත. වෙළඳපලේ අවශ්‍යතාවය අනුරූපව මෙහි චාජ් කිරිමේ වේගය වැඩි කර තිබේ. මෙය කළු සහ සුදු වර්ණයන්ගෙන් පැමිණෙන අතර විශාල කරන ලද තිරය සියලූම කොන් වලටම වෙන්න භාවිතා කළ හැකිවේ. නවතම ස්මාර් ජංගම දුරකථනයක් ගැන සිතා බැලීමේදි සැම්සුන් ටැබ්ලටයද ප‍්‍රමාණයෙන් කුඩා වි සමාන වෙනස්කම් සහිතව තිබිම වටිනාකමක් ගෙන දෙයි. සරළ ලෙසම ඔබ ස්මාර්ට් ජංගම දුරකථනයන් භාවිතා කරන අයුරින්ම ටැබ්ලටයත් භාවිතා කිරිමේ හැකියාව ඇති අතර 2015දි පැමිණිමට නියමිත් සැම්සුන් ගැලැක්සි නොට් 5 මිලදී ගැනීම සඳහා සමහර මිනිසුන් බලා සිටියි. මෙම අළුත් උපකරණ සතුව අ`ගල් හයකින් සමන්විත තරයක් ඇති අතර එය ගැලැක්සි S6 ජංගම දුරකථනයේ තිරයට සමන කම් කියයි. නවතම ගැලැක්සි නොට් 5 හිද තිරයෙහි වැඩිදියුණු කරන ලද රෙසලූෂණයක් සහිත වන අතර සමහර විටකදි උසස් තත්වයෙන් චිත‍්‍රපට නැරඹිමට හැකියාව පවතියි. ඒ සඳහා වන පෑනද වැඩිදියුණු කර තිබේ.

මතු සඳහන් වන HTC One M8 ජංගම දුරකථනය 2015 වර්ෂයේ නවතම ස්මාර්ට් ජංගම දුරකථනය වන අතර එය ’HTC One M9’ ලෙස හඳුන්වනු නොලැබීමට බොහෝ ඉඩ ඇත. ලැබේන තොරතුරු වලට අනුව 2015 වර්සයේ මාර්තු මාසයේදි “HIMA” ලෙස මෙම ජංගම දුරකථන වෙළඳපලට නිකුත්වීමට නියමිතය. නිල නොවන තොරතුරු වලින් කියාපානුයේ වේගවත් ප්‍රොසසරය සහිත ගෙගාබෙයිට් තුනක මතකය සම`ග පැමිණෙන සැම්සුන් S6 ජංගම දුරකථනය වැනිම කියාය.

තවද මෙම නවතම HTC ජංගම දුරකථනයේ ඝණකම මිලිමිටර 7ක් දක්වා අඩුකර තිබේ. උසස් තත්වයේ තිරය මගින් මෙගා පික්සෙල් 20.7 සහිත පිටුපස කැමරාවෙන් ගන්නා ලද ඡුායාරූප සුපැහැදිලිත්වයකින් පෙන්නුම් කරයි. මෙහි ඉදිරිපස කැමරාව එහි තර`ගකාරී ජංගම දුරකථනයන්ට වඩා උසස් තත්වයකින් මෙගාපික්සෙල 13 අගයක පවතියි. තවද මෙමගින් ඔබට ඔබේම කියා රූපගත කිරිම් අනර්ඝව සිදු කර ගත හැකියාව පවතියි. මෙහි ශ‍්‍රව්‍ය තත්වයද අන් කවරදාකටත් වඩා ඉතා හොඳ තත්වයකට වැඩි දියුණු කර ඇති බව ආරංචි දක්වා සිටියි. මෙහි වර්ණයන් රත්තරං පාටද ඇතුලත්ව අදුරු ගන්මෙටල් පැහැය සහ සිල්ව පැහැයෙන් වේ. මේ හා තර`ග කරන අනෙකුත් ජංගම දුරකථනයන්ගෙ මෙන්ම මෙහිද Snapdragon 810 ප්‍රොසෙස චිප් කාණ්ඩයකින් ඇතුලත සමන්විත වන අතර සහ ඇනරොයිඞ් 5.0 ක‍්‍රියාකාරී පද්ධතියකින් ක‍්‍රියා කරන අතර ගිගාබයිට් 64ක තැම්පතු ඉඩකින් සමන්විත වේ.

LG G4 ජංගම දුරකථනය 2015 වර්ෂයේ මැයි මස පමණ වන විට වෙළඳ පළට නිකුත්වීට නියමිතව ඇත. කලින් LG G3 මාදිලිය වඩා පහසුවෙන් භාවිතා කළ හැකි මෙන්ම බොහෝ දේවල් මෙම මාදිලිය මගින් ඉදිරිපත් කරනු ලැබේ. තර`ගකාරිත්වය තබා ගනිමින්ම මෙ නවතම ජංගම දුරකථන මාදිලියේද අනෙක් මාදිලියන්ගේ මෙන්ම Snapdragon 810 ප්‍රොසසය භාවිතා කර තිබේ. මෙමගින් ඉහළ වේගයක් අතරකර ගතහැකි අතර එය ගෙගාබයිට් 3 රුම් ධාරිතාවක් පමණ වන නමුදු මෙම අළුත් මාදිලියේ එය ගෙගාබයිට් හතරක් දක්වා හැසිරවිය හැකි බවක් පෙන්නුම් කරයි. මෙහි තිරය විශාල වැඩිදියුණු විමක් දක්නට ලැබේන අතර එය පික්සෙල් 2560×1440 වන අතර මෙය පැමිණිමට මත් සැම්සුන් ගැලැක්සි S6 ජංගම දුරකථන සම`ග කරට කර සිටිමකි. තිරයේ ප‍්‍රමාණය පිළිබඳ විවිධ විවාදයන් ඇතිවෙමින් තිබේ. තිරයේ ප‍්‍රමාණය වැඩි කිරිම සුලභ ක‍්‍රියවක් වන අතර සමහර නිපුණයන් පවසන්නේ එසේ ප‍්‍රමාණයෙ තිරයේ විශාල විම මගින් එදිනෙදා කටයුතු අපහසු වන බවයි. එමනිසා බොහෝ නිපුණයන් විශ්වාස කරන පරිදි අ`ගල් 5.3ට තිරය ක‍්‍රමයෙන් කුඩා විම, HTC ජංගම දුරකථනයේ ඊල`ග මාදිලිය මෙන් හැසිරවීමට පහසුවක් ගෙන එයි. කැමරාවද වැඩිදියුණු කිරිමට ලක්ව ඇති අතර එය මෙගාපික්සෙල 20.7 කාර්යක්ෂමතාවයකින් යුක්තවේ. ලොව පුරා වෙසෙන පාරිභෝගිකයින් වැඩිපුර බලාපොරොත්තු වන වැඩි බැටරි ආයුකාළය, LG මගින් ඒ සඳහා නිසි පිළිතුරක් ගෙනෙනු ඇතැයි බලාපොරොත්තු වේ.

මෙම ස්මාර්ට්ජංගම දුරකථන අතුරින් ඔබ තෝරා ගන්නේ කුමක්ද? එය තීරණය වනුනේ ඔබට වඩා යෝග්‍ය වන සුවිශේෂි ලක්ෂණය කුමක්ද යන්න මත වේ. ඔබ මිලදී ගැනීමට යාමේදී එය ඔබේ අතට ගෙනෙන පහසුව සහ ඇතුලත මුහුණත සසඳ බලමින් තීරණයකට එළඹෙන්න. එමෙන්ම එහි විකුණුම් මිලද අවසානයේ මිලදී ගැනිමට යාමේදි බලපාන තීරණාත්මක සාධකයක් වනු ඇත.

Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close
Close