ikman

ඔබ බලා සිටි iPhone 15 ඇතුළු Apple සමාගම එළිදක්වන අනිත් නිෂ්පාදන 6 මෙන්න

ලංකාවේ බහුතරයක්ගේ ආදරය සහ කැමැත්ත දිනාගත්ත brand එකක් තමයි apple කියලා කියන්නේ.Apple සමාගම සෑම වසරකම සැප්තැම්බර් මාසයේ මුල් සති කිහිපයේ වගේ නව සහ පෙරළිකාර නිෂ්පාදන කිහිපයක් වෙළඳපලට නිකුත් කරනවා.ඒවා මිළදී ගන්න ලෝකයේ වැඩිපිරිසක් preorders පවා කරනවා.

පසුගිය 2022 සැප්තැම්බර් මාසයේදී Apple සමාගම iPhone 14, iPhone 14 Plus, iPhone 14 Pro and iPhone 14 Pro Max, Apple Watch Series 8, second-generation Apple Watch SE, the new Apple Watch Ultra සහ second-generation AirPods Pro කියන සුවිශේෂි නිෂ්පාදන හදුන්වා දුන්නා.ඉන් වසරක් ගතවෙද්දී එනම් මේ සැප්තැම්බර් 12 වෙනිදා ඔවුන්ගේ නවතම නිෂ්පාදන iPhone 15 ඇතුළු අනිකුත් නිෂ්පාදන එළිදක්වන බව Apple සමාගම මේ වෙද්දී නිවේදනය කරලා තියෙන

වා “Wonderlust”  ලෙස නම් කර ඇති Apple event එක මේ පාරත් වැඩිදනෛකු නොඉවසිල්ලෙන් සිටින දිනයක් බවට පත්කර තියෙනවා. අපි ikman blog තුළින් ඔබට කියන්නේ ඔවුන් එම උත්සවයේදී ඒළිදක්වන iphone 15 ඇතුළු අනිත් නිෂ්පාදන 6 ගැනයි.

iPhone 15 සහ iPhone 15 Pro පෙළගැස්ම

iPhone 14 පවුලේ Playbook අනුගමනය කරමින් Apple විසින් iPhone 15 මාදිලි හතරක් ප්‍රකාශයට පත් කිරීමට බලාපොරොත්තු වන වේ. ඒ අනුව  iPhone 15, iPhone 15 Plus, iPhone 15 Pro සහ iPhone 15 Pro Ultra ලෙස මාදිලි 4ක් හදුන්වා දෙයි .

iPhone 15 ප්‍රථම වරට iPhone වෙත USB-C charging cable එක එන දුරකතන මාදිලිය වනු ඇත.යුරෝපීය සංගමයේ නව නිතී අනුව ඇපල් සමාගමට මෙම USB-C හදුන්වාදීමට සිදු වි ඇති අතර මිලදී ගනු ලබන දුරකතනේ වර්ණයට ආදාළ ඉතා සවිශක්තිමත් type C charging cable ඔබ අතය පත්වනු ඇති බව තමයි විදෙස් වාර්තා දක්වලා තිබෙන්නේ.

Apple Watch Series 9

8 series එකේ upgrade version එකක් විදිහට තමයි 9 series Apple සමාගම එළිදැක්වීමට බලාපොරොත්තු වෙන්නේ.ලොකු වෙනස්කම් රැසක් නැති වුණත් නව වර්ණ කිහිපයක් හදුන්වා දෙමින් සිමීත features කිහිපයක් සමඟින් Apple Watch Series 9 හදුන්වා දීමට ඔවුන් සුදානමින් සිටිනවා.ප්‍රධාන Apple Watch පෙළගැස්ම මෙම වසරේ iPhone 13 හි A15 Bionic මත පදනම් වූ නව S9 chip එකකින් මෙය සමන්විතයි.

Apple Watch Ultra 2nd Generation

2022 දී නිකුත් කරන ලද සහ 49mm වර්ණ නොකළ ටයිටේනියම් වලින් පමණක් ලබා ගත හැකි Apple Watch Ultra යනු ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ අන්ත ක්‍රීඩා ලෝලීන් ඉලක්ක කරගත් watch එක විදිහට apple watch ultra නිර්මාණය විය.

Ultra 2 මෙම නව iPhone සමඟ දියත් කිරීමට අපේක්ෂා කරන අතර එහි ඇති හොඳම Apple Watch වෙත new chip සහ new titanium වර්ණ ගෙන සමඟින් නිකුත් කිරීමට ඔවුන් බලාපොරොත්තු වේ.

New iPhone cases and Apple Watch bands

මීට අමතරව Apple Watch වලට new bands කිහිපයක් හදුන්වා දෙන බවද නිවේදනය කර තිබෙනවා. Woven fabric සහ දැනට පවතින Buckle band එකට සමාන magnetic buckle features සමන්විත band එකකින් watch band නිකුත් කිරීමට ඔවුන් අදහස් කර තිබෙනවා.ඔබට new apple watch පැමිණෙන වර්ණ වලට ගැලපෙන වර්ණ වලින් watch bands ඉදිරියෙදී මිලදී ගන්න පුලුවන්.

A USB-C charging case for AirPods

Bloomberg’s Mark Gurman පවසන්නේ  Apple විසින් AirPods සඳහා USB-C charging case  මේ වසරේ නිකුත් කරන බවයි.AirPods හි මේ වසරේ එහි  design සහ hardware වෙනස්කම් මෙම වසරේ නොව 2024 දී සිදුකිරීමටයි apple සමාගම බලාපොරොත්තු වන්නේ. ඇපල් සමාගම ප්‍රථම වරට සිය දුරකතන සඳහාද EU රෙගුලාසිවලට අනුකූලව  USB-C ආරෝපණය කිරීම අවශ්‍ය වන Lightning charging සහිත තවත් නිෂ්පාදන කිහිපයක් හදුන්වා දෙනු ඇත.

USB-C cables and Apple Thunderbolt cables

iPhone 15 වෙත USB-C ආරෝපණය තුළින් faster fast charging වාසිය ලබා ගැනීමට කැමති අය සඳහා Apple වෙතින් මෙම නව උපාංගය හදුන්වා දී ඇත.

කාලයෙන් කාලයට i phone සමඟින් එන අනිත් acceorsies ඉවත් කිරීමට සමාගම තීරණය කලත් මෙවරත් iPhone සමඟින් charging cable පැමිණේ. iPhone 15 සමඟින් මීටර් 1.5ක දිගින් යුත් දුරකතනයේ වර්ණ-ගැලපෙන පරිදි  braided USB-C කේබලයක් ඔබට iPhone 15 සමඟ ලැබෙනු ඇත.

ඔබ ProRes 4K වීඩියෝ වැනි ඔබේ iPhone වෙතින් පරිගණකයකට විශාල files නිතිපතා මාරු කරන්නේ නම්, ඔබට Thunderbolt කේබලයක් මිලදී ගැනීම ගැන සලකා බැලීමට අවශ්‍ය වනු ඇත. නව Thunderbolt 4 කේබලය වොට් 145ක බලයක් සහිතව නිර්මාණය කර ඇත, එබැවින් එය Mac laptops සහ  අනෙකුත් Thunderbolt-enabled devices සඳහා ප්‍රයෝජනවත් වනු ඇත.

නව iPhones ලෝකය පුරා බෙදා හැරීම සිදුවන්නේ  නවතම iOS version එක සහිතවයි. Apple විසින් නව iPhone 15 මාදිලි සැප්තැම්බර් 22 සිකුරාදා සිට බෙදාහැරීම කිරීම ආරම්භ කරනු ඇත, එබැවින් iOS 17 සහ watchOS 10 සැප්තැම්බර් 12-22 අතර කාලය තුළ නිකුත් කිරීමට Apple සමාගම බලාපොරොත්තු වේ.

Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Back to top button
Close
Close