ikman

Buy Now දැන්වීම් තෝරාගැනීමට Buy Now ෆිල්ටරය භාවිතා කරන්න.

ඔබට යමක් මිලදී ගැනීමට අවශ්‍ය වුණත් හැමවිටම ඒ වෙනුවෙන් විශාල කාලයක් වැය කරන්නට හැකියාවක් නැහැ නේද? ඔබේ කාලය ඉතිරි කරන්නට විශේෂ ෆිල්ටරයක් නිර්මාණය කරන්නට අප කටයුතු කළේ ඒ නිසාමයි. මේ Buy Now ෆිල්ටරය භාවිතා කළ විට ඔබට වෙනත් දැන්වීම් සියල්ල මගහැර Buy Now දැන්වීම් පමණක් පරීක්ෂා කිරීමට පුළුවන්. 

අප මේ සූදානම් වන්නේ ඒ ගැන විස්තර ඔබට කියන්නටයි. 

Buy Now යනු කුමක්ද? 

Buy Now ක්‍රමය කලක පටන් ikman.lk තුළ ක්‍රියාත්මක වෙනවා. මෙය ගැනුම්කරු සහ විකුණුම්කරු අතර ගනුදෙනුව වඩාත් විධිමත් හා සුරක්ෂිත කිරීම සඳහා හඳුන්වා දුන් ක්‍රමයක්. 

ගැනුම්කරුවෙකු Buy Now බොත්තම ක්ලික් කළ විට ikman.lk එම ගැනුම්කරුවා සමග සම්බන්ධ වී ඇණවුම තහවුරු කරගන්නවා. විකුණුම්කරු වෙතින් අදාළ භාණ්ඩය මිලදීගෙන ගැනුම්කරු වෙතට ගෙනගොස් භාරදීමේ කටයුත්ත කටයුත්ත වගේම, විකුණුම්කරු වෙනුවෙන් ගැනුම්කරුගෙන් අදාළ මුදල අයකරගැනීමත් සිදුවන්නේ ikman.lk මගිනුයි. 

ගනුදෙනුවට සම්බන්ධ දෙපාර්ශ්වයටම වැඩි පහසුවක් ලබාදීම සඳහා, නාමික ගාස්තුවක් යටතේ ikman.lk මෙම සේවාව ලබාදෙනවා. Buy Now නිසා විකුණුම්කරුවන්ට කිසියම් ප්‍රදේශයකට සීමා නොවී දිවයින පුරාම වෙසෙන ගැනුම්කරුවන් ආකර්ෂණය කරගැනීමට පුළුවන්. ගැනුම්කරු සහ විකුණුම්කරු දිවයිනේ කොහේ සිටියත් ඔවුන් සම්බන්ධ කරමින් ගනුදෙනුව සාර්ථක ලෙස සම්පූර්ණ කර දීමට ikman.lk කටයුතු කරනවා. 

Buy Now නිසා ගැනුම්කරුවන්ට තමන් මිලදීගන්නා භාණ්ඩය, දැන්වීමේ විස්තර කර තිබූ ආකාරයට සැබැවින්ම සමානද නැද්ද යන්න ගැන සැකයක් ඇතිකර ගැනීමට අවශ්‍ය වන්නේ නැහැ. එමෙන්ම එම භාණ්ඩ ඉතාමත් ඉක්මනට ඔවුන් වෙත ලැබෙනවා. ඉලෙක්ට්‍රොනික භාණ්ඩ, ඉලෙක්ට්‍රොනික උපාංග, විලාසිතා, සෞඛ්‍ය, රූපලාවණ්‍ය, විනෝදාංශ, ක්‍රීඩා, ළමා සහ අනෙකුත් කාණ්ඩ රැසකට අදාළ භාණ්ඩ Buy Now සේවාව සමගින් ඔබට මිලදී ගැනීමට පුළුවන්. 

Buy Now ෆිල්ටරය යනු කුමක්ද?

දැන් ඔබ Buy Now ගැන දන්නා නිසා එය අත්හදා බලන්නට කැමැත්තෙන් සිටිනවා ඇති. ඒ සඳහා ඔබට Buy Now ෆිල්ටරය භාවිතා කරන්නට පුළුවන්. මෙමගින් අනෙකුත් දැන්වීම් ඉවත් වී ඔබට Buy Now සේවාව සහිත දැන්වීම් පමණක් දර්ශනය වෙනවා. එමගින් අදාළ නොවන දැන්වීම් වෙත අවධානය යොමුවීමක් සිදුනොවන නිසා ඔබගේ කාලය ඉතිරි වේවි. 

Ikman.lk වෙබ් අඩවිය වගේම App එක තුළත් සාමාන්‍ය විකුණුම්කරුවන් සහ ikman සාමාජිකයන් පළකළ දැන්වීම් වගේම Buy Now සේවාව සහිත දැන්වීම් රාශියකුත් පළවී තිබෙනවා. ඔබට අවශ්‍ය භාණ්ඩ විශ්වාසයෙන් යුතුව ඉක්මනින් ගෙන්වා ගැනීමට ඔබට Buy Now සේවාව භාවිතා කිරීමට පුළුවන්. මෙහිදී ගනුම්කරුවාගේ ආරක්ෂාව තහවුරු වන අතර, අලෙවි කළ භාණ්ඩය දැන්වීමේ විස්තරයට වඩා වෙනස් නම් ඒ වෙනුවට නිවැරදි භාණ්ඩය අතිරේක ගාස්තුවකින් තොරව ලබාදීමටත් මෙම සේවාව මගින් පියවර ගනු ලබනවා. 

ඔබත් අදම Buy Now ෆිල්ටරය භාවිතා කර මේ සුවිශේෂත්වය අත්විඳින්න. 

Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Back to top button
Close
Close