Other

Covid-19 නිසා ගෙදරට වෙලා ඉන්න කලේ නිවාස ලස්සන කරගන්න ක්‍රම 4ක්

Lockdown එක එන්න එන්න දිගු වීමත් සමඟ බොහෝ දෙනෙකුට තම නිවාසවල  වැඩිපුර කාලයක් ගෙවන්න සිදුවෙනවා. මේත් සමගම  ඔබට ඔබ නිවස තුළ සිර වී සිටින බවක් දැනෙන්නට පුළුවන්. මේ නිසාම ඔබේ නිවාස කවදාටත් වඩා අලංකාර වත් ලෙස එමෙන්ම කාලය ගෙවීමට  ප්‍රිය උපදවන  සුවපහසු ස්ථානයක් ලෙස පරිවර්තනය කර ගැනීම වැදගත්.  මේ කාලයේ, ශ්‍රී ලංකාව තුල නිවාස අලංකරණය සඳහා අවශ්‍ය දේවල්(home décor in Sri Lanka) අලුතෙන් මිලදී ගැනීම සඳහා පිටතට යාම අපහසු වුවත් ඔබ සතුව ඇති දේවල්  උපයෝගී කර ගනිමින් ඔබේ නිවස අලංකාරවත් කරගන්නා ක්‍රම 4 ක් ගැන අපි කියන්න සුදානම්. 

ඔබේ නිවස පිරිසිදුව හා පිළිවෙලට තබා ගන්න

නිවසක් අපිළිවෙලට තිබෙන විට එය ඔබට මානසික වදයක් වෙන්න පුළුවන්. එම නිසා වෙනදාට වඩා ඔබේ නිවස පිළිවෙලට පිරිසින්දුවට තබා ගැනීමට උනන්දු වන්න. එය ඔබේ නිවසේ අලංකාරය පහසුවෙන් වර්ධනය කර ගැනීමට හේතු වනු ඇති.  ප්‍රයෝජනට නොගන්න බඩු වලින් පුරවා ඇති රාක්ක, පෙට්ටි සහ කබර්ඩ් අනවශ්‍ය ද්‍රව්‍ය ඉවත් කොට පිළිවෙලට සහ පිරිසින්දුව තබන්න. විසිත්ත කාමරය, නිදන කාමරය, කෑම  කාමරය වගේම  කුස්සියත්  පිළිවෙලට තබා ගැනීමෙන් වෙනදාට  වඩා ප්‍රසන්න පෙනුමක් ඔබේ නිවසට ලැබෙනු ඇති. 

ගෘහ භාණ්ඩ සැලැස්ම වෙනස්  කරන්න 

ගෘහ භාණ්ඩ සැලැස්ම නැවත සකස් කිරීම ඔබේ නිර්‍මාණාත්මක හැකියාව සහ මනෝභාවය ඉහළ නැංවීමට උපකාරී වේ. එමගින්  ඔබේ අවකාශයට ක්‍ෂණිකව නව පෙනුමක් ලබා දෙන අතර ඔබේ ඒකාකාරී චර්යාවන් වලින් මිදීමටද හොඳ අවස්ථාවක් සලසයි. මෙහිදී එම අවකාශයට සෞන්දර්යාත්මක පෙනුමක් ලබාදීමට වගේම ඒ ඒ භාණ්ඩ වලින් උපරිම ප්‍රයෝජනයක් ගැනීමට හැකි වන පරිදි ගෘහ භාණ්ඩ සැලැස්ම සකස් කිරීම වැදගත් වේ.

ස්ව නිර්මාණ 

අලංකාර බිත්ති සැරසිල්ලක්, තමන්ගේ අතින්ම නිර්මාණය කල මේස රෙද්දක්, ඉවත ලන ද්‍රව්‍ය වලින්  නවීකරණය කරන ලද බඳුනක් එකක් වෙන්න පුළුවන් ඔබ අතින්ම නිර්මාණය වූ සැරසිල්ලක වටිනාකම කියා නිමකළ නොහැකී.

මල් සිටුවන්න 

අලංකාර මල් බඳුනක් ඔබගේ නිවාසය ඉදිරිපිට වගේම නිවස ඇතුලතත් අලංකාර කිරීමට යොදාගත හැකි. මෙහිදී සැමවිටම හිරුඑළිය අඩුවෙන් අවශ්‍ය කරන Indoor Plants නිවාස ඇතුලත අලංකරණය සඳහා යොදා ගැනීම වැදගත් වෙනවා.

අලුත් සැරසිලි 

මේ දිනවල ගෘහ අලංකරණ නිර්මාන සොයා සාප්පු සවාරි යන්න අපහසු නමුත්, ඔබට අවශ්‍ය කරන, ද්‍රව්‍ය, සැරසිලි  සහ නිර්මාණ පහසුවෙන්ම නිවසටම ගෙන්වා ගැනීමේ හැකියාවක් Online Shopping හරහා පවතිනවා. Ikman.lk වෙනි වෙබ් අඩවි වලට පිවිසීමෙන් ඔබට පහසුවෙන්ම ඔබ කැමති ආකාරයේ නිවාස අලංකරණ සඳහා වූ කර්ටන්, වාස්, කෘතීම මල්, පිළිම වගේම අනෙකුත් සැරසිලි පොකට්ටුවට නොදනීම මිලදී ගෙන ගෙදරටම ගෙන්වා ගත හැකී. මෙහිදී   පහසුවෙන්ම  අපගේ  වෙබ් අඩවියේ Home and garden items for sale අංශය වෙත පිවිසීමෙන්, ඔබට අවශ්‍ය කරන සියලු දෑ පහසුවෙන් මිලදී ගත හැකී.

Also Read- 5 Renter friendly décor ideas on a budget

FAQs:

ලාබදායි ලෙස  නිවාස අලංකාර කරන්නේ කෙසේද?

ලාබදායි සැරසිලි(Home decor), කෘතීම මල්, තිර රෙදි සහ  මල් බඳුන් වෙනි දෑ ලොකු මුදලක් වැය නොකර නිවාස සරසා ගැනීමට ඇති පහසු ක්‍රම අතර වේ.

නිවාස අලංකරණය සඳහා අවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගන්නේ කොහොමද?

මේ දිනවල, Lockdown එකත් සමග නිවාස අලංකරණය සඳහා ඔබට අවශ්‍ය දෑ මිලදී ගැනීමට ඇති හොඳම විදිය තමයි Online Shopping. Ikman හරහා වගේම, විවිධ Facebook home décor stores හරහාත් ඔබට මේ දේවල් ඔබගේ ගෙදරටම ගෙන්වා ගැනීමේ හැකියාව තිබෙනවා.

විසිත්ත කාමරය අලංකරණය සඳහා home decor තෝරා ගන්නේ කෙසේද?

ඔබේ විසිත්ත කාමරයේ ඇති ගෘහ භාණ්ඩ සහ අනෙකුත්  සැරසිලි සමග ඔබ අලුතින් මිලදී ගන්නා සැරසිලි කොතෙක් දුරට ගැලපෙනවාදැයි හැමවිටම සිතා බලන්න.  මෙහිදී වර්ණ, භාණ්ඩ හා සැරසිලි වල සෞන්දර්යාත්මක අනුකූලතාව හා ඔබට ඒ අවකාශයට ලබා දීමට අවශ්‍ය කරන පෙනුම ගැන ද සලකා බැලීම වැදගත්.

ඔබේ නිවසට නැවුම්  පෙනුමක් එක්  කරන්නේ කෙසේද?

ගෘහ භාණ්ඩ නැවත සකස් කිරීම, දොර ජනෙල් අලුතින් පාට කිරීම ද, Accent wall එකක් නිර්මාණය කිරීම නිවාසයකට නැවුම් පෙනුමක් ලබාදීමට පහසුවෙන් යොදා ගත හැකි ක්‍රම වේ.

නිවාස ඇතුලත තැබීමට සුදුසුම පැල මොනවද?

Devil’s ivy, Swiss cheese plant, Dracaena trifasciata සහ Croton ඉතාම ජනප්‍රිය Indoor Plants වර්ග අතර වෙනවා.

නිවාස අලංකරණය සඳහා පැල ලබා ගන්නේ කොහොමද?

ඔබට මෙම lockdown සමයේ Ikman.lk සමග සිටින විශ්වාසදායක මල් පැල විකිණුම් කරුවන්ගෙන් දැන් පහසුවෙන් නිවසටම පැල ගෙන්වාගැනීමේ හැකියාව තිබෙනවා. මල් වැවීම සඳහා අවශ්‍ය අනෙකුත් සේවාවන් ලබා ගැනීමටත් ඔබට අපගේ වෙබ් අඩවියේ  Home and garden services  අංශයට පිවිසීමෙන් සපයා ගත හැකී.

ලංකාවේ හොඳම Home and garden items for sale මිලදී ගැනීමට ඔබත් අදම Ikman.lk වෙත පිවිසෙන්න.

නිවාස සහ උද්‍යාන in Colomboනිවාස සහ උද්‍යාන in Matara
නිවාස සහ උද්‍යාන in Gampahaනිවාස සහ උද්‍යාන in Kandy
නිවාස සහ උද්‍යාන in Galleනිවාස සහ උද්‍යාන in Kalutara
Facebook Comments
Receive Updates

No spam guarantee.

Tags

Related Articles

Back to top button
Close
Close