ikman

Genie ගෙවීම් සේවාව ikman.lk සමග එක්වෙයි

ikman.lk මේ වනවිට ශ්‍රී ලංකාවේ විශාලතම විද්‍යුත් වාණිජ වෙළඳපොළ වශයෙන් දිගින් දිගටම දියුණු වෙමින් තිබෙනවා. ඊට සමගාමීව, පාරිභෝගිකයන්ට වැඩි පහසුවක් ලබාදෙන ක්‍රම හඳුන්වා දෙන්නට ikman.lk කටයුතු යොදමින් ඉන්නවා. එහි නවතම පියවර තමයි ikman.lk ඩයලොග් සමාගමේ mobile payment app එක වෙන Genie සමග අත්වැල් බැඳගැනීම. 

පසුගිය කාලය තුළ මුදල් රහිත ගෙවීම් ක්‍රමයක් ලෙස Genie විශාල ජනප්‍රියත්වයක් හිමිකර ගන්නට සමත් වුණා. දැන් ikman.lk සේවාවන් ලබාගන්නට බලාපොරොත්තු වෙන පාරිභෝගිකයන්ටත් Genie මගින් ගෙවීම් කරන්නට පුළුවන්. Genie app එකේ තිබෙන ‘Scan and Pay’ ඔප්ෂන් එක මගින් පාරිභෝගිකයන්ට දැන්වීම් පළකිරීම, සාමාජිකත්වය ලබාගැනීම, ප්‍රවර්ධන සේවා භාවිතා කිරීම සහ Buy Now සේවාව වැනි බොහෝ දේ සඳහා මුදල් ගෙවීමට පුළුවන්. මෙහිදී පාරිභෝගිකයන් බැංකු තොරතුරු වෙනම ඇතුළත් කිරීම අවශ්‍ය වන්නේ නැහැ. එය මෙවැනි ගනුදෙනු වලදී, තමන්ගේ මූල්‍ය තොරතුරු වල ආරක්ෂාව සම්බන්ධයෙන් පාරිභෝගිකයන්ගේ සිත්වල ඇතිවීමට ඉඩ ඇති සැකසංකා දුරුවීමට හේතුවක්. 

ශ්‍රී ලංකාවේ PCI-DSS සහතික ලැබූ ප්‍රථම සහ එකම payment app එක වන Genie මේ ආකාරයට නවීන ඩිජිටල් තාක්ෂණය ඔස්සේ පාරිභෝගිකයන්ගේ සංවේදී දත්ත වල ආරක්ෂාව තහවුරු කිරීමට දායක වෙනවා. ඒ වගේම එය ikman.lk ගනුදෙනුකරුවන්ට ඉමහත් පහසුවක් ගෙනේවි. 

තම ජනප්‍රියත්වය වේගයෙන් වර්ධනය වීමට සමගාමීව, ගෙවීම් ක්‍රම රැසක් තම පාරිභෝගිකයන් වෙනුවෙන් විවෘත කිරීමට ikman.lk මීට පෙරත් කටයුතු කළා. Visa, Master, Amex කාඩ්පත් වගේම UPay සහ FriMi වැනි, ජංගම දුරකථන පදනම් කරගත් ගෙවීම් ක්‍රම මීට අයිතියි. එමෙන්ම කාගිල්ස් ෆුඩ්සිටි ශාඛා වලට සහ කාගිල්ස් බැංකු ශාඛා වලටත් ගෙවීම් කිරීමේ හැකියාව තිබෙනවා. මේ එකතුවට අලුතින්ම එකතු වන ක්‍රමවේදයයි Genie. 

මේ හවුල්කාරීත්වයේ සමාරම්භය වෙනුවෙන්, 2019 ජූලි 18 දින සිට 2019 අගෝස්තු 31 දින දක්වා Genie භාවිතයෙන් සිදුකරන ගෙවීම් වලට 15% ක වට්ටමක් ලබාදීමට ikman.lk කටයුතු යොදා තිබෙනවා. රු. 500ක් දක්වා වු උපරිම දීමනාවක් අත්කරගැනීමට ikman.lk පාරිභෝගිකයින් හට මෙමගින් අවස්ථාව උදාවෙනවා.

Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Back to top button
Close
Close