ikman

ikman ගනුදෙණුකරුවන්ට Huawei ස්මාර්ට්ෆෝන් සඳහා විස්මය ජනක වට්ටම්

ශ්‍රී ලංකාවේ විශාලතම අන්තර්ජාල වෙළඳපොළ වන ikman.lk, මෙරට ප්‍රධාන පෙලේ ජංගම දුරකථන සැපයුම්කරු වන Huawei සමඟ අත්වැල් බැඳ ගනිමින් Huawei P30 කාණ්ඩයේ දුරකථන වෙළඳපොළට හඳුන්වා දුන්නේය.

ikman.lk ගනුදෙනුකරුවන්ට Huawei ස්මාර්ට්ෆෝන් මාදිලි 35 කට අධික සංඛ්‍යාවක් සඳහා අන්තර්ජාල මිලදී ගැනීම් වලදී ආකර්ශනීය වට්ටමක් ලබා ගැනීමේ මහඟු අවස්ථාව ඉදිරි මාස තුන තුළදී ම හිමිවේ.

Huawei Y series සහ Nova දුරකථන මාදිලියේත්, Huawei’s නවතම පෙරළිකාර  P30 Pro මාදිලිය සඳහාද මෙම ආකර්ශනීය වට්ටම් හිමිවන අතර ikman.lk  ගනුදෙණුකාර භවතුන්ට තව තවත් පහසුව සලසමින් නිවසටම තම දුරකථනය ගෙන්වා ගැනීමේ පහසුකම්ද සලසා දී තිබේ. එලෙසම ඔබගේ අන්තර් ජාල මිලදී ගැනීමේ පහසුකම් තවත් සරල අකාරයෙන් සිදු කර ගැනීම සඳහා ikman.lk app සහ වෙබ් අඩවියේ මාර්ග ගත යෙදවුම් හරහා පහසුකම් සපයයි.

ikman.lk සහ Huawei අත්වැල් බැඳ ගැනීම පිළිබඳව ikman.lk වෙළඳපළේ අලෙවි අධ්‍යක්ෂ  ෂබීර් ඩීන් මහතා මෙසේ සඳහන් කළේය. ”ශ්‍රී ලංකාවේ විශාලතම අන්තර්ජාල වෙළඳ පොළ ලෙස ikman.lk, අපගේ පාරිභෝගිකයන් හට ආකර්ෂණීය වට්ටම් ලබා දෙමින් ලොව නවීනතම ස්මාර්ට් දුරකථන අත්දැකීම ලබා ගැනීමට අවස්ථාව සලසමින් Huawei  සමග අත්වැල් බැඳ ගැනීමට ලැබීම විශාල සතුටක්.”

“Huawei’  P30 Pro දුරකථනය තුළ, P30  උසස් මාදිලියේ දුරකථන මාලාවේ වැඩි දියුණු කරන ලද කෘතීම බුද්ධිය හරහා ඡායා රූප වල ඉහල ගුණාත්මක භාවය තවත් ඉහළ  නංවනු ලබයි. ඉතාම ආකර්ෂණීය මිලකට පාරිභෝගිකයන්ට ගුණාත්මක ඉහළ සේවාවක් සපයමින් නවීන පහසුකම් සහිත ස්මාර්ට් දුරකථන අත්කිදැමක් ලබා දීම සඳහා ikman.lk සමඟ හවුල්කාරිත්වයක් ඇතිකර ගැනීමට ලැබීම විශාල සතුටක්” යැයි  Huawei ශ්‍රී ලංකා සමාගමේ ප්‍රධානි පීටර් ලුයී (Peter Liuyi) මෙහිදී සඳහන් කළේය.

මෙම ආකර්ශනීය අවස්ථාව තවතවත් පාරිභෝගිකයින්ට සමීප කරමින් ප්‍රධාන පෙලේ බැංකු කෙඩිට් කාඩ්පත් සඳහා මාසික වාරික වශයෙන් පොලි රහිතව ගෙවීමේ පහසුකම් සලසා ඇති අතර මුදල් ගෙවීමේ පහසුකම් තවත් පුළුල් කරමින් UPay සහ  FriMi හරහා සහ Cargills Food City සුපර්මාකට් සහ Cargills Bank ශාඛා මගින් මුදල් ගෙවීමේ පහසුකම් සලසා ඇත.

Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Back to top button
Close
Close