ikman හරහා දැන් ඕනෑම වාහනයක් නොමිලේ විකුණා ගන්න

ඔබට දැන් ඕනෑම වාහනයක් ikman හරහා නොමිලේ විකිණීමට හැකි බව අපි ඉතා සතුටින් දැනුම් දෙමු.

ඔබට මෝටර් රථයක් හෝ බයිසිකලයක් විකිණීමට අවශ්‍යද? නැතිනම් ඔබ ඔබේ බර වාහනය විකිණීමට සැලසුම් කරනවාද? දැන් වැඩිය හිත හිත ඉන්න දෙයක් නෑ. ikman හරහා පලකරන ඔබේ වාහන දැන්වීම දැන් සම්පූර්ණයෙන්ම නොමිලේ!

තම වාහනය ඉක්මනින් විකිණීමට  ගැනුම්කරුවන් සොයා ගැනීමට බලාපොරොත්තු වන ඕනෑම කෙනෙකුට මෙය කදිම අවස්ථාවක් බව නොඅනුමානය.

ikman හරහා ඔබගේ වාහනය නොමිලේ විකුණන්නේ කෙසේද?

ඔබට දැනටමත් ikman ගිණුමක් නොමැති නම්, ගිණුමක් ආරම්භ කිරීමට ඔබට අවශ්‍ය වන්නේ ජංගම දුරකථන අංකයක්, විද්‍යුත් තැපැල් ලිපිනයක්, Google ගිණුමක්, හෝ ෆේස්බුක් ගිණුමක් පමණි. ikman ගිණුමක් නිර්මාණය කිරීම ඉක්මන් වගේම ඉතාම පහසුයි.  

ඔබට කරන්න අවශ්‍ය වන්නේ:

  1. www.ikman.lk වෙත පිවිසෙන්න
  2. ‘ඔබගේ දැන්වීම පළ කරන්න’/ ‘Post your Ad’ ක්ලික් කරන්න
  3. ඔබගේ ඊමේල් ලිපිනය, ගූගල් ගිණුම, ෆේස්බුක් හෝ ජංගම දුරකථන අංකය භාවිතා කර ලියාපදිංචි වෙන්න
  4. ‘කිසියම් දෙයක් විකුණන්න’ යටතේ ඇති, ‘භාණ්ඩ, දේපළ හෝ සේවා විකිණීම සඳහා’ ක්ලික් කරන්න
  5. ‘වාහන’ ක්ලික් කර අදාළ උපප්‍රවර්ගය තෝරන්න (ඔබ විකුණන වාහන වර්ගය)
  6. ඔබේ වාහන දැන්වීමේ ප්‍රදේශය තෝරන්න (දිස්ත්‍රික්කය, කොට්ටාශය හෝ නගරය)
  7. මෙතැන් සිට, ඔබේ වාහනයේ විස්තර ලබා දිය යුතු අතර, ඉන්පසුව ‘දැන්වීම පළ කරන්න’ ක්ලික් කරන්න

ප.ලි: ඔබ ඔබේ මෝටර් රථය විකුණන්නේ නම්, ඔබට එය විකිණීම සඳහා වන හොඳම මිල තෝරා ගැනීමට අපගේ මිල යෝජනා feature එක භාවිතා කළ හැකිය.

ඔබ ඔබේ වාහන දැන්වීම ikman හි පල කළ යුත්තේ ඇයි?

ikman යනු දිවයින පුරා සිටින සියලු දෙනාගේම තේරීමකි.

“ikman එකේ බැලුවද?”

ඔබ ශ්‍රී ලාංකිකයෙක් නම්, ඔබට මේ ප්‍රශ්නය අවම වශයෙන් එක් වරක් හෝ ඇසී ඇත. 

අපගේ ශක්තිමත් සන්නාම අනන්‍යතාවය සමඟ ඔබ වඩාත් කැමති ගැණුම්කරුවෙකු සොයා ගැනීමට සහ ඔබේ වාහනය සාධාරණ මිලකට විකිණීමට ඔබට හැකිවනු ඇත.

ikman යනු වසර 10කට වැඩි කාලයක් පුරාවට ජනාදරයට පත් අන්තර්ජාල වෙළඳපොළකි. දශකයක් පුරාවට විකුණුම්කරුවන් සහ ගැනුම්කරුවන් එකිනෙකා සමඟ සාර්ථකව සම්බන්ධ කිරීම විශාල ජයග්‍රහණයකි. 

ඒ වගේම, වසර ගණනාවක් පුරා ඔබගේ වාහන, දේපල, ඉලෙක්ට්‍රොනික උපාංග ඇතුළු තවත් බොහෝ දේ මිලදී ගැනීමට සහ විකිණීමට සුදුසු ආරක්ෂිත, පහසු සහ වේගවත් මාර්ගයක් බවට පත් කරමින් අපි අපගේ විකුණුම් සහ මිලදී ගැනීමේ tools අඛණ්ඩව වැඩිදියුණු කර ඇත.

දැන්වීම්වල ප්‍රමිතිය තහවුරු කිරීම

උසස් තත්ත්වයේ වෙළඳ දැන්වීම් පලකිරීම සහතික කිරීම සඳහා එක් එක් දැන්වීම අධීක්‍ෂණය කරන දැන්වීම් ප්‍රමිතිකරුවන් අප සතුව සිටී. 

අභ්‍යන්තර තහවුරු කිරීමේ ක්‍රියාවලිය විකුණුම්කරුවන්ට ප්‍රයෝජනවත් වන්නේ, ඒ හරහා, දැන්වීම් පලකිරීම වඩාත් හොඳින් ක්‍රියාත්මක වීමට අවශ්‍ය සියල්ල ඇති බවට අප වග බලා ගන්නා බැවිනි.

ඉතිං, තවත් බලා නොසිට, දැන්ම ඔබේ වාහනය ikman හරහා විකුණමු!

 

Back to top button
Close
Close