ikman

ikman හරහා පලකරන ඔබේ වාහන දැන්වීම සඳහා හොඳම මිලක් තෝරා ගන්නේ කොහොමද?

ikman හරහා බොහෝ sellers ලා ඔවුන්ගේ පාවිච්චි කළ කාර් එක විකිණීම සඳහා දැන්වීම් පලකිරීමේදී වැරදි ලෙස මිල නියම (pricing) කරන ආකාරය අපි නිරීක්ෂණය කර ඇත්තෙමු. මෙය බොහෝ විට ශ්‍රී ලංකාව තුළ කාර් විකිණීමේදී sellers ලාට විශාල ගනුදෙනු අහිමි වීමට හේතු වේ. 

ඔවුන් මෙම වැරදි සිදුකරන්නේ භාණ්ඩයේ වර්තමාන market value එක තේරුම් නොගෙනයි. මෙම තත්වය මඟහරවා ගන්නට, ikman විසින් දැන් විසඳුමක් ඉදිරිපත් කර ඇත.

ikman හරහා online, වාහනයක් විකිණීමට හොඳම මිල සොයා ගන්නේ කොහොමද?

ikman හිදී, ඔබට හොඳම ගනුදෙනු සිදුකිරීමට උදව් වන වේදිකාවක් සැපයීම අපගේ බලාපොරොත්තුවයි.  ඒ නිසාම අපි, තිබෙන දත්ත භාවිතා කරමින්, මිල නියම කිරීමේදී සිදුවන වැරදි අවම කිරීම සඳහා විසඳුමක් සකස් කර ඇත.

අපගේ නව මිල යෝජනා කිරීමේ විශේෂාංගය මගින් ඔබ විකිණීමට බලාපොරොත්තු වන වාහනය සඳහා සාමාන්‍ය මිලක් යෝජනා කරයි. ඔබ කළ යුත්තේ වාහනයේ වෙළඳ නාමය (brand), ආකෘතිය (model) සහ නිෂ්පාදිත වර්ෂය ලබා දීම පමණයි. ikman විසින් අනෙක් සියල්ල ගැන සලකාබලන අතර, වැඩි හෝ අඩු මිලක් නියම කිරීමකින් තොරව ඔබේ වෙළෙඳ දැන්වීමට සුදුසු හොඳම මිල නියම කරන බව සහතික කරයි.

නිගමනය

මිල යෝජනා පදනම් වී ඇත්තේ ශ්‍රී ලංකාවේ ප්‍රියතම අන්තර්ජාල වෙළඳපොළ ලෙස වසර ගණනාවක් පුරා එකතු කරන ලද නිවැරදි දත්ත මත ය. එය ඔබේ කාර් එකෙහි market price එක සොයා ගැනීමට ඔබ වෙහෙසවිය යුතු කාලය සැලකිය යුතු ලෙස අඩුකරයි. 

ඔබට හොඳම deals ලබා දීම සඳහා ikman අපි, ඉක්මනින්ම අනෙකුත් භාණ්ඩ සඳහා ද මෙම විශේෂාංගය  ඇතුළත්  කිරීමට බලාපොරොත්තු වෙමු.

Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Back to top button
Close
Close