ikman

ikman Compare සේවාව පුළුල් කිරීම

ikman Compare යනු අලුත් සංකල්පයක්. මේ සේවාව නිසා ගනුදෙනුකරුවන්ට රක්ෂණ සහ ලීසිං සේවාවන් වැනි දේවල් සම්බන්ධයෙන් තීරණයක් ගන්නට පෙර, අන්තර්ජාලය තුළදී ඒවා සංසන්දනය කර බැලීමේ අවස්ථාව හිමිවෙනවා. ආරම්භයේදී මේ සේවාව යටතේ සංසන්දනය කිරීමට හැකි වුණේ රක්ෂණ විසඳුම් පමණයි. නමුත් ikman Compare පෙන්වූ සාර්ථකත්වය නිසා දැන් වෙනත් සේවාවනුත් එකතු කරන්නට සමාගම කටයුතු කර තිබෙනවා.

මෑතකදී ikman Compare සේවාව රටේ රථවාහන ලීසිං සේවා වෙළඳපොළ ක්රියාත්මක වෙන ආකාරයේ පෙරළිකාරී වෙනසක් ඇතිකළා. එමගින් පාරිභෝගිකයන්ට විවිධ සමාගම් ලබාදෙන ලීසිං විසඳුම් සංසන්දනය කර, තමන්ට කැමති විසඳුම තෝරාගෙන, ikman Compare අන්තර්ජාල ද්වාරය හරහා එම සමාගම් හා සම්බන්ධ වීමේ අවස්ථාව හිමිවුණා.

දිගින් දිගටම ikman Compare දියුණු වෙද්දී, අලුත් අලුත් අංග සේවාවට එකතු වෙමින් තිබෙනවා. එසේ අලුතින්ම එකතු වුණු සේවාවන් තමයි පෞද්ගලික ණය සහ උකස් සේවාවන්. ඒ නිසා දැන් ණය සහ උකස් සම්බන්ධයෙනුත් තීරණයක් ගන්නට කලින්, ඔබට ඇති විසඳුම් සංසන්දනය කර බලන්නට පුළුවන්.

ikman Compare සේවාවේ ස්වභාවය
ikman Compare යනු පහත සඳහන් සේවාවන් සඳහා විශේෂයෙන් වෙන්වුණු වෙබ් පිටුවක්.

• රක්ෂණ
• රථවාහන ලීසිං
• පෞද්ගලික ණය
• උකස් ණය

මෙම සේවාවන්ට ශ්රී ලංකාවේ ජනතාව අතර විශාල ඉල්ලුමක් පවතිනවා. එම නිසා එම සේවාවන් ලබාගැනීමේ ක්රමවේදය වඩාත් විනිවිදභාවයෙන් යුත්, ලාභදායී සහ පහසු ක්රමවේදයක් බවට පත්කිරීමට ikman.lk කල්පනා කළා. ikman Compare බිහිවුණේ ඒ අනුවයි. Ikman.lk සමග අත්වැල් බැඳගත් සමාගම් වල දත්ත ඇතුළත් දත්ත ගබඩාවක් ලෙස සහ ඔවුන්ගේ ඩිජිටල් සේවාවන් වෙත විහිදෙන පහසු මාවතක් ලෙස මෙය නිර්මාණය වී තිබෙනවා.

ikman Compare සේවාවේ ස්වභාවය, කෙටියෙන්
1. කෘත්රිම බුද්ධි තාක්ෂණයක් භාවිතා වන Chat bot ක්රමයක් මගින් අදාළ පාරිභෝගිකයාගේ තොරතුරු ලබාගෙන, එම තොරතුරු filtering ක්රියාවලියකට ලක්කිරීම
2. පාරිභෝගිකයාගේ අවශ්යතාව අනුව, හොඳින්ම ගැළපෙන විසඳුම් සම්බන්ධ යෝජනා ඉදිරිපත් කිරීම
3. මෙම විසඳුම් සංසන්දනය කර, තමන්ට හොඳින්ම ගැළපෙන විසඳුම තෝරාගෙන, වැඩිදුර විස්තර සඳහා අප ඇමතීමට පාරිභෝගිකයාට අවස්ථාව ලැබීම
4. අදාළ ලිපිලේඛන පාරිභෝගිකයා වෙත යැවීම. මෙහිදී ගනුදෙනුව අනුමත වීමෙන් අනතුරුව, පාරිභෝගිකයාගේ බැංකු ගිණුමට රු. 5,000 ක් දක්වා මුදලක් ආපසු බැරවීමට ඉඩ තිබේ (කොන්දේසි සහිතයි).

ප්රතිලාභ
පාරිභෝගිකයන්ට මෙමගින් ඉතාමත් පහසුවෙන් හා ඉක්මනින් තමන්ට අවශ්ය විසඳුම ලබාගත හැකි වේ. සාම්ප්රදායික ක්රම වලදී මේ සඳහා දින ගණන් හෝ සති ගණන් පවා ගතවීමට ඉඩ ඇත. දුරකථන ඇමතුම්, ඊමේල් සහ ගමන් බිමන් ඇතුළු කටයුතු සඳහා කාලය වැයවීම් මේ ඔස්සේ අවම වේ. අනෙක් අතට සමාගම් වලට මෙය තම විසඳුම් හා සේවාවන් අලෙවි කිරීම සඳහා හිමිවෙන ස්ථාවර මාර්ගයකි.

එමෙන්ම තවත් පියවරක් ඉදිරියට යමින්, රු. මිලියන 5 ට අඩු ණය මුදල් ඇපකරුවන් නොමැතිව ලබාගැනීමේ හැකියාව ලබාදීමටද, ඇතැම් සමාගම් සමග ගනුදෙනු කිරීමේදී ලිපිලේඛන ගාස්තු වලින් රු. 5,000 ක් දක්වා ආපසු පාරිභෝගිකයා වෙත ලබාදීමටද ikman Compare කටයුතු යොදා ඇත. තවද කොළඹ හා තදාසන්න ප්රදේශ වල පාරිභෝගිකයන් වෙතටම පැමිණ සේවාවන් සැලසීම සඳහා මේ වනවිට ikman Compare කණ්ඩායම් යොදවා තිබීම පාරිභෝගිකයන්ට සුවිශාල පහසුවක් වී තිබේ.

වැඩිදුර විස්තර සඳහා පිවිසෙන්න:

Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close
Close