ikman

ikman හි බයික්, ත්‍රී රෝද රථ සහ වාහන අමතර කොටස් දැන්වීම් ගාස්තු ඉවත් කෙරේ

කොරෝනා වයිරස් වසංගතය අප සැමට ජීවිතය දුෂ්කර කළ බව රහසක් නොවේ. මෙම වසරේ මාර්තු මාසයේ සිට, වසංගතය ලොව පුරා ජනතාවගේ ජීවිත උඩු යටිකුරු කළ ආකරය අප සැවොම දැක්කෙමු. පළමු රැල්ල මැයි මාසය වන විට පහව යත්ම රට යහපත් වූ අතර දෙවන රැල්ල මාස දෙක තුනකට නොඅඩු කාලයකදී රටට යළි පහර දුන්නේය. එහි ප්‍රතිඵලයක් ලෙස, කෙමෙන් කෙමෙන් යථා තත්ත්වයට පත්වීමට උත්සහ කළ ව්‍යාපාරවලට නැවත නතර වීමට සිදුවිය.

වාහන කර්මාන්තයට ඇති වූ බලපෑම

තත්ත්වය දිගටම පැවතෙන අතර, මෙම වසංගතය රටේ ආර්ථිකයට අයහපත් ලෙස බලපෑවේය. රටේ ආර්ථිකයට සහය වන සියලුම කර්මාන්ත නවතා දමා ඇති අතර ඔවුන්ගේ වැඩ කටයුතු නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට නොහැකි වී තිබේ. රට තුළට විශාල ආදායමක් ගෙන එන ප්‍රධාන කර්මාන්තයක් වන්නේ වාහන කර්මාන්තයයි. මෙයටද වසංගතය අහිතකර ලෙස බලපා ඇත. මීට අමතරව, 2021 අයවැයෙන් යෝජිත බදු මඟින් වාහන කර්මාන්තයට ඇති වන බලපෑම ද සැලකිය යුතු වේ. 

සමස්තයක් ලෙස ගත් කල, වාහන කර්මාන්තය මේ වන විට විශාල පාඩු විඳිමින් සිටී. සියල්ලටම වඩා අවධානය යොමුවිය යුතු කරුණක් නම්, මේ සියල්ල නිසා වැඩිපුරම පීඩා විඳින්නේ කුඩා ව්‍යාපාර හිමියන් වීමයි.

පෞද්ගලික වෙළඳුන්ට ikman මඟින් ලබා දෙන සහනය

ikman.lk යනු ශ්‍රී ලංකාවේ අංක එකේ මෙන්ම විශාලතම අන්තර්ජාල වෙළඳපොලයි. ශ්‍රී ලංකාවේ අන්තර්ජාල වෙළඳපොල වේදිකාවක වැඩිම වාහන ලැයිස්තුගත කිරීම් ද එහි ඇත. ikman හට ආඩම්බරයෙන් මේ සියල්ල පැවසිය හැක්කේ, ගැනුම්කරුවන් සහ විකුණුම්කරුවන් වශයෙන් ඔබ සැවොම ikman කෙරෙහි තබා ඇති විශ්වාසය හා පක්ෂපාතීත්වය නිසා පමණි. ඔබ නොමැතිව, ikman හට අද සිටින තත්ත්වයට පත්වවීමට හැකියාවක් නොතිබිණි. එනිසා, මෙම වසංගතය වැනි අසීරු කාලයකදී උදව් උපකාර කිරීම අපගේ වගකීම බව ikman හට හැඟේ.

එහි පියවරක් ලෙස, ටුක් ටුක්, බයික් සහ වාහන අමතර කොටස් සහ උපාංග සඳහා ikman හි ඇති සියලුම දැනිවීම් ගාස්තු ඉවත් කිරීමට ikman තීරණය කළේය. වෙනත් වචන වලින් කිවහොත්, දැන් ඔබට ඔබගේ ටුක් ටුක්, බයික් සහ වාහන අමතර කොටස් සහ උපාංග දැන්වීම් නොමිලේ, ගාස්තුවකින් තොරව, ikman හි පළ කළ හැකිය. මෙවැනි අසීරු කාලයකදී එක් එක් පරිශීලකයින්ට ඔවුන්ගේ භාණ්ඩ ආර්ථික වශයෙන් මෙන්ම මානසික වශයෙන් ද පහසුවෙන් විකිණීමට හැකි වනු ඇතැයි ikman විශ්වාස කරයි.

වාහන කාණ්ඩයමුදල් සීමාවදැන්වීම් මිල (පෙර )දැන්වීම් මිල (දැන්)
පාපැදි          – නොමිලේ නොමිලේ
වාහන අමතර කොටස් සහ උපාංග 0<100K නොමිලේ නොමිලේ
වාහන අමතර කොටස් සහ උපාංග >=100K 1200 නොමිලේ
ත්‍රීරෝද රථ        – 900 නොමිලේ
යතුරු පැදි සහ ස්කූටර්        – 900 නොමිලේ
පාපැදි, වාහන අමතර කොටස් සහ උපාංග, ටුක් ටුක් සහ යතුරුපැදි වලින් සියලුම දැන්වීම් ගාස්තු ඉවත් කර ඇත

ඉහත ඔබට පෙනෙන පරිදි, පාපැදි, වාහන අමතර කොටස් සහ උපාංග, ටුක් ටුක් සහ යතුරුපැදි වලින් සියලුම ගාස්තු ඉවත් කර ඇත. එබැවින්, ආර්ථික ගැටළු හේතුවෙන් වසංගතය අතරතුර මෙම වාහන අයිතම කිසිවක් විකුණා ගැනීමට නොහැකි වූවානම්, ඔබට තවදුරටත් කණගාටු විය යුතු නැත. දැන් ඔබට ඒවා සියල්ලම නොමිලේ ikman හි පළ කළ හැකිය.

නොමිලේ ලබා දෙන දැන්වීම් ගණන

ikman හි මෙම නව කොන්දේසි සමඟ, ඔබට ටුක් ටුක්, මෝටර් බයික් සහ ස්කූටර සඳහා සෑම මසකම නොමිලේ එක් දැන්වීමක් ලැයිස්තුගත කළ හැකිය. ඊට අමතරව, ඔබට සෑම මසකම වාහන අමතර කොටස් සහ උපාංග සඳහා ikman හි නොමිලේ දැන්වීම් දෙකක් පළ කළ හැකිය.

ආර්ථික පීඩන වලින් සියලු දෙනා පෙළෙන මෙවන් වකවානුවකදී, මෙවන් සහනයක් ලැබීම ඉතා අගනා අවස්ථාවක් බව ඔබට වැටහෙන  බව නොඅනුමානයි. එනිසා, ඉක්මනින්ම ඔබගේ අදාළ වාහන හෝ අමතර කොටස් විකුණා ගැනීමට දැන්ම ikman වෙත පිවිස ඔබගේ දැන්වීම නොමිලේ පල කර ගන්න.

Facebook Comments
Receive Updates

No spam guarantee.

Tags

Related Articles

Back to top button
Close
Close