Ikman.lk තුළ ව්‍යාජ භාණ්ඩ පිළිබඳ දැන්වීම් පළකිරීම තහනම්!

ජනප්‍රිය සන්නාම යටතේ එන නිෂ්පාදන අනුකරණය කරමින් ව්‍යාජ නිෂ්පාදන නිපදවීම අලුත් දෙයක් නොවෙයි. මේ නිසා ගැනුම්කරුවන් මෙන්ම අදාළ සන්නාම වල නියම හිමිකරුවන්ද ගැටලු රැසකට මුහුණ දෙනවා.

Ikman.lk යනු බොහෝ දෙනෙකුගේ විශ්වාසය දිනාගත්, ජනප්‍රිය වෙබ් අඩවියක්. මේ ජනප්‍රියත්වය නිසා ව්‍යාජ නිෂ්පාදන අලෙවි කරන්නන් එහිද ව්‍යාජ නිෂ්පාදන සම්බන්ධ දැන්වීම් පළකිරීමට නිතැතින්ම පෙළඹෙනවා. මෙවැනි නිෂ්පාදන වලට ගැනුම්කරුවන් රැවටීම විශාල ගැටලුවක්. මේ තත්ත්වය පාලනය කිරීම සංකීර්ණ කටයුත්තක් වුවත් ඊට පිළියමක් වශයෙන්, වෙබ් අඩවිය තුළ ව්‍යාජ නිෂ්පාදන සම්බන්ධ දැන්වීම් පළකිරීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට Ikman.lk තීරණය කර තිබෙනවා.
මෙම තීරණයේ මූලික අරමුණ වන්නේ ගැනුම්කරුවන් Ikman.lk සම්බන්ධයෙන් තබා ඇති විශ්වාසය ආරක්ෂා කිරීමයි. ඒ අතරම මෙම පියවර මගින් නියම විකුණුම්කරුවන්ට තම නිෂ්පාදන අලෙවි කිරීම සඳහා වඩාත් හොඳ අවකාශයක් වෙබ් අඩවිය තුළ නිර්මාණය වනවා. ඒ අනුව, ගැනුම්කරුවන්ට දැන් හිතේ විශ්වාසය ඇතිව නියම නිෂ්පාදන Ikman.lk තුළින් තෝරාගැනීමට පුළුවන්.

කිසියම් විකුණුම්කරුවෙකු මේ නීති නොපිළිපදින බව පෙනී ගියහොත්, අදාළ දැන්වීම් වෙබ් අඩවියෙන් ඉවත් කිරීම සඳහා දැඩි විධිවිධාන යොදා තිබෙනවා. වෙළඳ නාම වල නියම හිමිකරුවන්ගේ බුද්ධිමය දේපළ හිමිකම් ආරක්ෂා කරන අතරම Ikman.lk විධිමත් ලෙස ව්‍යාපාර කටයුතු සිදුකිරීම සඳහා සුදුසු මාධ්‍යයක් බවට පත්කිරීම අපගේ ඉලක්කයයි.

ඔබත් Ikman.lk සමග එක්වී ව්‍යාජ නිෂ්පාදන වලට තිත තබන්න!

Back to top button
Close
Close