Otherඋපදෙස් සහ මාර්ගෝපදේශප්රවෘත්ති සහ සමාලෝචන

Mother’s Day දා ඔබේ මවගේ මුහුණට සිනහවක් ගෙන ඒමට ක්‍රම 5ක්

“මේ ලොව ඇති සියලු දේ සැදී ඇත්තේ හිරුගේ එළියෙන් සහ අම්මාගේ කිරිවලිනි.” – Maxim Gorky

අම්මා කියන වචනය අකුරු තුනකට පමණක් සීමා වුණාට ඇයගේ ආදරය සෙනෙහස කරුණාව කිසිම දවසක අපිට මිල කරන්න බැහැ. සිංහල භාෂාවේ තියෙන හෘදයාංගම වචනය අම්මා. හැම අම්මා කෙනෙකුම රැජිණක්. එක දවසකට විතරක් නෙවෙයි. දවස් තුන්සිය හැට පහේම. කුස්සියට පමණක් නෙමෙයි මුලු ලෝකෙටම. දරු සෙනෙහස මහමෙරටත් වඩා දරාගෙන ඒ වෙනුවෙන් තම ජිවිතයම කැප කරන අම්මාගේ රුව ගුණ සුවද මේ ලෝකය පුරාම පැතිරෙන්නේ කිසි දිනක කිසිවෙකුට සම කරන්න බැරි විදිහටයි.

Mother’s Day අත ළඟයි!

මව් කුසේ සිට ලෝකය දකින මොහොත දක්වාත්, එතැන් පටන් කරදඬු උස් මහත් වෙච්ච තරුණයෙක් තරුණියක් වෙනකම් යෝධ සෙවණැල්ලක් සේ අපේ පසු පස ඉන්න අම්මා, ඒ කැපකිරීම් වෙනුවෙන් අපෙන් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ.නමුත් දරුවන් විදිහට ඇයව සතුටු කිරීම, අපේ ආදරය පෙන්වීම කුඩා gift ලබා දීමෙන් පවා සිදු කරන්න පුලුවන්. තමන්ගේ අම්මා වෙනුවෙන් තමන්ට පුලුවන් විදිහට මොනවගේ දෙයක්ද දෙන්න පුලුවන් කියලා කල්පනා කරන ඔබ වෙනුයි මේ ideas කිහිපය මේ විදිහට share කරන්න හිතුවේ.

1. Creative විදිහට හිතන ඔයාලට පුලුවන් ලස්සන handmade cards හදලා ඇයට දෙන්න

ඔයාට කොහොමද ඔයාගේ අම්මව දැනෙන්නේ කියලා special message එකක් දාපු handmade card එකක් දෙන්න පුලුවන් නම් ගොඩාක් විටන gift එකක් වෙයි ඔයාගේ අම්මට. Creative card එකක් නිර්මාණය කරන්න පුලුවන්නම් ඒකට අවශ්‍ය වෙන අදහස් ගන්න බොහෝ online tutorials YouTube එකෙන් පවා නරඹන්න පුලුවන්.

2. ඔබට පුලුවන් විදිහට Smartphone එකක් Gift එකක් විදිහට ඇයට ගෙනවිත් දෙන්න

Digital ලෝකයට හුරු නැති කමක් ලංකාවේ බොහෝ මව්වරුන්ට තියෙන්න පුලුවන්. හැබැයි ආදායමක් උපයන තරුණ තරුණියන් විදිහට ඔබේ අතේ ඇති මුදලට හරියන smartphone එකක් මිලදී ගෙන අම්මට දීලා use කරන විදිහ ගැන කියලා දුන්නොත් ඇයත් සතුටින් ඒ smartphone එක use කරන්න හුරුවෙයි.

3. අම්මලා ආස කරන ගෙවතු අලංකරණ භාණ්ඩ (home decor items) ඒ අයට ගෙනවිත් දෙන්න

ගෘහණියක් විදිහට ඉන්න ගොඩාක් අම්මලා තනියම නිවසේ ඉන්න වේලාවට ගෙවත්ත හෝ නිවස අලංකාර කරමින් පවුලේ හැමෝටම සුවපහසු සහ අලංකාර පරිසරයක් සකස් කිරීම සිදුකරනවා. ඔබත් විවේකී වේලාවට අම්මට උදව් කරන ගමන් ඇයට අවශ්‍ය අඩුපාඩුවක් ව  තියෙන ගෙවතු අලංකරණ භාණ්ඩ (home decor items) ඇයට ලබා දෙන්න පුලුවන් නම් ඇය සතුටු වනු ඇත.

4. ඇය වෙනුවෙන් දිනයක් වෙන් කරන්න. Spend a day together.

මේ ඔබේ මවගේ දිනයයි. ඒ නිසා ඇයට රැජිනකට වගේ සලකලා මුළු දවසම ඇය ඔබ සමඟ කරන්න කැමති දේවල් කරන්න. පවුලේ හැමෝටම එකට picnic එකක් යන්න, හැමෝම එකතු වෙලා dinner ගන්න එළියට යන්න අම්මා වෙනුවෙන් සුවිශේෂි දිනය වෙන්කර ගන්න.

5. විලාසිතා සහ රූපලාවන්‍ය ආරක්ෂණ නිෂ්පාදන (Fashion and Beauty care products) ඇයට තිළිණ කරන්න

අපි හැමෝම කැමති අපේ අම්මලා ලස්සනට ඉන්නවට. ගොඩාක් අම්මලත් කැමති විලාසිතා (fashion) කරන්න සහ රූපලාවන්‍ය ආරක්ෂණ නිෂ්පාදන (beauty care products) පාවිච්චි කරන්න. ඉතින් ඒවැනි නිෂ්පාදන තමන්ට හැකි පමණින් තමන්ගේ ආදරණීය අම්මා වෙනුවෙන් ගෙනල්ලා දෙන්න පුලුවන් නම් ඒ දිනය ආදරණීය දිනයක්ම වනු ඇත.

අම්මා වෙනුවෙන් පැය විසිහතරක් පමණක් සීමා නොකර ඔබට හැකි සෑම විටම ඇය ළඟින් ඉදිමින් අම්මා වෙනුවෙන් කල හැකි සෑම දෙයක්ම කරන්න උත්සහ කරන්න. නැතිනම් දිනක ඇය අහිමි වු දවසට අපිට දුක පමණක් සදාකාලික ඉතිරි වනු ඇත. උපන් දා සිට අපේ ජිවිතය කරගත් අම්මා, නිමක් නොමැති බාධක හමුවේ යායුතු මඟ නිවැරදිව කියලා දුන්නා. මව් සෙනෙහස අතරමග තනිනොකොට ඇයගේ මහිමය සිහිකර ඇය දිවි දෙවෙනි කොට සුරක්ෂිත කරයි නම් එය ලෝකයේ පැවැත්ම යළි යළිත් සුරක්ෂිත වනවා නියතයි.

Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Back to top button
Close
Close