රැකියා සහ සේවා

Overseas job එකක් (විදේශ රැකියාවක්රැකියා) ලේසියෙන්ම හොයා ගන්නේ කොහොමද?

මේ දවස්වල ශ්‍රී ලාංකිකයින් බොහෝ වශයෙන් විදේශ රැකියා සඳහා පිටත්ව යන බව නිතරම අහන්න ලැබෙනවා. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වාර්තා කරන විදියට මේ වසරේ අගෝස්තු මාසයේ අවසානය දක්වා ශ්‍රී ලාංකිකයන් 200,000කට වැඩි පිරිසක් විදේශ රැකියා සඳහා පිටත්ව ගොස් ඇත. ඉතිං, මේ පවතින ආර්ථික අපහසුතා එක්ක ලංකාවේ ප්‍රධානම මාතෘකාවක් වෙලා තියෙන්නෙ පිට රටකට ගිහින් වැඩිපුර සල්ලි කීයක් හරි හොයාගන්නෙ කොහොමද කියන එක. 

මොන field එකේ වුනත් overseas job එකක් හොයා ගන්නවා කියන්නෙම මේ ආර්ථික අර්බුද අස්සෙ හරියට හීනයක් සැබෑ වුණා වගේ දෙයක්.හැබෑවුනා වගේ. හැබැයි overseas job එකක් කොහොමද හරියටම හොයා ගන්නෙ කියන එක ගැන හරි අවබෝධයක් නැති නිසා හුඟ දෙනෙක් වංචනික පුද්ගලයන්ට සහ එවැනි ආයතනවලට රැවටෙන ප්‍රවණතාවයක් දක්නට ලැබෙනවා. මේ පවතින ආර්ථික අර්බුද මැද්දෙ තවත් වංචාවලට අහුවෙනවා කියන්නෙ හරියට කබලෙන් ලිපට වැටෙනවා වගේ.

ඒ නිසා, එවැනි වංචා සහගත තත්වයන්ට හසුනොවී ඔබට ගැළපෙන overseas job එකක් ලේසියෙන්ම හොයා ගන්නෙ කොහොම ද කියලා මේ ලිපියෙන් ඔබට පැහැදිලි කරන්න අපි තීරණය කරා. 

මුලින්ම අපි හොයලා බලන්න ඕන කාරණා කීපයක් තියෙනවා. ඒ මොනවද කියලා අපි එකින් එක බලමු.

ඔබ කරන්න කැමති job එක මොකද්ද කියලා තීරණය කරන්න

Job එකක් හොයාගන්න කලින්, ඔබ ලබා ගැනීමට කැමති තනතුර, ඔබ වැඩ කිරීමට කැමති field එක සහ ඒ සඳහා ඔබ ඉගෙන ගැනීමට කැමති skills මොනවද යන්න සලකා බැලීම වැදගත් වෙනවා. මොකද ඒ හරහා ඔබට වඩාත් සුදුසු job එක තීරණය කිරීම පහසුවන නිසා. 

ඒ වගේම, ඔබට යාමට අවශ්‍ය නිශ්චිත රට සහ ඔබට කොපමණ කාලයක් එහි වැඩ කිරීමට අවශ්‍යද යන ආදී කරුණු ද සලකා බැලිය යුතු වෙනවා.

ඔබේ CV එක අදාළ රටට ගැළපෙන ආකාරයට සකස් කරන්න

ඔබ අයදුම් කිරීමට කැමති job එකට CV එකක් අවශ්‍ය කරනවා නම් එය ඔබ අයදුම් කරන රැකියාවට සහ රටට ගැළපෙන පරිදි සකස් කිරීම වැදගත් වේ. ඔබ ඔබේ CV එකේ භාවිතා කරන keywords එරටේ භාෂාවට අදාල විය යුතුය.  

එම රටෙහි ඇති විවිධ භාෂා, ආර්ථිකය, දේශපාලනය සහ සංස්කෘතිය ගැන දළ අවබොධයක් ලබා ගන්න.

ඔබගේ විදේශ රැකියාව සඳහා ඔබට එම රටෙහි නිල භාෂාවෙන් සන්නිවේදනය කිරීමට සිදු විය හැකිය. එම නිසා ඔබ උනන්දුවක් දක්වන රැකියාවක් ඔබ සොයාගන්නේ නම්, ඒ සඳහා ඔබට දැන ගැනීමට අවශ්‍ය භාෂා පිළිබඳව සොයාබලා ඒවා ඉගෙන ගැනීමට සහ අදාළ skills වර්ධනය කරගැනීමට උත්සාහ කරන්න.

එමෙන්ම, ඔබ විදේශයක වැඩ කිරීමට තීරණය කරන විට, එම රටේ සංස්කෘතික සිරිත් විරිත් සහ ආචාර විධි පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමද වැදගත් වේ. 

දැන් අපි බලමු overseas job එකක් හොයා ගන්න පුලුවන් විවිධ ක්‍රම මොනවද කියලා.

ikmanහි ඇති work overseas category එක භාවිතා කරන්න

Overseas jobs හොයන අයට විශේෂයෙන් ම වෙන්වුන category එකක් Ikman.lk එකේ ඇති අතර ඒ හරහා ඔබට පහසුවෙන් ඔබ කැමති රැකියාවලට අයදුම් කල හැකි ය. විශ්වාසදායක සහ හොඳ ම ආයතන ඉදිරිපත් කරන රැකියා 600කට වඩා අප විසින් එහි ලැයිස්තුගත කර ඇත.

මෙම ආයතන ikman සමඟ ලියාපදිංචි වී ඇති අතර ඔවුන්ගේ රැකියා ikmanහි පළ කරයි. ගෘහ සේවිකාවන්, වේටර්වරුන්, යාන්ත්‍රික ශිල්පීන්, cleaners සහ කෝකියන් වැනි විදේශ රටවල විශාල ඉල්ලුමක් ඇති රැකියාවල සිට ඉහළ කළමනාකරණ රැකියා දක්වාවන පුළුල් පරාසයක විදේශ රැකියා ඔබට ikman හරයා සොයාගත හැකිය.

සෘජුවම අයදුම් කරන්න

Overseas job එකක් සොයා ගැනීමට ඇති තවත් පහසුම ක්‍රමයක් තමයි ඔබ දකින job vacancy දැන්වීම් පලකර ඇති ආයතනවල websites හෝ ඔවුන්ගේ Linkedin pages හරහා ගොස් කෙලින්ම එම රැකියාවට අයදුම් කිරීම.

තවද LinkedIn හරහා ඔබට අවශ්‍ය රැකියාව search කර ඒවාට ද සෘජුව අයදුම් කල හැකිය. එහිදී මැදිහත්කරුවන් නොමැති අතර එම ආයතනය ඔබව තෝරා ගැනීමට කැමති නම් ඔවුන් විසින් ඔබව කෙලින්ම සම්බන්ධ කර ගනු ඇත.

ඔබව එම රැකියාවට තෝරාගෙන ඇත්නම් බොහෝවිට එම සමාගම විසින් ඔබව sponsor කලයුතු අතර එහිදී ඔවුන් ඔබව රැකියාවට ගැනීමට අවශ්‍ය වන්නේ ඇයි දැයි හේතු දැක්වා sponsorship letter එකක් එවනු ඇත. (මෙය සැමවිටම අදාළ නොවේ) මෙම පියවර සම්පූර්ණ වූ විට, ඔබට ඔබගේ රැකියා වීසා ( work visa) බලපත්‍රය සඳහා අයදුම් කළ හැකිය.

විදේශ රැකියා ඒජන්සියකින් උදව් ලබාගන්න

හොඳ නමක් ඇති සහ විශ්වාසනීය බවක් පෙන්නුම් කරන විදේශ රැකියා ඒජන්සියකින් ද ඔබට overseas job එකක් හොයා ගැනීමේ හැකියාව ඇත. ඔවුන් හරහා දැනටමත් රැකියාවක් ලබා ගත් අය සිටී නම්, ඔවුන්ගෙන් කරුණු විමසා බලන්න. එම ආයතනවල විශ්වාසදායක බව තහවුරු කර ගැනීමට එම ආයතන පිළිබඳව තරමක් හොඳින් සොයා බැලිය යුතු වේ.

මෙම නියෝජිතයන් සාමාන්‍යයෙන් job එකක් සොයා දීමේ සිට ලිපි ලේඛන කටයුතු සකස් කිරීම දක්වාම ඔබට උදව් වෙයි. තවද ඔබ මේ සඳහා ඔවුන්ට ගෙවීමක් කරන බැවින් එවැනි ආයතන කිහිපයක් සහ ඒවායෙහි මිලගණන් සන්සන්දනය කර බලා හොඳ ම සහ සාධාරණ අයකිරීමක් සහිත ඒජන්සිය තෝරා ගැනීම වැදගත් වේ.

Overseas job එකක් සොයාගත්තාට පසු

ඔබව රැකියාවකට තෝරාගත්තාට පසු, ඔබට ඔබේ වීසා සඳහා ඉල්ලුම් කළ හැකිය. මේ සඳහා, ඔබට සේවා ලිපි, හැඳුනුම්පත්, අධ්‍යාපන සහතික සහ වෙනත් ලියකියවිලි ඉදිරිපත් කිරීමට අවශ්‍ය වනු ඇත. 

ඒ වගේම, සමහර රැකියා ආයතනවලින් ඔබට නවාතැන් පහසුකම් සපයනු ඇති අතර ඇතම් විටක ඔබටම නවාතැන් සොයා ගැනීමට සිදුවනු ඇත. නවාතැනක් සොයා ගැනීමට ඇති හොඳම ක්‍රමය නම් එහි වෙසෙන ශ්‍රී ලාංකික මිතුරෙකුගෙන් හෝ පවුලේ සාමාජිකයෙකුගෙන් උදව් ලබා ගැනීමයි.  

වීසා, අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට පෙර ඔබේ ලේඛන හොඳින් පරීක්ෂා කිරීමට වග බලාගන්න. ඔබගේ වීසා බලපත්‍රය අනුමත වූ පසු, ඔබට පිටත්වීමට අදාළ අනෙකුත් කටයුතු එනම් ගුවන් යානයක් වෙන්කරවා ගැනීම ආදිය සිදුකරගත හැකි ය.

කෙටියෙන්

Overseas job එකක් සෙවීමේදී විශේෂයෙන් ම සැලකිය යුතු කරුණ වන්නේ විශ්වාසනීය මාර්ගයක් ඔස්සේ job එකක් සොයා ගැනීමයි. ikman.lk කියන්නෙ නිසැකවම එවැනි විශ්වාසවන්ත මාර්ගයක්.

ikman.lk හරහා අප ඔබට ඉදිරිපත් කරන එම overseas job category එක තවත් පුළුල් කිරීමට බලාපොරොත්තුවන අතර ඒ හරහා ඔබට අනාගතයේදී තවත් විශ්වාසනීය overseas jobs දැකගැනීමට හැකි වේ.

Overseas job එකකට හරියටම ලෑස්ති වෙන්නෙ කොහොමද කියලා තවත් විස්තර දැනගන්න; මෙතනින් කියවන්න.

Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Back to top button
Close
Close