ගෙදරදොර උපකරණ

Secondhand Furniture මිලදී ගැනීමේදී සලකා බැලිය යුතු වැදගත් කරණු

ගෘහ භාණ්ඩ කියන්නේ ඔබේ ගෙදර ලස්සන කරන්න වගේම ඔබට සුවපහසු ජීවන රටාවක් අත්විඳින්න පහසු කරවන සුවිශේෂී උපාංග වර්ගයක්. සාමාන්‍යයෙන් ගෘහ භාණ්ඩ දිගු කාලයක් පවතින නිසා secondhand furniture එහෙමත් නැත්නම් කලින් පාවිච්චි කරන ලද ගෘහ භාණ්ඩ නැවත පරිහරණයට ගැනීම සාමාන්‍යයෙන් සිදුවන්නක්. නමුත් කලින්  පාවිච්චි කරන ලද ගෘහ භාණ්ඩ තෝරා ගැනීමේ දී විශේෂයෙන් සැලකිලිමත් විය යුතු කරුණු කීපයක් තියෙනවා. ඔබත් පාවිච්චි කරන ලද furniture මිලදී ගැනීමට සූදානම් වන කෙනෙක් නම් ඒ මොනවද කියලා දැනගෙන ඉන්න එක ගොඩක් වැදගත් වේවි.

මේ ලිපියෙන් අපි සාකච්ඡා කරන්නෙ පාවිච්චි කරන ලද ගෘහ භාණ්ඩ මිලදී ගැනීමේදී විශේෂයෙන් අවධානය යොමුකළ යුතු වැදගත්ම කරණු කීපයක් ගැන.

ගෘහ භාණ්ඩ මිලදී ගැනීමට පෙර ඒවා අත්හදා බලන්න

ගෘහ භාණ්ඩ මිලදී ගැනීමට පෙර අත්හදා බැලීම, ඒවායෙහි තත්වය දැන ගැනීමට  බෙහෙවින් උදව් වේ. උදාහරණ ලෙස, කැබිනට්වල ලාච්චු විවෘත කර බලන්න, පුටුවල වාඩි වී මේස මත හේත්තු වී බලන්න. යම්කිසි ගෘහ භාණ්ඩයක් හානි වී ඇත්නම්, ඔබේ භාවිතය සඳහා එය තවමත් සතුටුදායක තත්ත්වයක පවතින බව තහවුරු කර ගැනීම වැදගත් වේ. එය තරමක් හානි වී තිබුණද, ඔබට හෝ වෙනත් අයෙකුට එය සකස් කළ හැකිනම් එය මිලදී ගත්තාට ගැටලුවක් නැත. ඒ වගේම, භාණ්ඩයේ වත්මන් තත්ත්වය අනුව ගෙවීම් කිරීමද මෙහිදී වැදගත් වේ.

ගෘහ භාණ්ඩයේ පැවති මිල කීයදැයි සොයා බලන්න. 

Secondhand හෑන්ඩ් ගෘහ භාණ්ඩ සෑම විටම පාහේ අලුත් ඒවාට වඩා අඩු මිලක් දරන අතර, එවැනි අඩු මිලකට ඔබ ඉතා හොඳ තත්ත්වයේ ගෘහ භාණ්ඩයක් සොයා ගන්නේ නම් එය ඔබට විශාල වාසියක් විය හැකිය.

හැකි සෑම විටම, ලේබල් සෙවීමට උත්සාහ කරන්න. එවිට ඔබට එහි මුල් විකුණුම් මිල සමඟ පාවිච්චි කරන ලද ගෘහ භාණ්ඩය සංසන්දනය කළ හැකිය.  සමහර Second hand ගෘහ භාණ්ඩ මිළ අඩු බව පෙනුනත්, ඇත්තටම ඒවා අලෙවි වන්නේ අලුත්ම එකකට වඩා සුළු ප්‍රමාණයක් අඩු කරන ලද මිලකට ය.

Assemble (එකලස්) කිරීම අවශ්‍ය ගෘහ භාණ්ඩ එතරම් ශක්තිමත් නොවිය හැක

Assemble කිරීමට අවශ්‍ය ගෘහ භාණ්ඩ මිල අධික වෙළඳ නාම සහිත ගෘහ භාණ්ඩ මිලදී ගැනීමේදී හොඳ ආර්ථිකමය විකල්පයකි. නමුත්, secondhand ගෘහ භාණ්ඩ සොයන විට assemble කරන ලද ගෘහ භාණ්ඩ පිළිබඳව සැලකිලිමත් වන්න. බොහෝ විට එවැනි ගෘහ භාණ්ඩවල මුල් කොටස් සියල්ල ම නොතිබිය හැකිය.

සාදා ඇත්තේ කුමන අමුද්‍රව්‍යවලින් ද යන්න පිළිබඳව සැලකිලිමත් වන්න

අදාළ ගෘහ භාණ්ඩ සාදා ඇති ද්‍රව්‍ය කුමක් ද යන්න සොයා බැලීම වැදගත් වේ. උදාහරණයක් ලෙස, ඝන දැව වලින් නිමවන ලද ගෘහ භාණ්ඩ, බෝඩ් ආදියෙන් සාදා ඇති ගෘහ භාණ්ඩවලට වඩා බොහෝ කාලයක් පවතිනු ඇත.

නමුත් ඝන දැවවලට වේයන් වැනි කෘමීන්ගෙන් අවදානමක් ඇති විය හැකි නිසා එවා කෘමීන්ගෙන් ආසාදනය වී නොමැති බව පරීක්ෂා කිරීමට වග බලා ගන්න.

යකඩ, වානේ හෝ ඇලුමිනියම් වලින් සාදන ලද ලෝහ ගෘහ භාණ්ඩ ද හොඳ තේරීමකි.

ලෝහ ගෘහ භාණ්ඩ ගැන සලකා බැලීමේදී, දැනට පෙනෙන ආකාරය පමණක් නොව, ඒවා අලුත්වැඩියා කර භාවිතා කළ හැකිද යන්න පිළිබඳව ද සලකා බලන්න. මන්ද, මලකඩ ඉවත් කර තීන්ත ආලේප කර ඒවා දිගු කාලයක් භාවිතා කළ හැකිය.

ඔබට දැනගැනීමට අවශ්‍ය සියල්ල විකුණුම්කරුගෙන් විමසන්න

ඔබ second hand ගෘහ භාණ්ඩ මිලදී ගන්නා විට විකුණුම්කරුගෙන් ප්‍රශ්න කිරීමට පසුබට නොවන්න. 

ඔබ එම ගෘහ භාණ්ඩය මිලදී ගැනීමේදී ගෙවීමක් කරන නිසා එයට අදාළ සියලුම තොරතුරු දැන ගැනීමට ඔබට අයිතියක් ඇත. එබැවින් ඔබ සලකා බලන ගෘහ භාණ්ඩයට අදාළ ඕනෑම ප්‍රශ්නයක් විකුණුම්කරුගෙන් අසන්න.

සාධාරණ ගනුදෙනුවක් සඳහා කේවල් (negotiate) කරන්න

සාමාන්‍යයෙන්, විකුණන්නන් ඔවුන්ගේ මිල ඉහළ මට්ටමක තබන්නේ ඔබ අඩු මිලකට ඉල්ලන බව ඔවුන් දන්නා නිසා ය. විකුණුම්කරුවන් ලෙස, ඔවුන් ඒ සඳහා සූදානම් වී සිටී. එබැවින් කේවල් කිරීම සාමාන්‍ය දෙයකි.

නමුත් ඔබ සහ විකුණුම්කරු යන දෙඅංශයෙන්ම සාකච්ඡා සාධාරණව තබා ගන්න. ඔබ ඉතා අඩු මුදලකට ඉල්ලුවහොත් ඇතැම් විට එය ඔබට අහිමි වී යා හැකිය.

පාවිච්චි කරන ලද ගෘහ භාණ්ඩ මිලදී ගැනීම ආරක්ෂිත ද?

සරල පිළිතුර නම් ඔව්! තරමක් සංකීර්ණ පිළිතුර නම්, ‘සෑම විටම නොවේ’. පාවිච්චි කරන ලද ගෘහ භාණ්ඩ මිලදී ගත යුත්තේ කොතැනින්ද සහ ඔබ සොයන ගෘහ භාණ්ඩ මොනවාදැයි සොයා බැලීමට පෙර දැනගත යුතු කරුණක් ඇත. එනම්, කිසි විටෙකත් මිලදී ගත යුතු නැති secondhand ගෘහ භාණ්ඩ ඇති බවයි.

හේතු කිහිපයක් නිසා මෙට්ට එම ලැයිස්තුවේ ඉහළින්ම සිටී. එවැනි ගෘහ භාණ්ඩ කෙතරම් පිරිසිදු දැයි ඔබ නොදනී. දූවිලි, මයිටාවන්, ඇඳ මකුණන් සහ සියලු වර්ගවල ශරීර තරල මෙම අයිතමවල ගැඹුරින් සැඟවී තිබිය හැක. 

මිලදී ගැනීමේදී වඩාත් සැලකිලිමත් විය යුතු secondhand ගෘහ භාණ්ඩ

පාවිච්චි කළ ගෘහ භාණ්ඩ මිලදී ගැනීම ඔබට මුදල් ඉතිරි කර ගැනීමට උපකාරී විය හැකි නමුත්, මෙවැනි වර්ගයේ පාවිච්චි කළ ගෘහ භාණ්ඩ මිලදී ගැනීමෙන් වැළකී සිටිනවා නම් හොඳ ය. තත්ත්වය පරීක්ෂා කර බලා හොඳ/ අලුත් තත්ත්වයක පවතිනවා නම් මිලදී ගත්තාට ගැටලුවක් නැත.

1) මෙට්ට

සනීපාරක්ෂක හේතූන් නිසා (අනිවාර්‍යෙන්ම අවදානම වටින්නේ නැත) secondhand ගෘහ භාණ්ඩයක් ලෙස මෙට්ට මිලදී ගැනීම සුදුසු නැත.

භාවිතා කරන ලද මෙට්ටයක ඉතිහාසය කුමක්දැයි ඔබ කිසි විටෙකත් නොදනී. එය මතුපිටින් මනාව පෙනුනද, විෂබීජ, බැක්ටීරියා, හෝ ඊටත් වඩා දරුණු – ඇඳ මකුණන් වැනි සතුන් රැසකට රැකවරණය වී තිබිය හැකිය!

2) සෝෆා සහ ළඳරු ඇඳන්

ඔබ සෝෆා හෝ ළඳරු ඇඳක් මිලදී ගැනීමට සලකා බලන්නේ නම්, ඒවාගේ ආධාරක රාමු තවමත් ප්‍රමාණවත් තරම් ශක්තිමත්ව ඇතිදැයි පරීක්ෂාකර බලන්න.

සේෆාවල බැක්ටීරියා සහ විෂබීජ ද තිබිය හැකි බව මතක තබා ගන්න, එමෙන්ම ඒවායෙහි අපිරිසිදු පැල්ලම් තිබේදැයි පරීක්ෂා කිරීම ද වටියි.

3) අප්‍රසන්න දුගඳ සහිත ගෘහ භාණ්ඩ

ගෘහ භාණ්ඩ දිගු කලක් ඔබේ නිවසේ පවතින බැවින්, ඒවා ඔබේ සෞඛ්‍යයට පවා හිතකර විය යුතුය.

වඩාත් පහසුවෙන් Secondhand furniture මිලදී ගැනීමට ඔබට ikman වෙබ් අඩවිය භාවිතා කල හැකි ය. ඔබට අවශ්‍ය තොරතුරු විකුණුම්කරුවන් සමඟ කතාකර ගැනීමේ හැකියාවද ඇත.

ඒ හැරුණු කොට අනෙකුත් පාවිච්චි කළ ගෘහ භාණ්ඩ වර්ග ඉහත සඳහන් කළ කරුණු සලකා බලා මිලදී ගන්න. නිවැරදි ලෙස තීරණය කළහොත් පෙර පාවිච්චි කළ ගෘහ භාණ්ඩ සැමවිටම ප්‍රතිලාභදායක විය හැක. අලුත්වැඩියා කර හෝ ඒ තියෙන අයුරින්ම භාවිතා කලත්, අලුත්ම ගෘහ භාණ්ඩ නොගෙන ඔබ ඉතිරි කරන මුදල් නිසැකවම ඔබට වාසි ගෙනදේ. සැමවිටම secondhand furniture මිලදී ගැනීමේදී ඉහත කරුණු ගැන සැලකිලිමත් වෙන්න වගබලා ගන්න.

FAQs:

Secondhand ගෘහ භාණ්ඩ අන්තර්ජාලය හරහා මිලදී ගත හැකිද?

ඔව්, ඔබට පුළුවන්. ඇතැම් වෙබ් අඩවි හරහා Secondhand  ගෘහ භාණ්ඩ මිලදී ගැනීමට සහ විකිණීමට හැකි අතර, ikman, Secondhand  ගෘහ භාණ්ඩ සඳහා ප්‍රමුඛ online වෙළඳපොළක් වී ඇත. අපගේ වෙබ් අඩවියට log වී ඔබට අවැසි ගෘහ භාණ්ඩ මිලදී ගත හැක.

පාවිච්චි කරන ලද furniture විකිණීමට ඇති වේගවත්ම ක්‍රමය කුමක් ද? 

වඩාත් වේගයෙන් යමක් විකිණීමට ඇති පහසුම ක්‍රමය නම් අන්තර්ජාලය හරහා පිවිසිය හැකි වෙළඳපලවල් නැතිනම් websites ය. ඒ සඳහා විශ්වාසදායක වෙබ් අඩවියක් තෝරා ගැනීම වැදගත් වේ.

Secondhand  ගෘහ භාණ්ඩ online මිලදී ගැනීමේදී සොයා බැලිය යුත්තේ මොනවා ද?

මිල කෙරෙහි අවධානය යොමු කළ යුතු අතරම ඒවායෙහි ගුණාත්මකභාවයද පරීක්ෂා කළ යුතුය. ඔබ ikman වෙතින් මිලදී ගන්නේ නම්, මිලදී ගන්නවාද නැද්ද යන්න තීරණය කිරීමේදී, තිබෙන තොරතුරු ප්‍රමාණවත් නොවන්නේ නම්, ඔබට විකුණුම්කරු සමඟ කතා කර පින්තූර ඉල්ලා සිටිය හැක.

Secondhand ගෘහභාණ්ඩ භාවිතය සෞඛ්‍යාරක්ෂිත ද?

එය ඔබ භාණ්ඩයක් මිලදී ගැනීමේදී සලකාබලන කරණු අනුව තීරණය වේ. සෞඛ්‍යාරක්ෂිත බව තහවුරු කරගත් භාණ්ඩ පමණක් මිලදී ගැනීම වැදගත් වෙන්නෙ ඒ නිසයි. එසේ තහවුරුකර ගත්තද භාවිතා කිරීමට පෙර හොඳින් පිරිසිදු කර පාවිච්චි කිරීමට වගබලා ගන්න.

පාවිච්චි කරන ලද ලී ගෘහ භාණ්ඩ පිරිසිදු කරන්නේ කෙසේද?

Dishwashing soap සහ ජලය එක්කර සැහැල්ලු මිශ්‍රණයක් සාදාගන්න. මෘදු රෙද්දක් භාවිතා කර, එය එම මිශ්‍රණයෙහි ගිල්වා හැකිතාක් එය මිරිකා ගන්න. ඉන්පසු අදාළ ලී ගෘහ භාණ්ඩය පිස දමන්න. එළෙස භාවිතා කරන රෙදි කැබලි නිතර සෝදන්න.

Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Back to top button
Close
Close