ඉලෙක්ට්‍රොනික්ස්

Smartphone එකේ battery life එක maximize කරන ක්‍රම 05ක්

අද ගොඩක් දෙනෙක්ට නැතුවම බැරි electronic device එකක් තමයි smartphone එක කියලා කියන්නේ. ඉතින් ඔයාගේ smartphone එකේ low battery කියන notification එක display වෙනකොටම පොඩි දුකකුත් එනවා.. කවදාවත් charge නොකර එකදිගට use කරන්න පුලුවන් smartphone තව අවුරුදු කීයකින් මොන සමාගම launch කරයිද කියලා අපිට හිතන්නවත් බෑ.. ඉක්මන්ට low battery වෙලා අපේ smartphone එකේ battery life එක අඩු වෙලා යන්න අපි නෙදැන කරන දේවල් වලින් පවා පුලුවන්. ඉතින්  අපි මේ කියන්නේ ඔයාගේ smartphone එකේ battery life එක maximize කරන ක්‍රම 05ක් ගැනයි.

Screen brightness අඩු කරන්න

ඔයාගේ smartphone එකේ battery life එක සැලකිය යුතු ලෙස අඩු කරන්න මේ ක්‍රමය ගොඩාක් ප්‍රයෝජනවත්. Display settings හරහා තමන්ගේ smartphone එකේ brightness අඩුකරගන්න පුලුවන්. ඔයාගේ smartphone එකේ 100%  brightness අවශ්‍ය වෙන්නේ අධික හිරු එළියක එළිමහනේ සිටින අවස්ථාවකදී පමණි.අනිත් හැම වේලාවකම adaptive brightness enable කරන්නත් අමතක කරන්න එපා.

ඔයාලා  use කරන්නේ Android smartphone එකක් නම් 

  • Settings > Display හෝ  notifications bar එක පහළට swipe කරලා  brightness අඩු වැඩි හෝ  adaptive-brightness enable කරගන්න පුලුවන්.

Android smartphone විවිධ වර්ගවලට අයත් වන නිසා මෙම ලිපියේ දක්වා ඇති පියවර ඔබේ දුරකථනයේ ටිකක් වෙනස් වෙන්න පුලුවන්.

use කරන්නේ iPhone එකක් නම් 

  • Settings > Accessibility > Display & Text Size > Auto-Brightness හෝ  screen එක පහළ සිට ඉහළට swipe කරලා brightness අඩු හෝ වැඩි කරගන්න පුලුවන්.

Power-saving Mode එක enable කරන්න

අපේ smartphone එකේ battery low වුණොත් ඒ කියන්නේ 20%ට වඩා  අඩුනම් automatically මේ power-saving mode එක enable වෙන විදිහට හදලා තියන්න. එතකොට ඔයා කොහෙහරි යනගමන් නම් ඉන්නේ අනවශ්‍ය විදිහට battery percentage එක අඩු වෙන්නේ නැතුව හදිසියකට call එකක් message යවන්න පුලුවන් විදිහට තියාගන්න පුලුවන්. එතකොට camera සහ ඇතැම් apps අපිට use කරන්න ලැබෙන්නේ නැහැ..

Android smartphone එකකින් නම් 

Settings > Battery and device care > Battery> Turn on Power Mode හෝ  Notifications bar එක පහළට swipe කරලා power saving mode එක ලේසියෙන්ම enable කරගන්න පුලුවන්.

iPhone එකක් නම් 

Settings > Battery>Low power mode  එක  enable කරගන්න පුලුවන්.

ඉක්මනින් Screen එක timeout වෙන විදිහට සකසන්න

ඔයාග් smartphone එකේ screen එක වැඩිවෙලාවක් on එකේ තියෙන තරමට battery life ඉක්මනින්ම අඩුවෙලා යනවා.පාවිච්චයෙන් පසු උපරිම තත්පර 15ක් ඇතුළත  Screen Timeout වෙන විදිහට smartphone සකසන්න අමතක කරන්න එපා.තවද මෑතකදී හදුන්වලා දුන්න dark mode එක enable කීරීමන් පවා  battery life එක අපිට ආරක්ෂා කරගන්න පුලුවන්.

Settings > Display > Screen timeout හරහා  කැමති time option එකක්  select කරන්න පුලුවන්.

Background app refresh සහ automatically apps update වෙන එක disable කරන්න

අපි නොදැනුවත්ම use කරපු apps ටික background එකේ run වෙනවා කියන්නෙම ඒක අපේ data ඉවරවෙන්නත් battery life එක අඩුවෙන්නත් ලොකු හේතුවක්. Background එකේ run වෙන apps හැමවේලාවෙම clear කරන්න. Wi-Fi එක on කරාම Automatically Apps update වෙනවානම් එයත් appstore හෝ  playstore එකේ settings වලින් disable කරන්න.

අත්‍යවශය නොවන apps වලින් එන push notifications disable කරන්න

ඔයාගේ smartphone එකට අත්‍යවශය නොවන game updates, YouTube video notifications වගේ දේවල් display වෙන එක disable කරගන්න.අත්‍යවශය වෙන emails, news alerts හෝ  social media notifications පමණක් display වෙන ආකාරයට enable කරගන්න.

Android සහ iPhone වල Settings > Notification හරහා මෙය සකස්කර ගන්න පුලුවන්.

තවද අවශ්‍ය නොවන වේලාවට bluetooth, location, hotspot වගේ දේවල් on එකේනම් තියෙන්නනේ ඒ දේවල් off කරන්නත් අමතක කරන්න එපා.

battery life එක maximize කරන්න මේ ක්‍රම 05 හරියටම කලොත් ඔයාගේ smartphone එකත් තව ගොඩාක් කාලයක් use කරන්න පුලුවන්.price එකෙන් ඉහළ වටිනාකමක් තියෙන smartphone අපේ අතින්ම වෙන වැරදි හින්දා ටික කාලයක් use කරලා ඉවත් කරන එක වෙනුවට usage habits manage කරගෙන battery life එක සුරක්ෂිත කරගත්තොත් ikman එකෙන් ඔබට එය විකුණන්නත්, තව කෙනෙකුට මිලදී ගෙන use කරන්නත් අවස්ථාව හදලා දෙන්න පුලුවන් වෙයි.  

Mobile Phones in ColomboMobile Phones in Matara
Mobile Phones in GampahaMobile Phones in Kandy
Mobile Phones in GalleMobile Phones in Kalutara
Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Back to top button
Close
Close