Other

Solar Panel භාවිතයෙන් ඔබේ විදුලි බිල අඩු කරගන්නේ කොහොම ද?

විදුලිය (Electricity) කියන්නෙ අද වන විට අපට නැතුවම බැරි දෙයක්. 

නමුත් ලංකාවේ ජීවත් වෙන අපට, එක පැත්තකින් පැය කීපයක් දිග power cuts, තව පැත්තකින් දෙගුණයකින් පමණ වැඩි වෙලා තියෙන විදුලි බිල් එක්ක විදුලිය භාවිතය සීමා කරන්න සිද්දවෙලා තියෙනවා. ඒත් ඒක ඒ තරම් ලේසි දෙයක් නෙවෙයි.

අන්න ඒ නිසයි, solar panel භාවිතය, ඔබේ electricity bill එක අඩු කරගන්න සාර්ථකම විසඳුමක් වෙන්නෙ. ව්‍යාපාර, කර්මාන්ත විතරක් නෙවෙයි ගෘහ ආර්ථිකයටත් solar panel භාවිතය විශාල සහනයක් සලසනවා. 

මේ ලිපියෙන් අපි කතා කරන්න යන්නේ solar power භාවිතා කරලා විදුලි බිල අඩු කරගන්නෙ කොහොමද කියන එක ගැන.

මොකක්ද මේ solar power කියන්නෙ?  

Solar power (සූර්ය බලය) කියන්නෙ පුනර්ජනනීය වගේම අසීමිත බලශක්ති ප්‍රභවයක්. සරලවම කිව්වොත් අසීමිතව නැවත නැවත ජනනයවන සොබාවික සම්පතක්. මේ සූර්ය බලය යොදාගෙන අපට නොමිලේම විදුලිය නිපදවා ගන්න පුලුවන්.

සූර්ය බලයෙන්, විදුලිය නිපදවාගන්න නම් අපට සූර්ය පැනල (Solar panels) අවශ්‍ය වෙනවා. Solar panels, වසර 25ක් පමණ කාලයක් භාවිතා කලහැකි අතර ඒ කාලය පුරාවටම කාර්යක්ෂමතාවයේ කිසිදු අඩුවක් ඇති වෙන්නෙ නැහැ. ඒ වගේම, පරිසරයටත් හානියක් සිදු නොවන තරම්.

Solar power හොඳම විකල්පය වෙන්නෙ ඇයි?

ඉහළ යන විදුලි බිල් වියදම්

ඉතාම මෑතකදි ලංකාවේ විදුලිය සඳහා අය කිරීම් 75%කින් වැඩි කළ බව අපි හැමෝම දන්නවා. ඒ අනුව පහත පරිදි,  පාරිභෝගිකයන්ගෙන් ඔවුන්ගේ විදුලිය පරිභෝජනය සඳහා අයකිරීම් සිදුවෙනවා.

ඒකක  සාමාන්‍ය මාසික බිල (පෙර) රු. සාමාන්‍ය මාසික බිල (පසු) රු.
0 – 30 54.27 197.65
31-60 192.55 598.67
61-90 649.06 1 460.89
91-120 1570.49 2 975.65
121-180 2790.87 5 005.27
180< 8237.04 14 395.89

Source: economynext

මෙම වැඩි කිරීම්වලට අනුව ඒකක 180ට වැඩියෙන් පරිභෝජනය කරන පාරිභෝගිකයන්ගෙන් එක ඒකකයකට අඩුම වශයෙන් රු.75ක පමණ මුදලක් අය වෙනවා. මෙය එදිනෙදා ජීවිතයේ නිතරම විදුලිය පරිභෝජනය කරන සාමාන්‍ය පවුල්වලට වගේම ව්‍යාපාරවලටත් විශාල පීඩනක්.

Solar power හරහා අඩු පිරිවැයකින් වැඩි ප්‍රතිලාභ ලැබීම

Solar power භාවිතය මීට හාත්පසින්ම වෙනස්. Solar panel එකක් මිලදී ගැනීමට යන වියදම හැරුණුකොට වෙනත් කිසිදු වියදමක් ඒ සඳහා වැයවෙන්නෙ නැහැ.

Solar panels මිලදී ගැනීම සඳහාද බැංකු විසින් සහනදායී ණය පහසුකම් සපයන අතර ණය ආපසු පියවීම සඳහා ඔබට අවුරුදු 5 – 10ක් වැනි කාලයක් ලබා දෙනු ඇත. ඒ අනුව ඉතාම කෙටි කාලයකදී ඔබට සියලුම අමතර වැය කිරීම්වලින් නිදහස් වී solar panel එකක් භාවිතා කිරීමෙන් ලැබෙන සියලුම ඉතුරුම් සහ ප්‍රතිලාභ භුක්ති විදීමට හැකියාව ලැබේ. Solar panel එකක් අවුරුදු 25 – 30 පමණ කාලයක් භාවිතා කල හැකි නිසා මෙය ඉතාමත් හොඳ ආයෝජනයක්.

Solar panel එක හරහා නිපදවෙන අමතර විදුලි ඒකක මුදල් කරගන්නෙ කොහොමද?

මේ සඳහා, සූර්ය පැනල ජාතික ජාලය සමඟ සම්බන්ධ කෙරෙන ගිවිසුම්ගත වීම් ක්‍රම කීපයකි. 

  1. Net accounting –  මාසය තුළ නිපදවූ ඒකක සංඛ්‍යාවට අනුව විදුලි බිල අඩු කර අමතර ඒකකවලට ගෙවීමක් සිදුකරයි. ඒ අනුව පළමු වසර 7 තුළ ඒකකයකට රු.22 ක් වන අතර 8වන වසරේ සිට 20වන වසර දක්වා ඒකකයකට රු.15.50ක් වේ. 
  2. Net metering – ඔබ නිපදවා ඇති ඒකකවලට අනුව විදුලි බිල අඩුකරන අතර අතිරික්ත ඒකක ඉදිරි බිලට ගෙනයනු ලබයි.
  3. Net plus – විදුලි බිල ඔබ පුරුදු ලෙසම ගෙවාගෙන යන අතර ඉහත සඳහන් මිල ගණන්වලට අනුව අතිරික්ත ඒකකවලට ගෙවීමක් සිදුකරයි. මෙය අඩු විදුලි පරිභෝජනයක් ඇති අයට ආයෝජන ක්‍රමයක් ලෙස වඩාත් සුදුසු වේ.

Solar power භාවිතා කරන පාරිභෝගිකයන්ට ඇති තවත් plus point එකක් වෙන්නේ,  ඔවුන්ගේ solar panel එක හරහා ජනනයවන විදුලි ඒකක ප්‍රමාණය ඔවුන්ගේ පරිභෝජනයට වඩා වැඩි නම් විදුලිය සඳහා ගෙවීමට සිදු නොවීමයි.  මෙමඟින් විදුලි පාරිභෝගිකයින්ට ඔවුන්ගේ බිල්පත් බිංදුව දක්වා අඩු කර ගැනීමට සහ අසීමිත විදුලි පරිභෝජනයක් භුක්ති විදීමට හැකිවේ. 

සෝලා පවර් භාවිතයේ කාර්යක්ෂමතාවය වැඩිකිරීම සඳහා ලැබෙන ද්‍ශෙගුණික සහය

ශ්‍රී ලංකාව සමකයට ආසන්නව පිහිටා ඇති දූපතක් වන බැවින්, වසර පුරා, රට පුරා සැලකිය යුතු ප්‍රමාණයකින් හිරු එළිය ලැබෙයි. මෙම හේතුව නිසාම ලංකාව තුළ solar power භාවිතය වඩාත් කාර්යක්ෂම වේ.

Solar Power භාවිතා කිරීමේ වාසි

Electricity සඳහා ඉතා අඩු මුදලක් වැය වීම

ඔබේ Solar panels වලින් නිපදවන විදුලිය මඟින් ඔබේ electricity අවශ්‍යතා සපුරාලන බැවින්, ඔබේ බිල්පත් සැලකිය යුතු ලෙස පහත වැටෙනු ඇත. එය solar panel එකේ ප්‍රමාණය මත සහ ඔබ electricity භාවිතා කරන ප්‍රමාණය මත රඳා පවතී.

උදාහරණයක් ලෙස, ඔබ වාණිජ සූර්ය පැනල භාවිතා කරන ව්‍යාපාරයක් නම්,  ඔබ භාවිතා කරන විශාල solar panels ප්‍රමාණය හරහා ඔබේ electricity බිල්පත් විශාල ප්‍රමාණයක් ආවරණය කළ හැකි නිසා විශාල ප්‍රතිලාභ ලැබිය හැක.

Energy independence (බලශක්ති ස්වාධීනත්වය)

Power cuts කියන්නේ ලංකාවේ අපි මේ දවස්වල වැඩියෙන්ම අත්විඳින ගැටලුවක්.  Power cuts වලට හොඳම විසඳුම තමයි solar power හරහා බලශක්ති ස්වාධීන නිවසක්/ ව්‍යාපාරයක් පවත්වා ගැනීම. 

බලශක්ති ගබඩා කිරීමේ තාක්‍ෂණය ඉතා වේගයෙන් දියුණු වීමත් සමඟ, ඔබට දැන්, වෙන කවරදාටත් වඩා පහසුවෙන් සහ ලාභදායී ලෙස, ඔබේ electricity අවශ්‍යතා සපුරාලීම සඳහා batteryවලින් ක්‍රියාත්මකවන solar panels භාවිතා කල හැකිය.

එවිට විදුලි බල මණ්ඩලෙයන් ස්වාධීනව ඔබට ඔබගේ එදිනෙදා කටයුතු කරෙගන යා හැක.

පරිසරයට සිදුවන යහපත

සාම්ප්‍රදායික විදුලි නිෂ්පාදනය සඳහා සෑම වසරකම ජලය ලීටර් දහස් ගණනක් භාවිතාවන නමුත්, සූර්ය පැනල හරහා විදුලිය උත්පාදනය කිරීමට ජලය කිසිසේත්ම භාවිතා නොවේ.

ඒ වගේම solar power හරහා විදුලිය නිපදවීමෙන් වායු දූෂණය අවම කිරීමට හැකිවීමද විශාල ජයග්‍රහණයකි.

අමතර ආදායමක් ලබා ගැනීමට හැකිවීම

මේ මොහොතේ අපේ රට විදුලි අර්බුදයකින් පීඩා විඳින බව නොරහසක්. ඉතින් ඔබ solar panels හරහා නොමිලේ ගෙදරදීම නිපදවා ගන්නා අමතර විදුලිය, විදුලි බල මණ්ඩලය වෙත ලබා දී රටේ විදුලිය නිෂ්පාදනයට දායකවන අතරම එයින් ඔබට අමතර ආදායමක්ද ලබා ගැනීමට හැකිවේ.

Solar panel එකක් සවි කිරීමේදී සලකා බැලිය යුතු කරුණු මොනවා ද?

නිවැරදි ලෙස ස්ථානගත කිරීම, electricity generate කිරීම සඳහා ඉතා වැදගත් වන බැවින්, ඔබේ නිවසේ වැඩිපුරම හිරු එළියට නිරාවරණය වන්නේ කුමන ප්‍රදේශය දැයි සලකා බැලිය යුතුය. Solar panel එක, ගස්, ගොඩනැගිලි වැනි දේවල්වලින් අවහිර නොවන ස්ථානයක තැබීම වඩාත් සුදුසුයි.

ඒ වගේම සෝලා පැනල් වර්ග පිළිබඳවද සලකා බැලිය යුතුය.

Monocrystalline (මොනොක්‍රිස්ටලීන්) – පවතින පැරණිතම වර්ගය ලෙස, මොනොක්‍රිස්ටලීන් පැනල් වඩාත් දියුණු වී ඇත. මෙම වර්ගය මිල අධික විය හැකි අතර, එය වඩාත් කාර්යක්ෂම බවින් යුක්තයි.

Polycrystalline (පොලික්‍රිස්ටලීන්) – මෙම වර්ගය මොනොක්‍රිස්ටලීන් වලට වඩා සාපේක්ෂව අලුත් අතර කාර්යක්ෂමතාවය ටිකක් අඩුවුවත් මිල අඩු වීම නිසා පාරිභෝගික ආකර්ශනය දිනාගනියි.

Thin Film (තින් ෆිල්ම්) – මෙය සෝලා තාක්ෂණයේ නවතම නිපැයුමකි. සැහැල්ලුබව සහ දැරිය හැකි මිල එහි ආකර්ෂණීය ප්‍රතිලාභ වේ.

ඔබට අවශ්‍ය, කාර්යක්ෂමතාවයෙන් ඉතා ඉහළ solar panels දැන් ikman හරහා  පහසුවෙන්ම මිලදී ගත හැක.

කෙටියෙන්

සෝලා පැනල්ස් මඟින් ඔබේ විදුලි බිල අඩු කරීම සඳහා කරුණු දෙකක් සිදුවෙයි:

  1. Solar panels හරහා ඔබට විදුලිය සඳහා වැයවන මිල, ඔබ විදුලිබල මණ්ඩලයට ගෙවන මුදලට වඩා අඩුවේ. (Solar power භාවිතයේදී ඒකකයක් රු.55 පමණවන අතර, වි.බ.ම වෙත ඒකකයක් සඳහා ගෙවීමට සිදුවන සාමාන්‍ය මිල රු. 75 පමණ වේ) සෝලා භාවිතෙයන් ඔබට එවැනි හෝ පිරිවැයක් දැරීමට සිදු වන්නේ අවුරුදු 5 – 10 වැනි කෙටි කාලයක් සඳහා පමණි.
  2. ඔබේ solar panel එක හරහා නිපදවන අතිරික්ත විදුලිය, විදුලි බල මණ්ඩලයට විකුණා අමතර ආදායමක් ලබාගත හැක.

මීට අමතරව, සූර්ය පැනල ඔබේ නිවසේ වටිනාකම වැඩි කරන අතර ඔබේ විදුලි පිරි වැය ස්ථාවර තත්වයකට ගෙන එයි.

FAQs:

Solar power භාවිතය හොඳ ආයෝජනයක් ද?

ඔව්. පැහැදිලිවම මේවන විට ලංකාවේ විදුලිය සඳහා කරන අයකිරීම් විශාල ලෙස වැඩි වී තිබේ. රටේ පවතින ආර්ථික තත්වය හමුවේ අනාගතයේදී විදුලි බිල තවත් ඉහළයාමේ ප්‍රවනතාවක්  ඇත. විදුලි බිල වැඩිවන්නට වැඩිවන්නට solar power හරහා ලැබෙන ඉතුරුම් ද වැඩිවේ.

Solar panels කොතරම් කාලයක් භාවිතා කල හැකි ද?

අවුරුදු 25 – 30

ගෙදරක පරිභෝජනය සඳහා කොතරම් විශාල solar panel එකක් අවශ්‍ය ද?

සාමාන්‍යයෙන් 1kW solar panel එකකින් මාසිකව 110 kWh (ඒකක 110) නිශ්පාදනය කරනවා. ඒ අනුව ඔබ මාසයකට 300 kWh පමණ විදුලිය භාවිතා කරන්නේ නම් ඔබ electricity board එක හරහා භාවිතා කරන ඒකක බිංදුව දක්වා අඩුකර ගැනීමට 3kW පමණවන solar panel එකක් අවශ්‍ය වේ.

Solar panel එකක මිල කොපමණද?

Solar panelsවල මිල ගණන් එහි ප්‍රමාණය සහ නිපදවන kW ප්‍රමාණය මත වෙනස් වේ. සාමාන්‍යයෙන් රු. 6, 000/- සිට රු. 2,500,000/- දක්වා පරාසක විහිදෙයි.

Solar powerවලින් පමණක් සම්පූර්ණ නිවසකට අවශ්‍ය electricity නිපදවාගත හැකිද?

අද පවතින නවීන Solar power පද්ධති මඟින් ඔබට සම්පූර්ණ නිවසක් සූර්ය බලයෙන් පමණක් පවත්වාගෙන යා හැක. කාර්යක්ෂමතාවයෙන් ඉහළ solar panels සහ solar panel batteries දැන් ඉතා ලාබදායී ලෙස සම්පූර්ණ නිවසකට අවශ්‍ය විදුලිය සැපයීම පහසු කර ඇත.

Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Back to top button
Close
Close