ඉලෙක්ට්‍රොනික්ස්

ගෑස් හිඟයත් සමග මුළුතැන්ගෙයට නැතුවම බැරි විදුලි උපාංග කිහිපයක්

මේ දවස්වල තිබෙන ගෑස් හිඟයත් එක්ක මුළුතැන්ගෙයි කටයුතු සම්පූර්ණයෙන්ම අඩපණ වෙලා තිබෙනවා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ ඔබට මුළුතැන්ගෙයට නැතුවම බැරි උපාංග කිහිපයක් ගැන. මේ උපාංග භාවිතයෙන් ඔබට නැවතත් ඔබගේ ඉවුම් පිහුම් කටයුතු පෙර පරිදිම කරගෙන යාමට හැකියාව ලැබේවි. ඒ විතරක් නෙවෙයි ඔබට ඔබගේ වැඩකටයුතු වඩාත් පහසු කර ගන්නටත් හැකියාව ලැබේවි.

විදුලි උපාංග කියන්නේ අද කාලේ නිවසකට නැතුවම බැරි දේවල්. විදුලි උපාංග වලින් අපේ කාලය වගේම මහන්සියත් ඉතිරි කරනවා. ඒ නිසා ඔබ මේ උපාංග ආයෝජනයක් වශයෙන් සැලකුවොත් නිවැරදි. ඉතින් මේ අතුරින් මේ දිනවල ගෑස් ප්‍රශ්නයටත් විසඳුමක් වශයෙන් භාවිතා කරන්න පුළුවන් උපාංග කිහිපයක් ගැන තමයි අද අපි සාකච්ඡා කරන්නේ.

විදුලි කේතලය

ඔබ දැනටමත් විදුලි කේතලයක් භාවිතා කරන්නේ නැති නම්, විදුලි කේතලයක් මිලදී ගන්න හොඳම වෙලාව තමයි මේ. ඔබට වතුර උණු කර ගැනීමට වඩාත් කාර්යක්ෂම සහ ඉක්මන් ක්‍රමයක් වශයෙන් විදුලි කේතලය දක්වන්න පුළුවන්. ඔබ වතුර උණු කර ගැනීමට මේ වන තෙක් භාවිතා කරේ ගෑස් ලිප නම් දැන් ඔබට ගෑස් ඉතුරු කරගනිමින් විදුලි කේතලයේ වතුර උණු කර ගැනීමට හැකියි. විදුලි කේතලයක් මිලදී ගැනීමේදී ඔබගේ අවශ්‍යතාවයට සරිලන ධාරිතාවය සහිත එකක් මිලදී ගැනීමට සැලකිලිමත් වෙන්න. මීට අමතරව ප්ලාස්ටික් වලින් නිපදවූ කේතලයක් මිලදී ගැනීම වඩාත් ආරක්ෂිත බව මතක තබා ගන්න. සාමාන්‍යයෙන් රු. 1500-5000ත් අතර මිලකට විදුලි කේතලයක් මිලදී ගැනීමට පුළුවන්.

electric kettle

රයිස් කුකර්

රයිස් කුකර් එකක් තිබීමත් මුළුතැන්ගෙයි වැඩ කරන ඔබට ඉතාම පහසුවක්. ඉතා ඉක්මනින් සහ පහසුවෙන් භාවිතා කල හැකි බැවින් ගෑස් ලිපකට වඩා රයිස් කුකර් එකක බත් ඉවීමට බොහෝ දෙනා ප්‍රමුඛතාවය දෙනවා. ඔබ දැනටමත් රයිස් කුකර් එකක් භාවිතා කරන්නේ නැති නම් දැන්මම ඔබට අවශ්‍ය ධාරිතාවයෙන් සහ මාදිලියකින් රයිස් කුකරයක් මිලදී ගන්න.සාමාන්‍යයෙන් රු. 3500-10000ත් අතර මිලකට රයිස් කුකරයක් මිලදී ගැනීමට පුළුවන්.

rice cooker

ඉන්ඩක්ෂන් කුකර්

ගෑස් මිල ඉහළ යාමත්, ගෑස් හිඟයත් හේතුවෙන් ඉන්ඩක්ෂන් කුකර් දැන් ඉතා ජනප්‍රියයි. විදුලි බලයෙන් ක්‍රියා කරන ඉන්ඩක්ෂන් කුකර් වලින් සිදුවෙන්නේ විද්‍යුත් ප්‍රේරණය මගින් භාජන රත් කිරීමක්. මෙහිදී රත් වන ප්‍රමාණය අඩු වැඩි කර ගැනීමට හැකියාව තිබෙනවා. ඉන්ඩක්ෂන් කුකර් භාවිතයේදී ඔබට මේ සඳහාම නිපදවූ භාජන භාවිතා කිරීමට සිදු වෙනවා. පැතලි, ලෝහමය අඩියක් සහිත භාජන පමණක් මෙම ඉන්ඩක්ෂන් කුකර් වලින් රත් කිරීම එයට හේතුවයි. බොහොමයක් ඉන්ඩක්ෂන් කුකර් වල ඇත්තේ එක් ලිපක් පමණක් බැවින් ඔබට එක්වර ආහාර කිහිපයක් පිසීමට අපහසුයි. නමුත් පවතින ගෑස් හිඟය හමුවේ මෙවැන්නක් භාවිතා කිරීමට ලැබීමත් විශාල පහසුවක්. ඉන්ඩක්ෂන් කුකර් එකක් රු. 8000-15000ත් අතර මුදලකට ඔබට මිලදී ගැනීමට හැකියි.

induction cooker

ඉන්ෆ්‍රාරෙඩ් කුකර්

ඉන්ෆ්‍රාරෙඩ් කුකර්, එහෙමත් නැත්නම් අධෝරක්ත කිරණ වලින් රත් කිරීම සිදුවන කුකර් එකත් පෙනුමෙන් ඉන්ඩක්ෂන් කුකර් එකට බොහෝ දුරට සමානයි. මෙහිදීත් ඔබට භාවිතා කිරීමට හැකියාව ඇත්තෙ පැතලි අඩි සහිත භාජන පමණක් වුවත්, ඉන්ඩක්ෂන් කුකර් මෙන් ලෝහ අඩියක් සහිත වීම අත්‍යාවශ්‍ය නැහැ. ඉන්ෆ්‍රාරෙඩ් කුකර් වලත් නිකුත් වෙන උෂ්ණත්වය අඩු වැඩි කිරීමට පුළුවන්. ඉන්ෆ්‍රාරෙඩ් කුකර් බොහොමයක් තනි ලිප් සහිතයි. ලිප් දෙකක් සහිත ඉන්ෆ්‍රාරෙඩ් කුකර්ද ඇති නමුත් ඒවා මිලෙන් පමණක් අධිකයි. ඔබගේ භාවිතය සහ අවශ්‍යතාවය මත මින් එකක් මිලදී ගැනීම වඩාත් උචිතයි. ඉන්ෆ්‍රාරෙඩ් කුකර් එකක් රු. 10000-18000ත් අතර මුදලකට ඔබට මිලදී ගැනීමට හැකියි.

infrared cooker

හොට් ප්ලේට්

හොට් ප්ලේට් කියන්නේ පෙර කාලයේ ගෑස් කුකර් ප්‍රචලිත වීමට පෙර අපට අසා පුරුදු නමක්. රත් වන දඟරයක් සහිත පොඩි ලිපකින් ඒ කාලයේ හොට් ප්ලේට් මිලදී ගැනීමට තිබුණා. මේ වනවිට තරමක් නව මුහුණුවරකින් නොපෙනෙන දඟරයකින් යුතුව, පැතලි ලිපක් සහිත හොට් ප්ලේට් දක්නට ලැබෙනවා. දඟරයක් සහිත හොට් ප්ලේට් ද මිලදී ගැනීමට තිබුණත් ඒවා සොයා ගැනීම මඳක් අපහසුයි. හොට් ප්ලේට් වලත් තනි ලිප හෝ ලිප් දෙකක් සහිත ඒවා මිලදී ගැනීමට තිබෙනවා. මිල ගණන් සහ ලිප් ගණන අනුව ඔබට අවශ්‍ය හොට් ප්ලේට් එකක් මිලදී ගැනීම මේ කාලයේ නුවණට හුරුයි. හොට් ප්ලේට් එකක් මිලදී ගැනීමට ඔබට රු. 4500-9000ත් අතර මුදලක් වැය කිරීමට සිදු වෙනවා.

hot plate

Multifunctional cooker

Multifunctional cooker එකෙන් ඔබට විවිධාකාරයේ පිසීමේ ක්‍රම භාවිතා කිරීමට පුළුවන්. මෙම ක්‍රම වශයෙන් steam, boil, fry, cook, heat වගේ බොහොමයක් පිසීමේ උපක්‍රම භාවිතා කිරීමට පුළුවන්. එක් එක් ක්‍රම සඳහා ඔබට අවශ්‍ය කාලයකට timer එකත් වෙනස් කිරීමට පුළුවන්. සාමාන්‍ය ක්‍රමයට වඩා තරමක් නවීන පිසීමේ ක්‍රමයක් වුවත් multifunctional cooker එක මගින් ඔබේ බොහොමයක් ඉවුම් පිහුම් කටයුතු පහසු කරගන්න පුළුවන්. රු. 14000-20000ත් අතර මිලකට ඔබට multifunctional cooker එකක් මිලදී ගැනීමට පුළුවන්.

multifunctional cooker

Air Fryer

Air Fryer කියන්නේත් මෑත කාලයේ ඉතාම ජනප්‍රිය වුණු විදුලි උපාංගයක්. මෙහි විශේෂත්වය තමයි පිසීම සඳහා තෙල් භාවිතා කිරීමට අවශ්‍ය නොවීම. මේ නිසා ආහාර වල ගුණාත්මක භාවය වැඩි අතරම සෞඛ්‍යයටත් වඩාත් හිතකරයි. ඔබට අවශ්‍ය ඕනෑම ආහාරයක් air fryer එකෙන් බැදීම, පිළිස්සීම, තැම්බීම වැනි විවිධ ක්‍රම වලට සකස් කරගැනීමට පුළුවන්. මිලෙන් තරමක් වැඩි වුණත් සෞඛ්‍යයට වඩාත් හිතකර බැවින් බොහෝදෙනා මේ දිනවල air fryer මිලදී ගැනීමට උත්සුක වෙනවා. සාමාන්‍යයෙන් රු. 17000-45000ත් අතර මිලකට ඔබට air fryer එකක් මිලදී ගැනීමට පුළුවන්.

air fryer

මුළුතැන්ගෙයට අවශ්‍ය විදුලි උපාංග ඇතුළු සියලු දේ අඩුම මිලට වඩාත් විශ්වාසයෙන් මිලදී ගැනීමට හොඳම ස්ථානය තමයි ikman.lk කියන්නේ. Online හරහා ඔබට අවශ්‍ය දේවල් ඉක්මනින් සොයා ගන්නත්, මිල ගණන් සංසන්දනය කරන්නත් ikman හරහා වඩාත් පහසුයි. විවිධ මාදිලියේ විවිධ වෙළඳ සන්නාම වලින් ඇති විදුලි උපාංග සියල්ලම ikmanහි දැන්වීම් පළ කර තිබෙන නිසා ඔබට වඩාත් ගැලපෙන විදුලි උපාංගය සොයා ගැනීම තවදුරටත් අපහසු කාර්යයක් නෙවෙයි. එහෙනම් ඔබත් තවත් ප්‍රමාද නොවී දැන්මම ඔබට අවශ්‍ය භාණ්ඩ ikman.lk ඔස්සේ විපරම් කරන්න. මෙවැනි තවත් හරබර සාකච්ඡාවක් සමග යළිත් හමුවෙමු.

නවතම දැන්වීම් බලන්න:
Geepas Double Door Refrigerator (340L)
Colombo, Electronic Home Appliances
Rs 115,000
Ice Cream Freezer
Colombo, Electronic Home Appliances
Rs 15,000
Philips Daily Collection Mixer HR3705/10
Colombo, Electronic Home Appliances
Rs 14,999
Sokany 1400W Stand Dough Mixer 8L
Colombo, Electronic Home Appliances
Rs 42,000
Sokany 1000W Stand Mixer 5L
Colombo, Electronic Home Appliances
Rs 30,000
View all 6213 ads..

කොළඹ ඇති විදුලි උපාංගගම්පහ ඇති විදුලි උපාංග
නුවර ඇති විදුලි උපාංගකුරුණෑගල ඇති විදුලි උපාංග
කළුතර ඇති විදුලි උපාංගරත්නපුර ඇති විදුලි උපාංග
Facebook Comments
Receive Updates

No spam guarantee.

Tags

Related Articles

Back to top button
Close
Close