කාර් සහ වාහන

ශ‍්‍රි ලංකාව තුල ජනප‍්‍රිය 4×4 මාදිලියන් සහ සැකසිම්

ඔබ ශ‍්‍රි ලංකාවේ මාර්ගයන් හී වැඩිපුර ධාවනය කිරිම සිදුකරයි නම් ඔබ සතුව කල්පවතින 4×4 රථයක් තිබිම මගින් ඔබේ ගමනාන්තයට කරදරයකින් තොරව ල`ගාවීමට උපකාරි වෙයි. වාසනාවන්ත ලෙස ශ‍්‍රි ලංකාවෙ තුල උසස් තත්වයේ 4×4 රථ මාදිලීන් සහ සැකසිම ඕටවෑතරම සොයා ගැනීමට පිළිවන. ඔබ විකිණිමට ඇති කාර්යක් සෙෙවිමේදී සොයා බැලීය යුතු වැදගත් විස්තරයන් වේ. මෙම ලිපිය මගින් ඔබ කාර් රථයක් මිලදී ගැනීමේදී සැළකිලිමත වියයුතු කරුණු පිළිබඳ යම් හෝඩුවාවන් ලබා දෙන අතරම එසේම ඔබ විසින් පාවිච්චි කරන ලද කාර් රථයක් මිලදී ගැනීමේදී යම් මාදිලියන් පිළිබඳ සවිස්තරයක් ඔබට ඉදිරිපත් කරයි. සෑම විටකම පාවිච්චි කරන ලද වාහානයක් සෙවිමේදී අඩු දුරප‍්‍රමාණයක් ධාවනය කර ඇති රථයක් පිළබඳ සැළකිල්ලක් දැක්විමට මතක තබා ගන්න. මෙමගින් අනාගතයේදී වාහනයේ අළුත්වැඩියා කිරිම් එකවිට පැන නොනගියි.

ඔබට පාවිචචි කරන ලද කාර් රථයක මිල ගණන් පිළිබඳ අදහසක් ගැනීමට අවශ්‍ය වේ නම් ඒ සඳහා වු වෙබ් අඩවීන ඕනෑතරම් ඇති අතර මෙම වෙබ් අඩවි මගින් 4×4 රථයකට ඔබ විසින් ගෙවිය යුතු මිල කොපමණදැයි ඔබට අදහසක් ලබා දෙයි. ශ‍්‍රි ලංකාවේ ජනප‍්‍රිය 4×4 රථයන් කිහිපය පිළිබඳ පහත දැක්වේ.

ජීප් චෙරෝකි
ඔබ සොයන්නේ උසස් කිර්තියකින් හෙබි විශ්වාසනීය නඩත්තු කිරිම් අවම 4×4 රථයක් නම් ඒ සඳහා නම් දරාපු වාහනය වනුයේ ජිප් චෙරෝකි ය. ඔබට සින්ඩර 6 එථයක් සොයා ගැනීමට අවස්ථාවක් වුවහොත් ඔබ සතුව වේගවත් රථයක් ඇති අතර එය රළු පාරවල් වල වුවද ඉතා වේගයෙන් ගමන් කළ හැකිවේ. මෙම වර්ගයේ ඇන්ජිනයන් නිතර නඩත්තු කිරිම් අවශ්‍ය නොවේ. තවද මෙම මාදිලිය දොර දෙක සහ දොර හතරය යන වර්ගයන් දෙකෙන්ම පැමිණෙන අතර ඔබේ පවුලට ගැලපෙන වර්ගය තොරා ගන්න. ඔබ දිනපතා ධාවනය කරන මාර්ගයන් කෙතරම් නරක් වුවද මෙම රථය එමතින් කිසිදු අපහසුවකින් තොරව ගමන් කරයි. මෙම මාදිලියේ සමන්විත වන කොයිල් ස්ප‍්‍රින්ගය සහ ඇක්සෙලය මගින් චෙරෝකි රථය වැඩි කාළයක් භාවිතා කිරිමේ පහසුව සහ ශක්තිමත් බව සලසා දෙයි. පසගිය දශකය තුල නිපදවු මෙවැනි රථයක් එබ විසින් සොයා බැලීම අත්‍යාවශය කරුණක් වේ.

ටොයෝටා 4රනර්
ටොයෝටා ආයතන විසින් පුළුල් පරාසයක විහිදුණු 4×4 රථයන් බොහෝ කළක පටන් නිපදවමින් සිටියි. 4රනර් රථය ඔවුන් විසින් නිෂ්පාදිත හෙඳම රථය ලෙස සැළකියි හැකිය. කෙසේ වෙතත් ඕනෑම වර්ගයක ටොයෝටා පිකප් 4×4 රථන් විශ්වාස කළ හැකි අතර ඔබ කුමන වර්ගය එයින් තෝරා ගත්තද එහි වෙනසක් සිදු නොවේ. පිටුපස තට්ටුවේ මළ බැඳිම පිළිබඳව විවිධ චෝදනා භාවිතා කරන්නන් විසින් ගෙන එන ලදී. නමුදු මෙම ගැටළුව බොහෝ විට ටොයෝටා 4×4 රථයන් අතුරින් 4රනර්ස් වල සොයා ගැනිමට නොමැත. ඔබ විසින් ටොයෝටා පිකප් ට‍්‍රක් රථයක් සොයා බලයි නම් එහි පිටුපස තට්ටුව පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරිමට වගබලා ගන්න. ඉතා කිට්ටුවෙන් කිසියම් හෝ මළ බැඳිමක හෝඩුවාවක් තිබේදැයි සොයා බලන්න, එමෙන්ම මළ බැදීම් අළුත්වැඩියා කොට ඇත්දැයි ඔබ විසින් සොයා බැලිය යුතුය. ටොයෝටා රථයන් හී ඇති සුවිශේෂිත්වය නම් ඒවා කිසිදු ගැටළුවකින් තොරව වෙනස්කිරිම් වලට භාජනය කළ හැකිය. පසු සේවාවන් සඳහා අමකතර උපකරණයන්ද කිසිදු අපහසුවකින් තොරව සොයා ගැනිමට හැකිය. කිසිදු අළුත්වැඩියාවකින් තොරව ටොයෝටා ට‍්‍රක් රථයන් බරින් යුතු භාණ්ඩ රැුගෙන යාමට නම් දරා තිබේ. මෙයින් හොඳම ට‍්‍රක් රථය වනුයේ වි8 ඇන්ජිමක් සහිත ලීටර 4.3 ට‍්‍රක් රථයකි. ඔබට මෙම වර්ගයේ ට‍්‍රක් රථයක් හමුවුවහොත් ඕනෑම ක‍්‍රියාවක් පහසුවෙන් සිදු කිරිමේ අවස්ථාව ඔබට උදා වේ. එහි තට්ටුව ඔබට අවශ්‍ය ඕනනෑම දෙයක් ගෙනයාමට තරම් විශාල වන අතර ආයතනය විසින්ද බොහෝ විට ඔවුන්ගේ උපකරණයන් එහා මෙහා ගෙනයන්නේ මෙමගින් වේ.

සුසුක සමුරායි
විවිධ හේතුන් මත මිනිසුන් 4×4 රථයන් මිලදී ගනු ලැබේ. සමහරුන් හට දිනපතා භාණ්ඩ එහාමෙහා රැුගෙන යාමේ උවමනාවක් නොපවතියි. අනෙක් අය රැුකියාව සඳහා යෑමට හෝ තම පවුලේ පිරිස් සම`ග විශේෂ අවස්ථාවන් සඳහා යෑමට භාවිතා කරති. ඔබට භාණ්ඩ පැටවීම සඳහා විශේෂ වු ඉඩක් අවශ්‍ය නොවේ නම් ඔබ විසින් සුසුකි සමුරාය රථය පිළිබඳ අවධානය යොමු කළ යුතුව ඇත. මෙය 4×4 අංශයේ කුඩා රථයක් වන නිසාම ඔබට අනෙක් රථයන්ට සාපෙක්ෂව අඩු මිලට මිලදී ගැනිමේ අවස්ථාව ඇත. තවද මෙයට අදාලව අනුවර්ථන කිට් එකක් තිබේන අතර එමගින් අමතර බලයක් වාහනයට ලබා දෙන අතර ඔබට අවශ්‍ය යැයි හැගේනම් මිලදී ගත හැකිය. මෙමගින් ඔබට ඩිසල් ඇන්ජමකට පවා වෙනස් කිරිමේ හැකියාව පවතිනවා. කෙසේ වෙතත් එබට භාණ්ඩ ගෙන යාම සඳහා විශාල ඉඩක් අවශ්‍ය නම් ඔබ විසින් විශාල වරිගයේ 4×4 රථයක් ගැන සැළකිල්ලක් දැක්විය යුතු වේ.

ටොයෝට ලැන්ඞ් කෘසර්
ටොයෝට ලැන්ඞ් කෘසර් 4×4 රථය ශක්තිමත් අයුරින් නිපදවා ඇති අතර ඕනෑම රළු මාර්ගයක අළුත්වැඩියා කිරිමකින් තොරව ධාවනය කළ හැකිය. ඔබ මෙම වර්ගයේ රථයක් මිලදී ගැනීම පිළබඳ ඇත්තටම සිතයි නම් ඔබ විසින් ඇන්ජින් 6 සඳහා සුදුසු රථයක් සොයා බැලීය යුතු වේ. මෙහි ඇති විශේෂ වාසිය පසු උපාංග ශ‍්‍රි ලංකාව තුලින් සොයා ගැනිමට ඇති පහසුවයි. එමනිසා ඔබේ ඇන්ජිමේ කිසිදු දෝෂයක් පැණ නැගුණහොත් පිටින් ගෙන එන තෙක් බලා සිටිමට ඔබට සිදු නොවෙනු ඇත. ලැන්ඞ් කෘසර් රථයන් සම්මත සහ ස්වයංක‍්‍රිය යන ගියර් පද්ධති දෙකෙන්ම සමන්විත පැමිණෙයි. මෑතකදී නිපදවන ලද ලැන්ඞ් කෘසර් රථයන් බොහෝමයක් ස්වයංක‍්‍රිය ගියර් පද්ධතියකින් පැමිණෙයි. නියමාකාර නඩත්තු සේවාවක් සැපයිම මගින් මෙම රථයෙන් උපරමි වාසියක් අයිතිකරුට ලබා ගත හැකි අතර මෙහි ඇති අවාසිය වනුයේ අනෙකුත් 4×4 රථයන්ගේ මෙන් හොඳ ඉන්ධන ධාවන වාසියක් අත් කර ගැනිමේ ඇති අපහසුවය. ඔබ අවුරුදු 10 වඩා පැරණි පාවිචචි කරන ලද වාහනයක් පිළිබඳව සැළකිල්ලක් දැක්විමේදී එහි ටයර් පිළිබඳවද අවධාරණයෙන් සැළකිල්ලක් දැක්විය යුතු වේ. ඔබ මිලදී ගන්නා 4×4 රථය තරමක් පැරණි නම් එහි ටයරි යම් දෝෂ සහිත විය හැකිය. රළු මාර්ගයන් හ ගමන් කිරිමේදී හොඳ ටයර් පද්ධතියක් තිබිම අනිවාර් වේ.

Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Back to top button
Close
Close