ikman

Ikman.lk සමාජිකත්ව ක්‍රමය මෙතරම් වේගයෙන් ජනප්‍රිය වෙමින් තිබෙන්නේ ඇයි?

ව්‍යාපාර කටයුතු වලදී කෙනෙකුට විශේෂ සැලකිල්ලක් ලැබෙන අවස්ථාවන් බොහොම වටිනවා.
ikman.lk සමාජිකත්ව ක්‍රමය කියන්නේ එහෙම අතිවිශේෂ සැලකිල්ලක් ලැබෙන ක්‍රමයක්. Ikman සාමාජිකයන්ට වඩාත් හොඳ සේවාවක්, වැඩි අලෙවියක්, අඩුම ගාස්තු සහ, සමස්තයක් ලෙස වෙළඳපොළේදී වඩාත් හොඳ අලෙවිකරණ වාසියක් අත්වෙනවා.


මේ වනවිට ikman.lk මගින් විශේෂ සාමාජිකත්ව ක්‍රම දෙකක් හඳුන්වා දී තිබෙනවා. ඒවා
හැඳින්වෙන්නේ Business Plus සහ Business Premium යන නම් වලින්. මේ සාමාජිකත්වයන්
ලබාගන්නා පුද්ගලයන්ට වාසි රැසක් අත්වෙනවා. එම වාසි මේ ආකාරයට දැක්වීමට පුළුවන්.

  1. වෙනම Shop එකක්
    ඔබේ ව්‍යාපාරය වෙනුවෙන්ම වෙන්වූ e-commerce shop එකක් ඔබට හිමිවෙනවා. ඔබ අලෙවි කරන නිෂ්පාදන/සේවාවන් මැනැවින් විස්තර කරන, ආකර්ෂණීය ඡායාරූප සහිත අන්තර්ජාල අලෙවිසැලක් ඔබට නිර්මාණය කරගැනීමට පුළුවන්. අවශ්‍ය පරිදි සංස්කරණය කළ හැකි මේ පිටුව ඔස්සේ ඔබේ සියලු දැන්වීම් කළමනාකරණය කරගැනීමට හැකියාව ලැබෙනවා.
  2. අසීමිත දැන්වීම්
    ikman.lk තුළ දැන්වීම් නිතර පළකිරීම මගින් ගැනුම්කරුවන්ගේ අවධානය වැඩි වශයෙන් දිනාගැනීමට පුළුවන්. මේ අවස්ථාව සමාජිකත්ව පැකේජ මගින් ඔබ වෙත ලබාදී තිබෙනවා. ඔබේ
    නිෂ්පාදන/සේවාවන් පිළිබඳව පැහැදිලි විස්තර සහ අලංකාර ඡායාරූප සහිත දැන්වීම් නිතර පළකර ඔබේ සාමාජිකත්වයෙන් උපරිම ඵල නෙළාගන්න. දැන්වීම් වැඩිවන තරමට අලෙවියත් වැඩි වේවි.
  3. දැන්වීම් කල් ඉකුත් නොවීම
    සාමාජිකත්වය සමග ස්වයංක්‍රීයව දැන්වීම් අලුත් වීම සිදුවන නිසා සාමාජිකයන්ගේ දැන්වීම්
    සෑමවිටම සක්‍රීයව පවතිනවා. ඒ නිසා ඔවුන්ගේ කාලය ඉතිරිවන අතරම වඩාත් වැඩි ප්‍රචාරයකුත් හිමිවෙනවා.
  4. දැන්වීම් ප්‍රවර්ධන සේවා නොමිලේ
    ikman.lk තුළ දැන්වීම් ප්‍රවර්ධනය කිරීම සඳහා භාවිතා කළ හැකි Top Ad සහ Bump Up යන ක්‍රම දෙකම සාමාජිකයන්ට නොමිලේ හිමිවනවා. Top Ads මගින් ඔබේ දැන්වීම් අදාළ පිටුවේ ඉහළටම පැමිණෙන අතර එමගින් 10 ගුණයක් වැඩි views ප්‍රමාණයක් ලැබෙනවා. Bump Up මගින් දින 15 ක් දක්වා ඔබේ දැන්වීම සාමාන්‍ය දැන්වීම් අතර ප්‍රමුඛස්ථානට පත්කරන නිසා එය සෑම දිනකම දැන්වීම අලුතෙන් පළකරනවාට සමානයි.
  5. බිස්නස් ටූල්ස්
    ඔබේ ව්‍යාපාරය දියුණු කරගැනීමට උපකාරී වන විශේෂ උපකාරක සේවාවන් රැසකුත් සමාජිකත්ව පැකේජ වලට ඇතුළත්. ඔබගේ ගැටලු වලට පිළිතුරු දීමටත්, අපගේ විශේෂාංග වලින් උපරිම ප්‍රයෝජන ගන්නා ආකාරය සම්බන්ධයෙන් ඔබට මගපෙන්වීමටත් කැපවී සිටින කණ්ඩායමක්ද මීට ඇතුළත්. නොමිලේ shop stickers හිමිවීම, Buy Now සේවාව සඳහා අඩු ගාස්තු හිමිවීම සහ නොමිලේ දැන්වීම් පළකිරීමට හැකිවීම ප්‍රතිලාභ රාශියකුත් සමාජිකත්ව පැකේජ වලට එක්කර තිබෙනවා.

මේ වාසි වලට අමතරව, ඔබ වෙනුවෙන් විශේෂ මාසික පහසු ගෙවීමේ ක්‍රමයක්ද මේ වනවිට අප
හඳුන්වා දී තිබෙනවා. ඒ වගේම දීර්ඝකාලීන ගිවිසුමක බර ඔබ වෙත පැටවෙන්නේත් නැහැ.
ඉතින් ඔබ තවත් බලා ඉන්නේ ඇයි? අදම 011 235 0350 අමතන්න. නැතිනම්s [email protected] වෙත ඊමේල් ලිපියක් යොමුකරන්න.

Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Back to top button
Close
Close