රැකියා සහ සේවා

ශ‍්‍රි ලංකාවේ රැකියා අයදුම් කරන්නෙකු විසින් සම්මුක පරික්ෂණයකදී කළ යුතු දෑ සහ නොකළ යුතු දෑ

ඔබ මේ මොහොතේදී ශ‍්‍රි ලංකාවේ ජිවත් වෙමින් හොඳ තත්වයකින් යුතු රැකියාවක් සෙවිමේ අමාරු කාර්යයේ නිතරව සිටිනා විය හැකිය. පුවත්පත් සහ අන්තර් ජාල දැන්වීම් බලමින් රැුකියා ඇබෑර්තු සහ තනතුරු සොයා බලමින් සිටිනවා විය හැකිය. ඉතා උසස් තත්වයේ ජීව දත්ත සටහනක් යැවීම පළමු පියවර වන නමුදු සම්මුඛ පරික්ෂණයක් සඳහා පෙනි සිටිම සේවා යෝජකයා ඔබව දැන හඳුනා ගන්නා තැනයි. අවසානයේදී හැමෝටම උසස් තත්වයේ ජීව දත්ත සටහනක් නිර්මාණය කර ගත හැකි නමුදු සම්මුඛ පරික්ෂණයකට සහාභාගී වී සියලූ නිවැරදී තොරතුරු ලබා දී පළමු දැක්ම අනර්ඝ ලෙස ලබා දීමට නොහැකි වේ. සම්මුක පරික්ෂණයකදී කළ යුතු සහ නොකළ යුත දෑ පිළිබඳව දැන සිටිමෙන් ඔබගේ රැකියාව ලබා ගැනීමේ සිහිනය සාර්ථක කර ගැනීමට උපකාරීත්වයක් ගෙන එයි.

ශ‍්‍රි ලංකාව තුල ඇති රැකියා ඇබෑර්තු සොයා බලන්න
ශ‍්‍රි ලංකාව තුල ඇති රැකියා ඇබෑර්තු සොයා බැලීම තරමක අපහසු කටයුත්තක් වන හෙයින් ඒ සඳහා ඔබ විසින් පුවත්පත් සහ අන්තර් ජාල දැන්වීම් මගින් ඔබට සරිලන රැකියා ඇබෑර්තුව සොයා ගැනීමට වෙහෙස විය යුතුය. දේශිය වෙළඳපල තුල, කාර්යාලයන් තුල සහ කර්මාන්ත ශාලවන් තුල රැකියා ඇබෑර්තු ඇත්දැයි සොයා බැලීමට පැකිලෙන්න එපා. බොහෝ සේවා යෝජකයින් රජයත් සමුග ගිවිසුමකට එළඹ ඇබෑර්තු සකස් කර ඇති නමුදු ඒ පිළිබඳව විමසා බැලීමේ අයිතියක් ඔබට සැම විටකම තිබේ. මෙසේ අසා දැන ගැනීමෙන් බොහෝ විකල්පයන් ඇතිවන අතර බොහෝ රැුකියා ඇබෑර්තු අවස්ථාවන් තිබිම මගින් ඔබට සරිලනම රැුකියාව සොයා ගැනීමට පහසු කරවයි.

සම්මුක පරික්ෂණයක් සඳහා සුදානම් වන්නේ කෙසේද?
ඔබ ජීව දත්ත සටහන යොමු කළ පසු සේවා යෝජකයින්ගෙන් දුරකථන ඇමතුමක් හෝ ඊ-මේල් පණිවිඩයක් ඔබට ලැබේන අතර එය ඔබේ වැඩි දුර තොරතරු හෝ ඔබට සම්මුක පරික්ෂණයන් සඳහා සහාභගී විය යුතු බව දැන්විම විය හැකිය. ශ‍්‍රි ලංකාවේ පවත්වනු ලබන සම්මුක පරික්ෂණයන් බොහෝ විට ඔබ ගැන වැඩි දුර අධ්‍යනයක් කිරිම සඳහා හෝ ඔබේ සාක්ෂි විමර්ෂණය කිරිම අරමුණු කරගෙන පවත්වනු ලබයි. සමහර මිනිසුන් තමන්ගේ ජිව දත්ත සටහන බොහෝ උසස් ලෙස තමුන්ට නැති පළපුරුදු ද ඇතුලත් කර සැකසීම සිදු කරන අතර සම්මුක පරික්ෂණයන් වලදී මේ සියලූ දේ මනා ලෙස විමර්ෂණයට ලක් කරනු ලබයි.
ෂම්මුක පරික්ෂණය සඳහා සුදානම් වීමේදී ඔබේ ජීව දත්ත සටහනට අනුකූලව කතාබහා සිදු කිරිමට කල්තබා පුරුදු පුහුණු වන්න. සමස්ථයක් වශයෙන් බියෙන් සිටිමෙන් සේවා යෝජකයින් ඉදිරිපිට එය පෙන්නුම් වේ. තවද ඔබ විසින් මනා ලෙස සැරසී යාමක්ද සිදු කළ යුතුය, එය එතරම් ගෙවීමක් සිදු නොකරන රැුකියාවක් වුවද ඔබ නිසි ඇඳුම් පැළදුම් වලින් සැරසී යා යුතුවේ. ඔබේ අනාගත සේවා යෝජකයින් හට ඔබේ පළමු දැක්මෙන ලබා දෙන අර්ථය ඉතා වැදගත් වන අතර එමනිසාම ඔබ සම්මුක පරික්ෂණයට සහාභාගී වීමේදි නිසි පරිදි සැරසි, පිරිසිදු ව සහ සුවඳවත්ව යා යුතුය. සම්මුක පරික්ෂණයට පෙර ඔබේ පෙනුම වෙනුවෙන් යම් මහන්සියක් දැරීමෙන් එය යම්තාක් දුරකට පහසු කර ගැනිමේ හැකියාවක් එබට හිමිවේ.

සම්මුක පරික්ෂණයකදී කළ යුතු දේ
ඔබේ මීල`ග රැුකියා සම්මුක පරික්ෂණය සත්‍ය වශයෙන්ම සාර්ථ කර ගැනීමට ඔබ විසින් සිදු කළ යුතු බොහෝ දේ තිබේ. නුවර සහ කොළඹ ආශ‍්‍රිතව රැුකියා ඇබෑර්තු සොයන්නන් විසින් සම්මුක පරික්ෂණයකදී සිදු කළ යුතු සහ නොකළ යුතු නිශ්චිත දෑ බොහෝමයක් ඇත. එක් දෙයක් නම් ඔබ විසින් කළ යුතු ඔබව නිසි පරිදි පෙන්නුම් කිරිමය. සුදුසු ඇඳුම් සහ පිරිසිදුව සැරසී ඔබව උසස් තත්වයෙන් පෙන්නුම් කරන්න. තවද ඔබ විසින් ඔබේ වෘත්තියට අදාලව අසන පැනයන් සඳහා නියමිත පිළිතුරු සකසාගෙන පැමිණිය යුතු වන අතර ඔබේ අතීත ක‍්‍රියාකාරීත්වය සහ අධ්‍යපන සුදුසුකම් ද නිසි පරිදි මතකයේ තබා ගත යුතුය. බොහෝ සේවා යෝජකයින් හට අතීතයේ ඔබේ වෘත්තිය කෙබඳුදැයි දැන ගැනිමට අවශ්‍ය වන අතර සහ මෙවැනි ප‍්‍රශ්ණ සඳහා ඔබට සම්මුක පරික්ෂනයේදී මුහුණ දීමට සිදු වේ.
ඔබ ආචාර සම්පන්වස හ ඉවසිමේ යුතුව සම්මුක පරික්ෂණයකට මුහුණ දිය යුතු අතර ඉලක්කයට කතා කර ඔබේ කතා බහ අවම මට්ටමේ තබා ගනිමින් ඔබේ අනාගත සේවා යොජකයින්ට ඕනෑම පැනයක් ඇසීමට වැඩි ඉඩ සලසා දිය යුතුය. සම්මුක පරික්ෂණයට මුහුණ දෙන අවස්ථාවේදී පුටුවේ නිසි පරිදි ඉඳගෙන සිටින්න, මුහුණින් හෝ ඇස් වලින් අනවශ්‍ය ඉරියම් දැක්වීමෙන් වළකින්න. ඔබ අපෙක්ෂා කරන රැකියාව පිළිබඳ ඔබට ඇති ගැටළු ඇසීමට බිය නොවන්න.

සම්මුක පරික්ෂණයකදී සිදු නොකළ යුතු දෑ
අනාගත රැුකියව සඳහා සම්මුක පරික්ෂණයක් සිදු කිරිමේදී ඔබ විසින්ද සිදු නොකළ යුතු දෑ ද බොහෝමයක් වේ. සම්මුක පරික්ෂනයකට සහාභාගී වීමේදී එය ඔබ සිතන තරමට වඩා අවම මට්ටමේ රැකියවක් වුවුද ඔබ කලබලකාරි, අපිරිසිදු සහ අපිළිවෙල පුද්ගලයෙකු වශයෙන් පෙන්නුම් නොකළ යුතුය. තවද සම්මුක පරික්ෂණය සිදු වන අවස්ථාවේදී සේවා යෝජකයින් ඉදිරි පිට අශෝබන ආකාරයෙන් සහ ඉවසීමක් නැති ලෙස හැසීරීමෙන් වළකින්න. තවද සේවා යෝජකයින්ගෙන් වැඩි දුර ප‍්‍රශ්ණ කිරමෙන් වළකින්න. නිදසුනක් ලෙස සම්මුක පරික්ෂණයකදී ඔබට නිවාඩු ගත හැකි දැයි හෝ ඔවුන්ගේ නිවාඩු පිළිවෙත කුමක්දැයි ඇසීමෙන් වළකින්න.

තවත් එක් කරුණක් නම් ඔබ සම්මුක පරික්ෂණයකට සහාභාගී වීමේදී ඔබේ අතීත වෘත්තිය පළපුරුද්ද පිළිබඳව වංචනික අදහස් පළ කිරිමෙන් වැළකි සිටිමට වගබලා ගන්න. කාර්යාලීය රැකියාවක් සඳහා සම්මුක පරික්ෂණයකට සහාභාගී වීමේදී ඔබට නොමැති කාර්යාලීය සහ පරිගණක පළපුරුද්ද අවරුදු ගණක ලෙෂ පෙන්වීමෙන් වළකින්න. එලෙෂ ඔබේ පළපුරුද්ද පිළිබඳව වංචා කිරිමෙන් ඔබේ අනාගතය ඔබ විසින්ම අඳුරු කර ගනියි. එනම් සේවා යෝජකයා විසින් කියනු ලබන දෙය ඔබට වැටහීමක් සිදු නොවන විටක ඔබව රැුකියාවෙන් නෙරපීමක් කරන අතර එය ඔබේ අනාගත වෘත්තීන් සඳහාද සෘජුවම බලපායි. ඔබේ ජීව දත්ත සටහන සහ පිළිතුරු අවංකකම පම තදනම්ව තිබිමේන ඔබට නිසි ගෙවීමක් සිහිත නියමිත රැකියාව ලැබීමට නියමිත අතර ඔබටද වෘත්තියේ නියැලීමේදී පහසුවක් ගෙන දෙයි.
සම්මුක පරික්ෂණයක් සඳහා මුහුණ දීම බොහෝ අය බිය වන නමුදු නිසි පරිදි සුදානම්ව ඉවසීමෙන් සිටිමෙන් එය තුරන් කර ගත හැකිය. බහුත්ව සම්මුක පරික්ෂණයන්ට සහාභාගී විමෙන් ඔබට සරිලනම සහ හොඳ ගෙවීමක් සහිත බේ වෘත්තිය තෝරා ගැනීමට ඔබට පහසු කාර්යයක් වේ.

Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Back to top button
Close
Close