ඉලෙක්ට්‍රොනික්ස්

නත්තල් කාළයේදී ඉලෙක්ට්‍රෝනීක උපකරණ මිලදී ගැනිමේ මග පෙන්වීම

නත්තල් කාළය යනු ඔබ මිතුරන් සහ පවුලේ උදවිය සමග එකතු වි සතුටු වන කාළ වකවානුවකි. ඔබ ශ‍්‍රි ලංකාව තුල වාසය කරයි නම් සහ අපුර්ව නිවාඩු කාළයක් ගත කිරිමට කැමති, හොඳම තෑගි ලබා දෙමින් මෙය යථාර්තයක් කිරිමට කැමතිද?

බොහෝ මිනිසුන් ඉලෙක්ට්‍රෝනික උපකරණ එලෙස තෑගී දීම සඳහා සුදුසුම භාණ්ඩය ලෙස හඳුනා ගනිමින් සිටින අතර සහ ඒ අතුරින් ඔවුන්ගේ ජිවිතයට වඩාත් යෝග්‍යම ඉලෙක්ට්‍රෝනික උපකරණ කුමක්දැයි ඔවුන් සමීක්ෂණයක යෙදෙමින් සිටියි. එලෙස ශ‍්‍රි ලංකාවෙන් මිලදී ගත හැකි හොඳම තෑග්ග හඳුනාගැනීම සහ ඒ සඳහා හොඳ මිලක් ලබා ගැනිම ශ‍්‍රි ලංකාව තුල ඉතා වැදගත් ක‍්‍රියාවලියක් වේ.

නත්තල් කාළයේදී ඉලෙක්ට්‍රෝනික උපකරණ මිලදී ගැනිමේ වාසී
ඔබ විසින් කැමරාවක්, සෆොන් අමතර උපාංගයන් හෝ සාමාන්‍ය ලැප්ටොප් පරිගණකයක් වැනි ඉලෙක්ට්‍රෝනික උපකරණ තෑගී දීම සඳහා තෝරා ගැනීම මගින් ඔබේ නිවාඩු කාළය වඩා කතා බහාට ලක් විය හැකි නිවාඩුවක් විය හැකිය. ඕනෑම වයස් කාණ්ඩයක සිටින මිනිසුන් ඉලෙක්ට්‍රෝනික උපකරණයක් තෑගි වශයෙන් ලැබීමෙන් සතුටු වෙයි. මෙවැනි උපකරණයන් ඔවුනගේ ජිවිතයන් සඳහා අවශ්‍යම වන නමුදු එය මිලදී ගැනිම සඳහා එතරමට මුදලක් ඔවුන් සතු නොවීමට පිළිවන. ජංගම දුරකථනයක්, විඩියෝ ක‍්‍රිඩා උපකරණයක් හෝ පරිගණකයක් විශේෂ වු කෙනෙකු සඳහා මිලදී ගැනීම මගින් එකිනෙකා අතර සම්බන්ධතාවය දැඩි කර ගැනීමට උපකාරි වේ.

තවද තෑග්ගක් වශයෙන් ඉඩලක්ට්‍රෝනික උපකරණයක් ලබා දීම යනු එය කාළ සීමා රහිත තෑග්ගක් බවට පත්විමය. බොහෝ අය සතුව තමන්ගේ යැයි කිව හැකි ජංගම දුරකථනයක් හෝ පරිගණකයක් තිබේ, එම නිසා ඔබේ ලැයිස්තුවේ සිටින පිරිස් නිතරම ඔබ සම`ග සම්බන්ධ කර තබා ගත හැකි තාක්ෂණික මෙවලමක් භාවිතා කිරිම ඉතා අගන අදහසකි. ඔබ තෑග්ග පිරිනමනුයේ තරුණ වයසේ සිටින්නෙකුට හෝ හදවතින් තරුණ වියේ පසුවන්නෙකුට හෝ වේ නම් ඔබ මිලදී ගන්නා ඉලෙක්ට්‍රෝනික උපකරණය තත්වයෙන් උසස් වීම ඔවුන්ගේ ප‍්‍රසාදය දිනා ගැනීමේ පළමු පියවර වේ.

හොඳ ඉලෙක්ට්‍රෝනික උපකරණ සොයා බැලිය යුත්තේ කොහේද?
ඔබ ශ‍්‍රි ලංකාව තුල ජිවත් වන්නෙකු නම් පළමු පියවර වශයෙන් ඔබ විසින් කළ යුත්තේ ඔබට හොඳ මිලක් ලබා ගත හැකි ඉලෙක්යෙ‍්‍රා්නික උපකරණ ඇති ස්ථානයන් සොයා බැලීමය. ඔබ විසින් මිලදි ගැනිමට සිතන සෆොන් 6 හෝ වෙනත් ජංගම දුරකථනක් හෝ ඉලෙක්ට්‍රෝනික උපකරණ සාප්පු සංකීර්ණ, වෙළඳ සැල් මගින් සොයා ගැනීමේ හැකියාව ඇත. එමෙන්ම පුවත්පත් දැන්විම් සොයා බැලීම මගින් වෙළඳ සැල් විසින් හොඳ මිලකට අලෙවි කරනු ලබන සේල් පිළිබඳවද ඔබ විසින් සැළකිල්ලක් දැක්විය යුතු වෙනවා. බොහෝ වෙළඳ සැල් මෙම නිවාඩු කාළයේ තම භාණ්ඩ විකුණුම පවත්වා ගැනීම පිණිස මෙසේ සේල් පොළවල් පවත්වන අතර මෙවැනි කාළයකදී ඉලෙක්ට්‍රෝනික උපකරණ මිලදී ගැනිම හොඳ අදහසක් වන බව මතකයේ තබා ගන්න.

ඔබට එලෙස දේශියව හොඳ මිලක් සොයා ගැනීමට අපහසු වීනම්, දෙවන පියවර ලෙස ඔබ විසින් කළ යුත්තේ අන්තර් ජාලය මගින් මිල නිරික්ෂණය කර බැලීමය. ඔබ එලෙස වෙළඳ පලේ නිරික්ෂණය කර බැලීමේදී එය දේශියව පිහිටා තිබෙන් බව හෝ ඔබ සිටින ප‍්‍රදේශයට එවිමට හැකියාව ඇති බව සොයා බලන්න. සමහර අන්තර් ජාලීය වෙළඳ සැල් ඇමරිකා එක්සත් ජනපදයේ පිහිටා ඇති අතර ඔබ විසින් මිලදී ගනු ලබන සියලූම ඉලෙක්ට්‍රෝනික උපකරණයන් ගෙනවිත් දිම සිදු නොකරනු ඇත. නමුදු සමහර වෙළඳ සැල් එසේ කරනමුත් නැව් ගාස්තු ලෙස ඔවුන් විශාල මුදලක් අය කිරිම සිදු කරන හෙයින් ඔබ මිලදී ගැනිමට පෙර ඒ ගැනද සිතන්න.

ඉලෙක්ට්‍රෝනික උපකරණයන් සඳහා හොඳ මිලක් ලබා ගන්නේ කෙසේද?
ඔබ විසින් වෙළඳපලින් මිලදී ගැනීමට පෙර ඉඩලක්ට්‍රෝනික උපකරණන් සසඳා බැලීමකට ලක් කර යුතුය. මෙය බොහෝ විට අන්තර් ජාලය මගින් මිලදී ගැනිමේදි සිදු කරන්නක් වන අතර නමුදු ඔබ විසින් වෙළඳ පලේ රවුමක් ගොස් එම මිල ගණන් සම`ග සසදා බැලීමේදී එබට නියත ලෙසම වෙනස වටහා ගැනීමට හැකිය. නමුදු කෙසේ වෙතත් ඔබට ශ‍්‍රි ලංකාවේ දේශිය වෙළඳ පලෙන් මෙවැනි ඉලෙක්ට්‍රෝනික උපකරණයන් සඳහා හොඳ මිලක් ලබා ගැනිමට හැකි වේ. සමහර අයට අන්තර් ජාගය මගින් හොඳ මිලක් නැව් ගාස්තුද ඇතුලත්ව ලැබිමේ අවස්ථා තිෙබි.

ඵළමුවෙන්ම ඔබ විසින් සිදු කළ යුත්තේ ඔබ විසින් මිලදී ගත යුතු උපකරණය හෝ ඉලෙක්ට්‍රෝනික මෙවලම තෝරා ගනීමය. නිවාඩු කාළයේදී ඔබ සම`ග සිටින සියලූ පිරිස්ගේ ලැයිස්තුවක් සකසා ඔවුනට අවශ්‍ය වන උපකරණය කුමක්දැයි ලැය ස්තු ගත කරන්න. ඉන්පසු ඔබ විසින් අඩු මිලට එකි ඉලෙක්ට්‍රෝනික උපකරණ ඇත්දැය විමර්ෂණය කර බැලිය යුතුය. නිදසුනක් ලෙස සෆොන් 6 තරමක් මිලෙන වැඩි වුවද ජංගම දුරකථනය ඔබේ මිල පරාසය තුලින් ඔබට ලබා ගැනීමට හැකියාව තිබේ. විවිධ වර්ගයන් හා මිල ගණන් සසදා බැලීම මගින් ඔබට අවශ්‍ය කරන මිලට හොඳ ඉලෙක්ට්‍රෝනික උපකරණයන් ලබා ගැනිම එතරම් ගැටළුවක් නොවේ.
උපකරණය තීරණය කළ පසු ඔබ විසින් දේශිය වෙළඳ පළ මෙන්ම අන්තර් ජාලය ඔස්සේද ඔබේ ලැයිස්තුව හා මිල පිළිබඳව සැසඳීමක් සිදු කළ යුතුය. එමගින් හොඳ මිලක් ලබා ගත හැකි වෙළඳපල හෝ අන්තරා ජාල පිවිසුම ඔබට සොයා ගැනීම පිළිවන. මෙමගින් අනවශ්‍ය ලෙෂ මුදල් නාස්ති නොකර නිවාඩු කාළයෙ තෑගී ලබා දීමට ඔබට හැකියාව ලැබෙයි.

ත්‍වළඳ පලෙදී ඕනෑතරම් ඉලෙක්ට්‍රෝනික උපකරණ දැකීමට හැකි අතර එමගින් නියම මිලක් සමග උසස් තත්වයේ උපකරණයක් ලබා ගැනීම සඳහා ඔබ විසින් වගබලා ගත යුතුවේ. සමහර අවස්ථාවන් වලදී ශ‍්‍රි ලංකාව තුල එලෙස හොඳ මිලකට විශ්වාසවන්ත ඉලෙක්ට්‍රෝනික උපකරණ සොයා ගැනිම තරමක් අපහසු වුවද එවැනි අවස්ථාවන් වලදී ඔබට අන්තර් ජාලය මගින් හොඳ ගණුදෙණුවක් කිරිමේ වාසනාව තිබේ. ඔබ යන පළමු වෙළඳපලින්ම ඔබේ උපකරණය මිලදී ගත යුතු යැයි මෙමගින් අදහස් නොකෙරෙන අතර ඒ සඳහා ඔබට හොඳ මිලක් ලැබේන තෙක් විවිධ විකල්පයන් ඔබ විසින් අත්හදා බැලිය යුතුය. ලග ඔන නිවාඩු කාළයේදී තෑගි ලෙස ඉලෙක්ට්‍රෝනික උපකරණයන් ලබා දීම අපුර්ව ක‍්‍රියවක් වන අතර එලෙස ඉලෙක්ට්‍රෝනික උපකරණයන් වන ජංගම දුරකථනයක්, ලැප්ටොප් පරිගණකයක් හෝ කැමරාවක් ලැබීම මගින් ඔබේ හිතවතුන් මහත් උද්දාමයට පත් වේ.

Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Back to top button
Close
Close