රැකියා සහ සේවා

මුල්‍ය හා ගණකාධිකරණ රැකියා ඇබෑර්තු සොයා බැලීම

ඔබ ව්‍යාපාරික උපාධියක් ඇති විශ්ව විද්‍යාලයෙන් අළුත පිටව ශ‍්‍රි ලංකාව තුල ගණකාධිකාරි කේෂත‍්‍රයේ රැකියාවක් සොයන්නෙක්ද? සොයන ලද ගණකාධිකරණ රැුකියාවන් නිරර්ථක වුයේද? ව්‍යාපාරික ලෝකයේ ඇති ඇබෑර්ථවක් සොයා ගෙන එමගින් ඔබේ වෘත්තිය ජිවිතය ගොඩ නගා ගැනිමට සිහින දකින්නෙක්ද?

ගණකාධිකරණ රැුකියාවක් සෙවීම ඔබට අපහසුද?
මෙම ගැටළු සඳහා වන ධනාත්මක පිළිතුරු මගින් ඔබේ වර්ථමාන තත්වය පිළිඹිබු වන අතරම අනිවාර්යෙන්ම ඔබගේ දැණුම පුළුල් වී ව්‍යාපාරික කේෂත‍්‍රයේ අළුත් රැුකියාවක් කොළඹින් හෝ ශ‍්‍රි ලංකාවේ ඕනෑම පළාතකින් සොයා ගැනීමේ ක‍්‍රමවේදයන් පිළිබඳ දැණුවත් බවක් ලැබෙයි.

ශ‍්‍රි ලංකාව තුල වන ව්‍යාපාරික ඇබෑර්තු සොයා ගන්නේ කෙසේද?
නුවර හෝ ශ‍්‍රි ලංකාවේ කුමන හෝ පළාතක සිට ඔබ මෙම ව්‍යාපාරික රැුකියා ඇබෑර්තු සඳහා ඉල්ලූම් කර ඇත්නම් ඔබ එහි ඇති වෙහෙස කරත්වය හොඳින් දනියි. නමුදු අළුතින්ම රැුකියා ඇබෑරිතු සොයන ඔබ විසින් මෙම පියවර වල් කිහිපය අනුගමනය කිරිම ප‍්‍රයෝජනවත් විය හැකිය.

සිත්ගන්නා ජිව දත්ත සටහනක් සදා ගන්න
පළමු දේ පළමුව. මේ වනතුරුත් ඔබ ජීව දත්ත සටහනක් සාදා නොමැති නම් තවදුරටත් පරක්කු නොකර ඔබ විසින් එය සැකසිම අරඹිය යුතුය. පුළුල් විවිධත්වයකින් යුත් ජිව දත්ත මාදිලියන් අන්තර් ජාලය මගින් සොයා ගැනීමට හැකි අතර එයින් ඔබට ගැලපෙන මාදිලිය මත පදනම්ව ඔබේම ජීව දත්ත සටහනක් තනා ගැනීමට පිළිවන. ඔබේ උචිත සියලූම ජයග‍්‍රහණයන් සහ අධ්‍යාපන සුදුසුකම් එහි සඳහන් කිරිමට වගබලා ගන්න. ඔබ ලද සහතිකයන් හෝ සහභාගි වු පාඨමාලවන් පිළිබඳවද සඳහන් කරන්න. විශේෂයෙන්ම ඔබට ආශ‍්‍රිතව ඇති දැණුම පිළිබඳ පෙන්විමට එය පිටුවහල් වනු ඇත.

කෙසේවෙතත් ඔබේ ජිව දත්ත සටහන ප‍්‍රසන්නව සහ සංක්ෂිප්තව නිර්මාණය කළ යුතු වේ. අනවශ්‍ය තොරතුරු ඇතුල් කිරිමෙන් ඔබේ ජිව දත්ත සටහන අනවශ්‍ය විදිහට දික් ගැසිමක් සිදු වේ. සේවායෝජකයාට වැදගත් වනුයේ අත්දැකීම් ප‍්‍රමාණය නොව අත්දැකීම් තත්වයයි.

තවද ඔබ සතුව විෂය බාහිර ක‍්‍රියාකාරම් වේ නම් ඒවා සඳහන් කිරිම මගින් ඔබ ඉල්ලූම් කරන මුල්‍ය හෝ ගණකාධිකරණ කේෂත‍්‍රයේ රැුකියට සැළකිය යුතු අවධානයක් ගෙන එයි. පාසල් සමයේ ලිපි සඳහා ලද ත්‍යාගයන් වඩා විවිධ ව්‍යාපාරික සමුළුන් සඳහා සහාභාගී වී සිටිම ඉහළි අවධානය දිනා ගැනීමට සමත්වේ.

නිර්දේශයන් ගොඩනගන්න
ඔබ නවක උපාධිධාරියෙකු නම් ඔබට නිර්දේශයන් ලැයිස්තුවක් නොතිබිය හැකිය. මුල්‍ය හෝ ගණකාධිකාර කේෂත‍්‍රයේ අවධානය ලබා ගැනීම පිණිස උසස් අධ්‍යාපනය හැදෑරීමේදී ඔබ විසින් සොයා බැලී ක‍්‍රියාකාරකම් අවස්ථාවයන් දැක්විය හැකිය. ඊට අමතර වශයෙන් ඔබ තාක්ෂණය භාවිතා කොට ලිනක්ඞ්ඉන් ගිණුමක් ඇරඹිය යුතුවේ. එලෙස ගිණුමක් සෑදීම මගින් ඔබ මෑතක උපාධිධාරියෙක් වීම පමණක් නොව සැළකිය යුතු අත්දැකීම් ප‍්‍රමාණයක්ද එක් කර ගනියි.

එලෙස මුල්‍ය හා ගණකාධිකරන කේෂත‍්‍රයේ වැදගතුන් සම`ග ජාල ගත වීම මගින් නව මානයන් ඔබට විවර වන අතර එමගින් ශ‍්‍රි ලංකාව තුල ඇති රැුකියා ඇබෑර්තු සොයා ගැනීම පහසු කරවයි. තවද කොළඹ සහ ශ‍්‍රි ලංකාවේ අනෙකුත් ප‍්‍රදේශයන්ගේ පවතින විශාල පුරප්පාඩු පුවත්පත් දැන්වීම් වල පමණක් සඳහන් නොකරයි. එය කටින් කට යවා හඳුනන්නා වු නිර්දේශයන්ගෙන් පුරප්පාඩු පුරවා ගැනිමට ආයතනයන් බොහෝ කැමැත්තක් දක්වයි.

විවිධ මාධ්‍ය මගින් අව්සථාවන් ගවේශණය කරන්න
නිර්දේශයන්ගෙන් හැර ඔබ විසින් විවිධ ආයතන සඳහා ඔබේ අයදුම්පත් යැවිම සිදු කළ යුතුය. ඒ සඳහා සාමන්‍ය පිළිවෙත වනුයේ පුවත්පත් වල පළවන ලූහුඩු දැන්විම් කියවිමය. එසේ නැතහොත් ඔබට තාක්ෂණික ක‍්‍රමවේදයක් වන අන්තර් ජාලය දොරටු ඒ සඳහා භාවිතා කළ හැකිය. මෙම දොරටු මගින් ඔබට ගිණුම් ආරම්භ කිරිමට අවස්ථාවක් සලසා දෙන අතර එමගින් ඔබේ අධ්‍යාපනික සුදුසුකම් ඇතුලත් කර ඔබ විසින් ඉල්ලූම් කරන ලද කේෂත‍්‍රයට අදාල රැුකියාවන් සොයා ගැනීමට උපකාරි වේ. එබ නුවර පදිංචිකාරිනියක නම් සහ ඔබට කොළඹ ආශ‍්‍රිතව රැුකියාවක් අවශ්‍ය නොමැති නම් මෙම දොරටු මගින් ඔබට එයද සඳහන් කිරිමේ හැකියාව ඇත.

ඔබ සම්බන්ධ වීමට යන සංවිධානය පිළිබඳ සහතික කර ගන්න
මෙම යෝජනාව බොහෝ විට වෘත්තියක නියැලමෙන් සිටින නමුදු කිසිදු දියුණුවක් එමගින ලබා ගැනීමට අපොහෝසත් වු අය සඳහාය. බොහෝ විට තමුන් විසින් ආයතනය සඳහා යොදන ශ‍්‍රමය සඳහා කිසිදු දිරි දීමක් නොකරන විට ඔබ අධෛර්යට පත් වීම නිතැතින් සිදු වන්නකි. අවාසනාවන්ත ලෙස එලෙස තම වෘත්තිකයන් හට සාධාරණ ලෙස සළකන ආයතන ඉතා කුඩා ප‍්‍රමාණයක් පමණක් ශ‍්‍රි ලංකාව තුල දක්නට පිළිවන.

මෙමගින් ඔබ උත්සහය අතහැරිය යුතු යැයි නොහැ`ගවේ. ඔබට අවශ්‍ය වන නමුදු ආයතනය විසින් මෙතෙක් ඔබට ලබා දීමට අපොහොසත්ව ඇති දෑ ලැයිස්තු ගත කරන්න. මෙමගින් ඔබ නැවත වරක් රැුකියාවක් සොයන විට එම ආයතනය පිළිබඳ සැළකිලිමත් බවක් දැක්විමට මෙම කරුණු ඉවහල් වේ.

මුලික අවස්ථාවේ ඇතුලත් වීම පිළිබඳ වැඩි දුර කරදර නොවන්න.
විශාල ආයාතනයන් බොහෝමයක් මුල්‍ය හෝ ගණකාධිකරණ කේෂත‍්‍රයේ රැුකියාවන් සඳහා අවුරුද්දක හෝ දෙකක පළපුරුද්ද ඉල්ලීම අප‍්‍රසිද්ධ කරුණක් නොවේ. විශ්ව විද්‍යාලයෙන් ඉවත් වු වහාම ඔබ විසින් කේෂත‍්‍රයේ අත්දැකීම් ලබා ගැනීම වෙනත් විකල්පයන් සෙවිමට ප‍්‍රථම සැළකිය යුතු කරුණකි. ඔබේ වෘත්තිය නිපුනත්වය ගොඩ නගා ගැනීම සඳහා වන කැමැත්ත අනවශ්‍ය ආකාරයෙන් නාස්ති වීමට ඉඩ නොදෙන්න.

උපාධිය ලැබුණු පසු ඔබට ඇති රැකියා යෝජනා පිළිබඳ අධ්‍යනයක යෙදී ඔබ කැමති රැුකියාව තෝරා ගන්න. කෙසේ වෙතත් මෙම අවස්ථාවේදි ඔබ සේවායෝජකයින් සම`ග වැඩිපුර ඉල්ලීම වලට යා යුතු නොවේ. මුලික ඇතුලත් විමේ අවස්ථාව ඔබට අවසානයක් නොමැති වෘත්තිය සෞභාග්‍යයක් සඳහා දොරටු විවර කිරිමේ මාර්ගයක් පමණක් වන අතර එමගින් ඔබට යථාර්තීය අනාගතයක් පෙන්නුම් කරනු ලැබේ. මෙම අවස්ථාව ප‍්‍රයෝජනයට ගෙන වෘත්තිය ලෝකය ක‍්‍රියා කරන්නේ කෙසේදැයි දැන හඳුනා ගන්න.

තවත් එක් කරුණක් නම් ඔබ විසින් තරයේ මතක තබා ගත යුතු වන්නේ ඉවසීමය, ඔබ ආයනකයට සම්බන්ධ වී මාස කිහිපයක් තුල ඔබේ ජිව දත්ත සටහන් යැවීමෙන් වැළකී සිටින්න. ඔබට වර්ථමානයෙදී ගෙවීම් සහ වාසී අවම වුවත් ඔබ විසින් අවරුදු දෙකක කාළයක්වත් එහි රැුදී පළපුරුද්ද ලබා ගත යුතු වේ. මෙමගින් ඔබේ විශ්වාශනීයත්වහ සහ ස්ථායිතාවය පෙන්නුම් කරන අතර බොහෝ විට සේවායෝජකයින් විසින් අයදුම්කරුවන්ගෙන් එම පියවර පැසසුමට ලක් කරයි.

Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Back to top button
Close
Close