විනෝදාංශ සහ ක්‍රිඩා

ආරක්ෂාකාරිව ක‍්‍රිකට් ක‍්‍රිඩාවේ යෙදෙන්න

ඔබගේ වයස සහ නිපුණතා මට්ටම නොසළකා ක‍්‍රිකට් යනු තරමක අවධානම් සහිත ක‍්‍රිඩාවක් වන අතර නිසි උපකරණයන් භාවිතා කිරිම මගින් කාර්යය සාධනය සහ ආරක්සාව සහතික කර ගත හැකිවේ. සෑම වේලාවක සිදුවන අනතුරු වළක්වා ගැනිම අසීරු කාර්යයක් වුවද නිසි ආරක්ෂිත උපකරණයන් පැළදීම මගින් එම අනතුරු අවම සහ ක‍්‍රිඩාවේ විනෝදය උපරිමයෙන් විඳ ගැනිමට ඔබට උපකාරී වේ.
නවීන සහ පාවිච්චි කරන ලද ක‍්‍රිඩා උපකරණයන් ඕනෑම වයසක සහ ඕනෑම නිපුණතා මට්ටමක ක‍්‍රිඩකයින්ගේ ආරක්ෂාව පිණිස නිසි පරිදි නිර්මාණය කර තිබේ. ඔබ පන්දුවට පහර දිමේදි හෝ පන්දු රැුකීමේදි වේගයෙන් එන පන්දුව ඇගේ වැදිම විනෝදයක් එක් කරන්නේ නැත. එසේ වී නම් ක‍්‍රිකට් ක‍්‍රිඩාවේ යෙදිමේදි ඔබේ ආරක්ෂාව පිණිස යොදා ගත හැකි පුර්ණ උපකරණ පිළිබඳ අපි මඳක් විමසා බලමු.

හෙල්මටය
ක‍්‍රිකට් විනෝදය ගෙන දෙන ක‍්‍රිඩාවක් වුවද පිතිකරුවන්ට, කඩුලූ රකින්නන්ට සහ කඩුල්ල අසල පන්දු රකින ක‍්‍රිඩකයින් සඳහා තරමක් අවධානම් සහගත විය හැකිය. වේගයෙන් ඇඳි එන පන්දුව නිසාවෙන් ඔබේ ශරීරයේ ඕනෑම තැනක් අනතුරකට භාජනය විය හැකි අතර එයින් හිසට වන අනතුරු වඩා ඉරපතල විය හැකිය. කිවිමට නුවුමනා වුවත්, හොඳ වර්ගයේ හොල්මටයක් ක‍්‍රිඩාවේ විනෝදය එක සේ තබා ගැනිමට ඔබට උපකාර වේ.

ක‍්‍රිකට් යනු ලොව පුරා ජනප‍්‍රිය ක‍්‍රිඩාවක් වන අතරම විවිධ වර්ගයන්ගේ හෙල්මට් සොයා ගැනිමට තිබිම ඔබ තවදුරටත් පුදුම විය යුතු නොවිය යුත්කේ ඒ නිසා. මෙම වෙනස්කම් නොසලකා හැර බැලූ විට සෑම හෙල්මටයකම හිස් කබල ආරක්ෂා කිරිමටත්, ඇතුලත පැඩින් පිරවුම් සහිත විම, මුහුණු ආවරණයත්
, නිකට වටා යන පටිය සහිත වේ.

ඔබ කුමන වර්ගයේ හෙල්මටයක් මිලදි ගැනිමට තිරණය කළද සැකසිය හැකි මුහුණු ආවරණයක් සහිත හෙල්මටයක් තෝරා ගැනිම වැදගත් වේ. ඔබට ක‍්‍රිඩා උපකරණ ඇති වෙළඳසැලකට ගොස් ටයිටේනියම් සහ කාබන් ෆයිබර් හෙල්මටයක් හොඳ මිලකට ලබා ගත හැකි අතරම ඔබට පාවිච්චි කන ලද ක‍්‍රිඩා උපකරණ අන්තර් ජාලය මගින්ද සොයා ගැනිමේ හැකියාව පවතියි.

පිතිකරු අත්ආවරණ
පිතිකරුවෙකු ලෙස ක‍්‍රිඩා කිරිමේදි සියලූ ක‍්‍රිඩකයින් විසින් තමන්ගේ ආරක්ෂාව සලසා ගනු පිණිස අත් ආවරණ පැලදීම අනිවාර්යය කි‍්‍රියාවක් වේ. ඊට අමතරව ඔබේ ඇගිලි සහ නකල්ස් පන්දු වැදිමෙන් කුඩු වි යෑමෙන් ආරක්ෂා කර ගත හැකිවේ. එමෙන්ම නිවැරදි අත් ආවරණ යුගලක් මගින් ඔබට අනර්ඝ ගැම්මක් ගෙන දීමටද සමත් වේ.

අත් බාහු ආවරණ
අත් ආවරණයන් අනිවාර්යය අව්‍යශතාවයක් නොවන නමුත් බොහෝ ක‍්‍රිඩකයින් තම අති බාහුවේ ආරක්ෂාව වෙනුවෙන් භාවිතා කරයි. වාසනාවකට මෙම අත් බාහු ආවරණ එතරම් ගණන් නොවන අතර ඔබට අඩු මිලට අන්තර්ජාලය මගින් හෝ භාවිතා කළ ක‍්‍රිඩා උපකරණ වෙළඳසැල් මගින් ඔබට සොයා ගත හැකිය.

කඩුලූ රකින අති ආවරණ
අප විසින් මේ වන තෙක් කතා බහේ යෙදුනේ පන්දුවට පහර දුන් ක‍්‍රිඩකයින්ගේ ආරක්ෂාව පිණිස පළදින උපකරණයි, නමුදු පන්දු රකින ක‍්‍රිඩකයින්ගේ සාමාන්‍යයෙන් ආරක්ෂාව පිණිස ද උපකරණ භාවිතා කරන අතර විශේෂයෙන් කඩුලූ රකින ක‍්‍රිඩකයින් ය. බොහෝ පන්දු රකින ක‍්‍රිඩකයින් පන්දුවට පහරදෙන ක‍්‍රිඩකයින් භාවිතා කරන හෙල්මටය ම භාවිතා කරන අතර බොහෝ කඩුලූ රකින ක‍්‍රිඩකයින් ඇතුලත දාහදිය උරා ගැනිම පිණිස අත් ආවරණයක් පළදින අතර සහ ආරක්ෂාව වෙනුවෙන් පළදීම සිදු කරයි.

පපු ආවරණ, යටිබඩ ආවරණ සහ කළව ආවරණ
පන්දුවට පර දීමේදි භාවිතා කරන අනෙකුත් ආරක්ෂණ උපකරණ නම් පපු ආවරණ, යටිබඩ ආවරණ සහ කළව ආවරණ වන අතර මේවා විශේෂයෙන් ක‍්‍රිඩකින් වේග පන්දු යැවිමේ දි භාවිතා කරයි. එමෙන්ම ශරීරය ආවරණය කර ගැනිම සඳහා ඇති ආවරණ සහ යටිබඩ ආවරණයන් දැන් ඔබට අන්තර්ජාලය මගින් මෙන්ම පාවිච්චි කරන ලද ක‍්‍රිඩා උපකරණ වෙළඳ සැල් වලින්ද සොයා ගත හැකි අතර ආරක්ෂාව සඳහා සුදුසුම උපාංග වෙන වෙනම අඩු මිලට මිලදී ගැනිමට තිබේ.

පා ආවරණ
පිතිකරුවෙකු වශයෙන් ඔබ විසින් පා ආවරණ පැලදීම අනිවාර්ය ක‍්‍රියාවකි. අතීතයේදි මෙම පා ආවරණ බඳින ලද වේවැල් අවරණයකින් භාවිතා කරන ලද අතර අද දවසේදී ඊට වෙනස්ව බරින් අඩු වර්ගයකින් නිමවා ඇති අතර ඉතා අඩු මිලකට ලබා ගැනිමටද හැකියාව තිබේ.

සපත්තු
ඔබ විශ්වාස කළද නොකළද බොහෝ පිරිස් සපත්තු ක‍්‍රිකට් ක‍්‍රිඩාවේ යෙදීමේදි ආරක්ෂිත උපකරණයක් ලෙස නොසලකයි. නමුදු නිවැරදි සපත්තු ජෝඩුවක් මගින් ඔබේ කකුල් උළුක්කු විම සහ ඇ`ගිලි තුවාල විමෙන් ඔබව ආරක්ෂා කරවයි.
නිසි ආරක්ෂාකාරී උපකරණයන් පැළඳ සිටියද සමහර අවස්ථාවන් වලදී ඔබට යම් අනතුරු සිදුවිමට පිළීවන. ඒ මේ ක‍්‍රිඩාවේ හැටිය. කෙසේ වෙතත් නිවැරදි ක‍්‍රිඩා උපකරණ පැළදී සිටිමෙන් ඔබට සිදුවන තැලීම් සිරීම් වැනි තුවාල වලින් ඔබට බොහෝ දුරකට ආරක්ෂා වි සිටිමට උපකාරීත්වයක් ගෙන දෙයි.

එමෙන්ම ඔබ ආරක්ෂාකාරී යැයි ඔබට හැ`ගුණ විටක ඔබ කෙතරම් උද්යෝගයෙන් ක‍්‍රිඩාවේ යෙදෙයිදැයි ඔබට අත්විඳිය හැකිය. ඉතිං නිවැරදි ක‍්‍රිඩා උපකරණයන් මගින් ඔබගේ ශරීරයට සිදුවන තුවාලයන් ලින් ඔබව ආරක්ෂා කරනවා පමණක් නොව ඔබේ නිපුණතාවයන්ගේ වර්ධනයටද එය බලපෑමක් සිදු කරයි.

Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Back to top button
Close
Close