විනෝදාංශ සහ ක්‍රිඩා

ක‍්‍රිඩා, විවිධ ප‍්‍රසංග සහ උත්සව සඳහා ව්‍යාජ ටිකට්පත් මිලදී ගැනිමෙන් වැළකින්නේ කෙසේද?

ඔබේ ප‍්‍රියතම විවිධ ප‍්‍රසංගයකට, ක‍්‍රිඩා උත්සවයකට හෝ විශාල උත්සවයකට සහාභාගී විමට තිබියදී ඔබ මිලදී ගෙන ඇති ටිකට්පත ව්‍යාජ එකක් බව දැනගත් විට ඔබට දැණෙනුයේ මහත් කනස්සල්ලකි. අන්තර් ජාලය මගින් මේ සඳහා මිනිසුන්ට ඉතා හොඳ ගණුදෙණුවක් විවෘත කර දෙන අතරම එහිදී ද යම් අකටයුතුකම් සිදු නොවෙනවා නොවේ. ඔබ ටිකට්පතක් මිලදී ගෙන ඇතුල්වීමේ දොරටුවෙන් යාමට නොහැකි වු විටක විශේෂයෙන්ම විශාල මිලක් ගෙවා මිලදී ගෙන ඇති විට එම පුද්ගලයා තුල විශාල අපහසුතාවයකට පත් වේ.

වාසනාවන්ත ලෙස එලෙස ඔබේ ප‍්‍රියතම විවිධ ප‍්‍රසංගයට හෝ ක‍්‍රිඩා උත්සවය නැරඹීම සඳහා ගනු ලබන ටිකට්පත ව්‍යාජ එකක් නොවී වළක්වා ගැනීමට ඔබට කළ හැකි දේ තිබේ. එම අත්වැරැුද්ද ම`ගහරවා ගැනීමට ඔබ විසින් අනුගමනය කළ යුතු උපක‍්‍රමයන් පහත වේ.

දිනය සහ වේලාව පරික්ෂා කර බලන්න
සමහර අවස්ථාවන් වලදී මෙම අත්වැරැුද්ද ඉතා පැහැදිලි ලෙස පෙන්නුම් කරණුයේ මිනිසුන් විසින් නිසි පරික්ෂණයට ලක් නොකිරිමයි. එම නිසා ඔබ විසින් පළමුවෙන් කළ යුත්තේ ඔබ විසින් මිලදී ගත් ටිකටිපතේ විවිධ ප‍්‍රසංගයට අදාල නියමාකාර දිනය සහ වේලාව සනිටුහන් කර ඇද්දැයි පරික්ෂා කිරිමය. බොහෝ විට මෙම නොදැක තිබිමේ අත්වැරැුද්ද අවසානයේ ඔවුන් විසින් පසක් කර ගත් විට එය කෙතරම් සුළු ලෙස ම`ගහරවා ගන්නට තිබුණාදැයි මිනිසුන් විසින් තේරුම් ගනු ලබයි. බොහෝ අවස්ථාවන් වලදී ව්‍යාජ ටිකට්පත් වල නිවැරදි දිනය සහ කාළය පෙන්නුම් නොකරන අතර මෙවැනි තොරතුරු පහසුවෙන් හඳුනා ගැනීමට පිළිවන.
ඔබට හරියටම ප‍්‍රසංගය පවතින දිනය පිළිබඳ විශ්වාසයක් නොමැතිනම් ඔබ ටිකට්පතක් මිලදී ගැනීමට යාමට පෙර එය ස්ථිර ලෙස දැන ගෙන සිටින්න. ඔබට නිවැරදි ටිකට්පත මිලදී ගැනීමේ ක‍්‍රියාවලියේදී හෝ ටිකට්පත මිලදී ගැනිම සඳහ අයෙකු මුණ ගැසුණු අවස්ථාවේදී, ඔබේ කාළය ගෙන ස්මාට්ජංගම දුරකථනය මගින් ප‍්‍රසංගයේ විස්තර දැන ගන්න. එම අවස්ථාවේ ටිකට් විකුණුම්කරු විසින් ඔබට හදිසි කිරිමක් හෝ මිලදී ගැනීම සඳහා ඉක්මන් කිරිමක් සිදු කරයි නම් හොඳින් මතක තබා ගන්න ඔබට එපා යැයි කීමට අයිතියක් ඇත. අවසානයේදී ඔවුන් මෙතරම් ඔබව හදිසි කරනුයේ එය ව්‍යාජ ටිකට්පතක් නිසාම විය හැකිය.

අක්ෂර වින්‍යාස හෝ ව්‍යාකරණ දෝෂ පරික්ෂාවට බඳුන් කරන්න
ක‍්‍රිඩා හෝ විවිධ ප‍්‍රසංග ටිකට්පත් වල දැකිය හැකි තවත් එක් අත්වැරැුද්දක් නම් අක්ෂර වින්‍යාස හෝ ව්‍යාකරණ දෝෂයන්ය. සත්‍ය සංසිද්ධිය නම් ටිකට් ආයතනයන් විසින් දැඩි කැපවීමකින් අනර්ඝ ටිකට්පතක් ඔබට ලබා දීමට උත්සහා කරයි. එසේනම් ඔවුන් අතින් මෙවැනි අක්ෂර වින්‍යාස හෝ ව්‍යාකරණ දෝෂයන් සිදු වී තිබිමට නොහැකිය. ඔබට එවැනි දෝෂයන් ටිකට්පතෙහි දැකීමට හැකි වේ නම් එය අනිවාර්යෙන්ම ව්‍යාජ ටිකට්පතක් වේ.

මෙවැනි අක්ෂර වින්‍යාස සහ ව්‍යාකාර දෝෂ සඳහා ඔබ විසින් පළමුවෙන්ම බැලිය යුතු වන්නේ විවිධ ප‍්‍රසංගයේ නාමයෙහිය. එහිදී සංගීතඥයන්ගේ හෝ ක‍්‍රිඩා කණ්ඩායමේ නාමය නිසි පරිදි සඳහන් කර තිබිය යුතුය. එසේ නොමැති වියක ඔබ විසින් සැළකිලිමත් විය යුතු කාරණා වේ. එවැනි දෝෂයක් සොයා ගත හැකි තවත් ස්ථානයක් වන දිනය සහ වේලාව හෝ ටිකට්පත් විකුණන ආයතන ලැයිස්තුවේ නාමයන්ය.

නැවතත් නිත්‍යානුකූල ආයතනයන් හී එසේ යම් ව්‍යාකාරණ හෝ අක්ෂර වින්‍යාසික දෝෂ වේ නම් ඔවුන් විසින් එය පෙනෙන්නට දක්වා තබෙනු ඇත. කෙසේ වෙතත් එලෙස යම් අයෙකු විසින් ව්‍යාජ ටිකට්පත් විකුණයි නම් සැළකීමට බඳුන් කිරිම සඳහා කාළයක් ලබා නොදෙනු ඇත.

හොලෝග‍්‍රෑමය සහ බාර් කෝඩය පරික්ෂා කර බලන්න
බොහෝ ටිකට්පත්වල යම් භෞතික මුලිකාංගයන් නිසි පරිදි දැකීමට තිබේ. නිදසුනක් ලෙස සමහර ටිකට්පත් වල විකුණුම් ආයතනයේ හෝ ප‍්‍රසංගය පවත්ව ස්ථානයේ හොලෝග‍්‍රෑමයක් දක්නට පිළිවන. මෙ සෑම ටිකට්පතකම දක්නට නොලැබුණද අද දවසේ බහුල වශයෙන් මෙම හොලෝග‍්‍රෑම් ක‍්‍රමය භාවිතා කරනුයේ ව්‍යාජ ටිකට් පත් අලෙවිය වැළැක්වීම සඳහාය. එලෙස හොලෝග‍්‍රෑම් ක‍්‍රමය ඔබ මිලදී ගන්නා ටිකට්ලතේ සඳහන්ව නැතිනම් ටිකට්පත් මිලදී ගැනීම සඳහා ඉක්මන් නොවන්න.

එලෙස ටිකට්පතේ හොලෝග‍්‍රෑමයක් සටහන් කර නැතිනම් අනිවාර්යෙන්ම බාර් කොඞ් කේතකයක් සටහන් කළ තිබිය යුතුය. බාර් කොඞ් කේතකය මගින් ඔබට ප‍්‍රසංගයට ඇතුල් වීම සඳහා පහසුකම් සලසන ක‍්‍රියාකාරිත්වය වන අතර මේ එකක්වත් නොමැති නම් එහි ගැටළුකාරි තත්වයක් ඇති බව වටහා ගන්න. එසේ හොලෝග‍්‍රෑමයක් හෝ බාර් කොඞ් කේතකයක් ඔබේ ටිකට්පතේ නැති නම් මිලදී ගැනීම මදකට නතර කර ඒ පිළිබඳව විපරම් කර බලන්න.

දුරකථන අංකයන් සත්‍යදැයි බලන්න
සියලූම ටිකට්පත් වල දුරකථන අංකයන් සඳහන් කර ඇති අතර එමගින් සේවකදායකින් සඳහා සේවා සැපයීම සිදු කරයි. ටිකට්පතේ දුරකථන අංකයක් සටහන් කර නොමැති අවස්ථාවන් මගින් කියවෙනුයේ යම් අත්වැරැුද්දක් සිදු වී ඇති බවයි. කෙසේ වෙතත් එහි දුරකථන අංකයක් සඳහන් කර ඇත්න් ඔබට අන්තර් ජාලයේ සඳහන් කර ඇති ආයතනයේ දුර කථන අංකයන් සම`ග සසදා බැලීමක් සිදු කළ හැකිය. එසේ එම දුරකථන අංක දෙක ගැලපේ නම් එය වලංගු ටිකට්පතක් පවට ඉ`ගියක් ලබා දෙයි. හදිසියේම ඔබේ ටිකට්ප මිලදී ගැනීමට වඩා ටිකට්පතේ සඳහන් කර ඇති අංකයට ඇමතුමක් දී සහතික ලෙසම තහවුර කර ගැනිමද හොඳ ක‍්‍රියාවකි. එම අවස්ථාවේදි ඔවුන්ගෙන් ඔබේ ටිකට් පතේ අංකය සඳහන් කර ඔබේ ආසන පේළිය පිළිබඳ විමසා සිටින්න. එවිට ඔවුන් විසින් වැඩිදුර විස්තර ඔබට ලබාදෙනුයේ එම ටිකට්පතේ වලංගුභාවය සනිටුහන් කරමිනි.

විකුණුම්කරුගෙන් සහතික කිරිමක් ලබා ගන්න.
යම් කිසි අයෙකු අන්තර් ජාලය මගින් හෝ ප‍්‍රවේශපත‍්‍ර කාර්යාලයකින් ටිකට්පතක් මිලදී ගත් විට එම මිලදී ගැනිමට අනුරූපව සහතික කිරිමක් ඔවුනට ලැබෙයි. එම නිසා යම් අයෙක- ශ‍්‍රි ලංකාව තුලදී ටිකට්පතක් මිලදී ගැනිමේදී විකුණුම්කරුගෙන් එම සහතික කිරිම ඉල්ලා සිටිය හැකිය. එවිට ඔවුන් විසින් එසේ සහතික කිරිමක් කැතැයි හෝ ඒ සම`ග සහතික කිරිමක් පැමිණ නැතැයි පැවසුවහොත් සැළකීමට බඳුන් කිරිමේ කරුණක් එතැන ඇත. එලෙස ඔවුන් ල`ග සහතික කිරිමේ කේතය ඇතිනම් එය ඔබේ වැඩිදුර තහවුරු කිරිමේ දුරකථන ඇමතුමේදී සම්පුරිණ විස්තරය ලබා ගැනීමට ප‍්‍රයෝජනය වේ.

ඉහත සඳහන් කළ පරිදි ඕනෑම තැනකදී ඔබ ටිකට්පතක් මිලදී ගැනීමේදී විකුණුම්කරු විසින් ඔබව හදිසි කිරිමකට හෝ මිලදී ගැනීම ඉක්මන් කිරිමක් සිදු වුවහොත් ඔබ එම මිලදී ගැනිම පසෙක ලා ඉවත්ව යෑමට හැකිය. සමාන්‍යයෙන් මෙවැනි අවස්ථාවයන් කියාපානුයේ ඔවුනට ස`ගවන්නට දෙයක් ඇතැයි කියාය, සහ ඔබ ප‍්‍රිය කරනම ප‍්‍රසංගය හෝ ක‍්‍රිඩා උත්සවය නැරඹීම සඳහා වෙනත් ස්ථානයකින් ටිකට්පතක් මිලදී ගැනීම සිදු කරන්න.

Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Back to top button
Close
Close